මේ වන විට රජය අය කරන බදුවලින් සියයට 80ක් වක්‍ර බදුවන බවත් ඉතිරි සියයට 20 සෘජු බදු වන්නේ යැයි කී අමාත්‍යවරයා සෘජු බදු 40% දක්වා ඉහළ නැංවීම...
මේ වන විට රජය අය කරන බදුවලින් සියයට 80ක් වක්‍ර බදුවන බවත් ඉතිරි සියයට 20 සෘජු බදු වන්නේ යැයි කී අමාත්‍යවරයා සෘජු බදු 40% දක්වා ඉහළ නැංවීමට ද වක්‍ර බදු 60% දක්වා පහත දැමීමට ඉදිරියේදි කටයුතු කරන බව කීවේය.
ඒ තුළින් ඉහළ ආදායම් ලබන ධනවතුන්ගෙන් වැඩි බදු මුදලක් අය කොට සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන භාණ්ඩ හා සේවා සදහා අඩු බදු මුදලක් පනවන බව මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ බැහැ දකිමින් ඊයේ (24) අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
ජනතාවට සහන ලබාදීම සදහා රජය හැකි සෑම අයුරකින්ම කටයුතු කරන බවත් ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 17ක් පාලන මිල යටතේ ක්‍රියාත්මක වන බව ද කී අමාත්‍යවරයා මෙසේ පැවසීය.
රටතුළ ප්‍රජාතන්තවාදය, සංහිදියාව හා සංවර්ධනය සිදුවිය යුතුයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ කරුණු ඉටු කිරීම සදහා නව රජය තුළින් ප්‍රතිඥා ලබා දුන්නා. ඒ අනුව කඩිනමින් එම පියවර අනුගමනය කරනවා. ලෝකයේ හුදකලාවූ රටක් වන අපට ලොව තුළ අපට හිමි වරප්‍රසාද ලබා ගත හැකිවුණේ නව පාලනය නිසයි.
ධීවර කර්මාන්තයෙන් අපට අහිමිවූ සහනය යළි ලබා ගැනීමට හැකිවුණා. යුරෝපා වෙළද පොලේ ජී.එස්.පී. බදු සහනය ලැබුණේත් වත්මන් රජයේ ක්‍රියාකලාපය නිසයි. චීනය, සිංගප්පූරුව, ඉන්දියාව වැනි රටවල් සමග අපට නව නිදහස් වෙළද ගිවිසුම් ඇති කර ගැනීමට හැකිවුණා. සිංගප්පුරුවේ අග්‍රාමාත්‍යවරයා මෙම වර්ෂය අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සීඝ්‍රයෙන් දියුණු කිරීමට නම් අපට විදෙස් ආයෝජන ඇති කළ යුතුයි. ඉදිරි වර්ෂයේදී එළැඹෙන ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් වර්ෂයේදි ලංකාව අලුත් ගමනක් කරා යොමු කළ හැකියි.
අද මෙරට මත්පැන් භාවිත කරන්නන්ගෙන් 60%ක් ම භාවිත කරන්නේ ප්‍රමිතියෙන් තොර මත්පැන්. ඒ නිසා ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සලකාබලා මත්පැන් සදහා යම් ප්‍රමිතියක් ගෙන ඒමට පියවර ගන්නා බව අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.
මේ අවස්ථාව සදහා අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා ඇතුලු පිරිසක් එක්විය.
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=eQXyUgXXnyo&feature=youtu.be[/youtube]
....
COMMENTS