දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හිටපු දකුණු කොරියානු ජනපතිනිය සිරකුටියෙන් උසාවියට නඩු විභාගය ඇරඹෙයි.
Homeවිශේෂ පුවත්

හිටපු දකුණු කොරියානු ජනපතිනිය සිරකුටියෙන් උසාවියට නඩු විභාගය ඇරඹෙයි.

PropellerAds

බන්ධනාගාර වෑන් රියක නංවාගත් ඇය, දෑතට දැමූ මාංචු සහිතව අධිකරණ ශාලාවට ගෙන එන අයුරු අද දිනයේ ජාත්‍යන්තර මාධ්‍යවල ශීර්ෂ පාඨ මැව්වේය. මාර්තු ම...

කසළ කළමනාකරණයට සමස්ත සමාජයේ මැදිහත්වීමක් අවශ්‍යයි - ලයනල් බෝපගේ
වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය නිකුත් කරයි
පාසල් වැසීමේ ක්‍රිදාමය දිගටම - ලංකා ගුරු සංගමය
හිටපු දකුණු කොරියානු ජනපතිනිය සිරකුටියෙන් උසාවියට නඩු විභාගය ඇරඹෙයි.
බන්ධනාගාර වෑන් රියක නංවාගත් ඇය, දෑතට දැමූ මාංචු සහිතව අධිකරණ ශාලාවට ගෙන එන අයුරු අද දිනයේ ජාත්‍යන්තර මාධ්‍යවල ශීර්ෂ පාඨ මැව්වේය. මාර්තු මාසයේ බන්ධනාගාර ගතවීමෙන් පසු ඇය බාහිර ලෝකය දකින ප‍්‍රථම අවස්ථාව මෙයයි.  

අල්ලස (පගාව), රාජ්‍ය බලය අයුතු ලෙස පරිහරණය කිරීම සහ රාජ්‍ය රහස් පිටකිරීම යන චෝදනා යටතේ පැවැත්වෙන මෙම නඩු විභාගය මාධ්‍ය විසින් හඳුන්වන්නේ ‘හිටපු ජනපතිනියට එරෙහි දූෂණ නඩුව’ යනුවෙනි. අල්ලස” පගාව හෝ දූෂණය සම්බන්ධයෙන් වූ මෙම නඩු  විභාගයේදී ඇය වරදකරු වුවහොත් ඇයට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වනු ඇත. කෙසේ නමුත් අද දිනයේදී ඇය අධිකරණය හමුවේ නීතීඥයන්ගේ මාර්ගයෙන් කියා සිටියේ තමන් මෙම චෝදනාවලට නිවැරදිකරු වන බවයි. ඒ අනුව ඇය විසින් වරද පිළිගැනීමක් කරන්නේ නැත. වෙනත් වචනවලින් පවසන්නේ නම් මේ අනුව නඩු විභාගය දිගින් දිගටම පවත්වන්නට සිදුවනවා ඇත.

පාක් යුන්-හෙයිගේ චෝදනා ලැයිස්තුව තුළ නිතර කියැවෙන නමක් වූයේ ඇගේ ළබැඳි මිතුරියක වන චොයි සූන්-සිල් ගේ නමයි. 417 උසාවි ශාලාවේ පැවති නඩු විභාගයේදී ඇය ද පාක් අසලින්ම සිටගෙන සිටින අන්දම දැකගත හැකි විය. පාක් විසින් රාජ්‍ය රහස් ලබාදුන් බව කියන්නේ ඇයට ය. පාක් බලයේ සිටින විට ඇගේ කතා එඩිට් කිරීම හෙවත් සංස්කරණය කිරීම භාරව සිටියේ ද ඇය ය. එපමණක් නොව ඇය විසින් ආණ්ඩුව විවේචනය කරන මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් ඇස ගසා ගෙන සිටි බවත්” එවැනි මාධ්‍යවේදීන්ගේ අසාධු ලැයිස්තුවක් (බ්ලැක් ලිස්ට් එකක්) පවත්වාගෙන ගොස් ඇති බවටත් තොරතුරු ඇත. ඇය ජ්‍යෝතිෂ්‍යය තරයේ විශ්වාස කරන්නියක් වන අතර ඇය විසින් දකුණු කොරියානු නායිකාව නොමග යවන්නට ඇතැයි ද පැවසේ. ඒ කතාවේ ඇත්ත නැත්ත කුමක් වුවත් මේ දෙදෙනා එක්ව සැම්සුන්ග් සමාගම ද ඇතුලු දකුණු කොරියාවේ ප‍්‍රසිද්ධ සමාගම් ගණනාවකින් මුදල් ඩොලර් මිලියන ගණනක් බලයෙන් ලබාගෙන තිබෙන බව කියයි. නීතියේ භාෂාවෙන් කියන්නේ නම් මුදල් ත‍්‍රාසාද්ග‍්‍රහණය කර තිබෙන බව කියයි. ඉතාම සරල ලෙස කියන්නේ නම් ඇය විසින් කප්පම් ගෙන ඇති බව කියයි. අදාළ සමාගම්වලට ඇය විසින් බලපෑම් කර තිබුණේ විවිධ කටයුතු සඳහා මුදල් පරිත්‍යාග කරන ලෙසට ය. නමුත් මෙහිදී පාක්ගේ නීතීඥයන් විසින් තර්ක කර සිටියේ තමන්ට පාවිච්චි කිරීමට නොහැකි මුදල්” පරිත්‍යාග කරන ලෙසට පාක් විසින් සමාගම්වලට බලපෑම් කරන්නේ මන්ද? යන කාරණයයි. අනෙක් අතට මෙකිී සමාගම් විසින් තමන් කළ පරිත්‍යාගවලට අදාළව රජයෙන් විශේෂ වරදාන ලබාගන්නට ඇති බවට ද මතයක් තිබේ. කෙසේ නමුත් මේ මේ ඡේදයේ කියැවෙන සියලු කාරණා, අධිකරණමය කි‍්‍රයාමාර්ගයක් තුළින් සත්‍ය බවට තහවුරු කළ යුතුය.

