තරගය පැවැත්වෙන්නේ රෝහිත් ෂර්මාගේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා ස්ටීවන් ස්මිත්ගේ රයිසින් පූනේ සුපර්ජේන්ට් කණ්ඩායම අතරයි. මුම්බායි කණ්...
තරගය පැවැත්වෙන්නේ රෝහිත් ෂර්මාගේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා ස්ටීවන් ස්මිත්ගේ රයිසින් පූනේ සුපර්ජේන්ට් කණ්ඩායම අතරයි.
මුම්බායි කණ්ඩායම තරගාවලියේ පළමු වටයේදී මුහුණ දුන් තරග 14 න් 10 ක් ජයගැනීමට සමත් වූ අතර ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පත්විය. සිය තරග 14 න් 9 ක් ජයගැනීමට පූනේ කණ්ඩායම සමත් විය.
පළමු වටයේදී කණ්ඩායම් දෙක අතර පැවති තරග දෙකෙන්ම ජයගැනීමට පූනේ කණ්ඩායම සමත් වූ අතර ඒ නිසා මෙම තරගයේද වැඩි වාසි පූනේ කණ්ඩායමට හිමි වේ. කෙසේ වුවද පළමු වටයේදී මුම්බායිහිදී අත් වූ පරාජයේ වාඩුව ගැනීමට මුම්බායි කණ්ඩායම ද ප්‍රබල සටනක් දියත් කරනු ඇත.
පැවති තරගාවලි 9 තුළ මුම්බායි කණ්ඩායම අවසන් වටයේ තරග 10 ක් ක්‍රීඩා කර ඇති අතර පූනේ කණ්ඩායම අවසන් වටයට සහභාගි වන පළමු අවස්ථාව මෙයයි.
පූනේ කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වූ බෙන් ස්ටෝක්ස් නොමැතිව ක්‍රීඩා කිරීමට ස්මිත් ප්‍රමුඛ ක්‍රීඩකයන්ට සිදුවන අතර එය කණ්ඩායමට ප්‍රබල පාඩුවකි.
තරගාවලියේ ස්වභාවය අනුව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක දිනාගන්නා කණ්ඩායම්වල අවසන් වටයේදී දෙවැනි අවස්ථාවක් ද හිමිවන අතර ඒ අනුව මෙම තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායමට අවසන් තරගයට සුදුසුකම් ලැබීමට තවත් තරගයක් හිමිවේ.
COMMENTS