බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මේ මස 31 දාට පෙර ලබාදීමට කටයුතු කරන බව එහි ලේකම් සුමතිපාල ...
බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මේ මස 31 දාට පෙර ලබාදීමට කටයුතු කරන බව එහි ලේකම් සුමතිපාල උඩුගමසූරිය මහතා ප්‍රකාශ කළේය.
එම වාර්තාව මේ වන විට සකස් කරමින් පවතින බවත් එය 31දාට පෙර ලබා දීමට කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
බැඳුම්කර කොමිසමේදී හෙළි දරව් වූ කරුණු හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් එහි චූදිතයින් බවට පත්වී ඇති නිසා තවදුරටත් ආණ්ඩුවේ සිටීම සුදුසු නොවන බව වත්මන් ආණ්ඩුවේ ඇමැති ධූර දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු අවස්ථා කිහිපයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී තිබිණි. ඔවුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීමට උත්සාහ ගත් අවස්ථාවේදී දෙසැම්බර් 31 වනදා තෙක් ඉවසීමෙන් සිටින්නැයි ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබිණි.
ඒ අනූව බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයාට ලබා දීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂය සමග තවදුරටත් ආණ්ඩු කරන්නේද යන්න පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණයක් ගනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුද ප්‍රධාන පක්ෂ දෙකේ ගිවිසුම අවසන් බැවින් වෙනම ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බලපෑම් කරන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS