රොෂාන් රණසිංහ සමග පැවැති මත ගැටුම අවසන් බව ඒකාබද්ධය කියයි - දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7

Breaking

Home Top Ad

Post Top Ad

Thursday, July 20, 2017

රොෂාන් රණසිංහ සමග පැවැති මත ගැටුම අවසන් බව ඒකාබද්ධය කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා විසින් ඇති කරගෙන තිබූ මත ගැටුම නිවැරදි කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (20) ප්‍රකාශ කළා.

මේ වන විට ජපානයේ සංචාරයක යෙදෙන රණසිංහ මහතා ඉදිරි පැය 48 ඇතුළතදී දිවයිනට පැමිණ සත්‍ය තත්ත්වය පැහැදිලි කරනු ඇති බවත්, මෙම සිද්ධිය උපයෝගී කරගනිමින් ඒකාබද්ධ විපක්ෂයේ බෙදීමක් ඇතැයි පැවසීමට ඇතැම් පිරිස් උත්සාහ කරන බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

බොරැල්ල ඇන්.ඇම්.පෙර්රා කේන්ද්‍රෙය් පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය වසර දෙකක කාලය තුළදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් 10 දෙනෙකු ආණ්ඩුවට එකතුවන බවට පුවත්පත්වල ප්‍රධාන ප්‍රවෘත්ති 09ක් සහ කුඩා ප්‍රවෘත්ති 63ක් පළකර තිබුණද මේ දක්වා එවැනි දෙයක් සිදු නොවූ බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad