ගම් මට්ටමෙන් අළුත් කණ්ඩායමක් යොදා ගෙන පක්ෂය ඉදිරියට මෙහෙය විය යුතු කාලය එළඹි ඇති බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (22) ශ්‍රී ලංකා නිදහස්...
ගම් මට්ටමෙන් අළුත් කණ්ඩායමක් යොදා ගෙන පක්ෂය ඉදිරියට මෙහෙය විය යුතු කාලය එළඹි ඇති බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (22) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය. හැමදාම පරණ කණ්ඩායමෙන්ම පක්ෂයක් ඉදිරියට ගෙන යාම කළ නොහැකි අතර ශ්‍රීලනිපයේ වත්මන් නායකත්වය එය තේරුම් ගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. රනිල් වික්‍රමසිංහ මහතා අවුරුදු 23ක් එජාප නායකත්වය දරන විට මේ වන විට ශ්‍රීලනිපය තුළ වසර දහයෙන් දහයට පක්ෂය තුළ නව නායකයන් බිහිවන බව ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
පක්ෂ දෙකක් එකතුකරගෙන වත්මන් ජනාධිපතිවරයා ආණ්ඩුව ඉදිරියට ගෙන යාම තුලින් ශ්‍රීලනිප නායකත්වයේ ශක්තිය තේරුම් ගත හැකි බව හෙතෙම පෙන්වා දුන්නේය. වෙනස් මතවාදයන් සමඟ ආණ්ඩුව ඉදිරියට ගෙන යාමම අභියෝගයක් බවයි ඔහු කියා සිටියේ. ඒ අනුව මේ රට තවදුරටත් ඉදිරියට ගෙනයාමට අවශ්‍ය නම්, දේශීය සම්පත් විකිණීම නැවතීමට වුවමනා නම්,ජාතික ගැටළුවට විසඳුමක් සොයා ගැනීමට අවශ්‍ය නම්,එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කළ යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.
-නිශාන්ත ප්‍රියදර්ශන (LNW)
COMMENTS