සුන්දර දඟකාරියක් ලෙස රංගනයට පිවිසි චතුරිකා පීරිස් මේ වන විට පරිණත රංගන ශිල්පි‚යක්. මෑත කාලීනව පෞද්ගලික ජීවිතයේ විවිධ හැලහැප්පීම් රැසකට ඇය ම...
1. චතුරිකාගේ වයස කීයද - 36 යි
2. ජීවිතයේ අමතක නොවන සිදුවීම - 2005 අවුරුද්දෙදි සුසිල නිෂ්පාදන ආයතනයේදී ගයාන්ව මුලින්ම මුණගැහුණ සිදුවීම
3. චතුරිකාගේ ජීවිතේ ඉගෙනගත්ත වැදගත්ම පාඩම - ඕනවට වඩා ඕනම කෙනෙක්ව ඕනෙම නෑ. විශේෂයෙන්ම මිතුරන් මිතුරියන් වගේ තමන්ගේ නොවන පිට අයව.
4. චතුරිකා කැමතිම පිරිමි චරිත 3 - තාත්තා, ගයාන්, රිචඩ් ගෙයර්
5. කැමතිම ගැහැණු චරිත 3 - අම්මා, මාලනී ෆොන්සේකා, ජෙනිෆර් ලෝපේස්
6. අතීතයට ගිහිල්ලා ජීවිතේ වැරදුන තැනක් හදාගන්න අවස්ථාවක් ලැබුනොත් මොකද්ද හදාගන්න තැන - 2004/2005 කාලෙදි මගේ පෞද්ගලික ජීවිතේ ලොකු වැරදීමක් වුනා. ඒක ගැන හැමෝම දන්නවා. මම ඒ වැරැද්ද නිවැරදි කරගන්නවා.
7. චතුරිකාගෙන් පස්සෙ අපේ රංගන ක්ෂේත්‍රයට හොඳ නිළියන් බිහි වුනා නම්, ඒ කවුද? හිමාලි සයුරංගි, සමනළී ෆොන්සේකා
8. ඉරාජ් ප්‍රඩක්ෂන් එකෙන් නිෂ්පාදනය කරපු වස්සාන හීනේ මියුසික් වීඩියෝ එකේ ප්‍රධාන නිරූපිකාව විදිහට ඔබට ආරාධනා කළා නම් ඔබ ඒකෙ රඟපානවද? ඉරාජ් කරපු ඒ වීඩියෝ එක මගේ ටයිප් එකේ වීඩියෝ එකක් නෙමෙයි.
9. එහෙනම් මොකද්ද ඔයාගේ ටයිප් එක ? මිනිස්සුන්ට සරලව තේරුම් ගන්න පුළුවන් සහ පවුලේ සැමට බලන්න පුළුවන් චරිත තමයි මගේ ටයිප් එක.
10. සමන්ත භද්‍ර හාමුදුරුවො ගැන චතුරිකාගේ අදහස මොකද්ද? විශේෂ අදහසක් නෑ.
11. ඒ හාමුදුරුවෝ රහත් වෙලා කියලා ඔයා පිළිගන්නවද? මම ඒ ගැන හරියටම දන්නෙ නෑ.
12. මේ අය ගැන කෙටියෙන් කියන්න -
ජැක්සන් ඇන්තනී - ඉතා හොඳ අධ්‍යක්ෂවරයෙන් සහ අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් ගුරුවරයෙක්.
ඉ. මෛත්‍රිපාල සිරිසේන - හොඳ නායකයෙක් වෙන්න තාමත් පරක්කු වැඩි නෑ.
ජ. ගයාන් වික්‍රමතිලක - මගේ ජීවිතේ නැතුවම බැරි කෙනා.
රොෂාන් පිලපිටිය - කිසිම ආත්මෙකදි මුණනොගැසේවා.
13. දවසකට පිරිමියෙක් වෙන්න අවස්ථාවක් ලැබුනොත් මොකද කරන්නෙ? ඊළඟ දවස වෙනකම් ගෙදරට වෙලා ඉන්නවා.
14. අනාගත බලාපොරොත්තුව - හොඳ කාන්තාවක්, හොඳ බිරිඳක්, හොඳ රංගන ශිල්පි‚යක් සහ හොඳ පුරවැසියෙක් විදිහට ජීවත් වෙන එක.
COMMENTS