සැම්සුන්ග් සමාගමේ වැඩබලන ප‍්‍රධානියා වන ලී ජේ යොන්ග් ද මෙම නඩුවිභාගයට පැමිණ සිටියේ හිරේ සිට ය. පාක්ගේ රජය සමග අයථා මුදල් ගනුදෙනුවල නිරත වූ බව කියන්නේ ඔහු ය.

ජනපති මැදුරේ සිට සිරකුටියට ගිය ඇයගෙන් අධිකරණයේදී මෙසේ විමසනු ලැබීය.

‘‘ඔබේ රස්සාව මොකක්ද?’’

‘‘රස්සාවක් නැහැ’’ යැයි ඇය එවිට කීවාය!!

පාක් හැඳ සිටියේ බන්ධනාගාරයේදී ඇයට ලැබෙන අළු පැහැති නිල ඇඳුම නොවේ. කළු පැහැති ඇඳුමකි. නමුත් ඒ ඇඳුම මත ලාංඡුනයකි. ඒ ලාංඡුනය මත 503 ඉලක්කම සඳහන් කර තිබේ. එය වනාහී ඇගේ ‘සිරකරු අංකය’යි.

පාක්ගේ චෝදනා ලැයිස්තුව බරපතළ මදිවාට එය ඉතා දිගු ය. එහි චෝදනා 18 ක් සඳහන් ය. දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරන අන්දමට එම චෝදනා ලැයිස්තුව පිටු එක්ලක්ෂ විසි දහසක් (120,000) දිගු ය.

හිටපු දකුණු කොරියානු නායිකාවගේ නඩු විභාගය අවසන් වීමට නිසැක වශයෙන්ම මාස ගණනාවක් ගත වනු ඇත. ඒ මුළු කාලය තුළම,නොඑසේ නම් ‘‘නඩු විභාගය අවසන් වන තෙක්ම’’ ඇයට මෙම බන්ධනාගාර සිරකුටියේ රැඳී සිටීමට සිදුවනු ඇත. ඉතින් මේ බන්ධනාගාර ලංකාවේ හිරගෙවල් වගේ හෙම නොවේ. බන්ධනාගාර රෝහල් වාට්ටු යනාදිය මේවායේ කිසිසේත්ම නැත. එනිසා ඇය මේ මාස ගණනාවම ඉතා පැහැදිලිව එම සිරකුටියේ කල් ගත කරනවා ඇත. උපවාස හෙම නොකරනවා ඇත. ඒ තිරපිටපත් මෙන්ම තිරනාටක ද දකුණු කොරියානු දේශපාලනයේ ඉතා දුලබ නිසා ය. ඇය මරණාසන්න උපවාසයේ නිරත වන මතු යම් දිනයක් වේ නම් එදාට ඇය සමීපයට විත් ඇගේ කටට වතුර වත්කරන්නට අප්පච්චී කෙනෙක් නැති බව ඇය දන්නා නිසා ය.

මේ සිටින්නේ දූෂණ චෝදනාවට ලක්වූ සහ ප‍්‍රජානත්ත‍්‍රවාදී ලෙස ජනතා ඡුන්දයෙන් පත්වූ ප‍්‍රථම දකුණු කොරියානු නායකයා ය. එනයින් එය දකුණු කොරියානු ප‍්‍රජතන්ත‍්‍රවාදයේ පරාජයක් ද වන්නේය. නමුත් මේ එම ඉරණමට මුහුණ දුන් ප‍්‍රථම දකුණු කොරියානු නායකයා හෙම නොවේ. උදාහරණයක් ලෙස, 2009 වසරේදී හිටපු දකුණු කොරියානු ජනපති රෝ මුන් යුන් සිය නිවසට පිටුපසින් තිබූ හෙළෙන් පැන සියදිවි නසාගත්තේ තම පරිගණකය මත සුයිසයිඩ් නෝට් එකක් තබා ය. ‘‘මා නිසා බොහෝ දෙනෙක් විඳවනවා’’ යැයි එහි සටහන් වී තිබිණි. ඒ වන විට ඔහු ද දූෂණ චෝදනාවලට ලක්ව සිටි අතර පොලිසිය ඒ ගැන විමර්ශනය කරමින් සිටියේය. ඔහු සියදිවි නසාගත් බව අසා මිලියන 4 ක් දෙනා ඒ හෙළ අසලට රොක් වූහ. අද පාක් යූන් හයි පත්ව සිටින තත්වයට, එනම් නඩු විභාගයකට මුහුණ දෙන්නට ඔහුට සිතේ දිරියක් තිබුණේ නැත. එය දරාගන්නට ඔහුට හැකි වුණේ නැත. ඒ අතින් ගත් කල මේ සිටින්නේ හිත හයිය ගැහැනියකි. ඇය, හිරගෙදරින් ලබාදුන් කොණ්ඩා කූරක් ද පැළඳගෙන, තීන්දුව ලැබෙන තෙක් ඉරණම අබිමුවේ සිටින්නීය.

-කි‍්‍රෂාන්ති රාජපක්ෂ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29430,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිටපු දකුණු කොරියානු ජනපතිනිය සිරකුටියෙන් උසාවියට නඩු විභාගය ඇරඹෙයි.
හිටපු දකුණු කොරියානු ජනපතිනිය සිරකුටියෙන් උසාවියට නඩු විභාගය ඇරඹෙයි.
http://ift.tt/2qRSsCB
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_204.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_204.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy