පාර්ලිමේන්තුව ලිප්ටන් වටරවුම නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් දැනගත යුතු බවද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර ...
පාර්ලිමේන්තුව ලිප්ටන් වටරවුම නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් දැනගත යුතු බවද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
'ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය උචිත නැහැ. ඔවුන් සිතාගෙන සිටින්නේ පාර්ලිමේන්තුව ලිප්ටන් වටරවුම කියලයි. ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ගැන කතාකරන්න පුළුවන් අය නැහැ. ජනතාවගේ මුදල් සූරා කෑ පිරිසක් තමයි ඒකාබද්ධ විපක්ෂයේ සිටින්නේ. ඇතැම් අය දේශපාලනයේ අ යන්න කියන්නවත් දන්නේ නැහැ. කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නොමැති පුද්ගලයින් ද එහි සිටිනවා.'
'යහපාලන රජයේ සංක්‍රාන්ති සමය මේ වනවිට ගෙවී යනවා. ඉන් පසු ශක්තිමත් බලවේගයක් ලෙස 2020 පැවැත්වෙන මැතිවරණයට ඉදිරිපත් වෙනවා. රාජපක්ෂවරුන්ගේ නිරුවත අගෝස්තු මාසය වනවිට මේ රටේ ජනතාවට දැකබලා ගන්න පුළුවන්. දේශපාලන ක්ෂේත්‍රයේ මම ප්‍රකාශ කළ අනාවැකි නිවැරදි වී තිබෙනවා.'
COMMENTS