මේ අතර මේ සයිටම් ප්‍රශ්නය පිළිබඳ තවදුරටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ කතාකිරීම අනවශ්‍ය බව කැබිනට් මණ්ඩලයම අනුමත කළ බවද හෙතෙම සඳහන් ...
මේ අතර මේ සයිටම් ප්‍රශ්නය පිළිබඳ තවදුරටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ කතාකිරීම අනවශ්‍ය බව කැබිනට් මණ්ඩලයම අනුමත කළ බවද හෙතෙම සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ තවදුරටත් ප්‍රශ්න ඇති නොවන අයුරින් සයිටම් ප්‍රශ්නය විසඳා ගතයුතු අතර සයිටම්හි අයිතිය පුළුල් කිරීම සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳ තීරණය කළ යුතු බවයි.
එමෙන්ම මේ දිනවල කතා බහට ලක්ව ඇති උමා ඔය ව්‍යාපෘතිය නිසා ඇතිව තිබෙන ගැටළු පිළිබඳ සොයා බලා ඊට අවශ්‍ය පිළියම් යෙදීම සඳහා ඇමති අනු කමිටුවක් පත් කළ බව දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය. මහින්ද අමරවීර, චම්පික රණවක සහ විජිත් විජයමුණි සොයිසා යන ඇමතිවරුන් එම අනුකමිටුව සඳහා පත්කර ඇති අමාත්‍යවරයා පැවසුවේ.
කෙසේ වෙතත් දැන් මෙම ව්‍යාපෘතිය නැවැත්විය නොහැකි තත්ත්වයක පවතින හෙයින් ඉදිරි කටයුතු කෙරෙන ආකාරය පිළිබඳව ජනතාව සමඟද සකාච්ජා කරන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
ආශිකා බ්‍රාහ්මණ
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=rYQswhhKya8&feature=youtu.be[/youtube]
COMMENTS