විඳපු දුක් හැලියෙන් පෙරාගත් කඳුලූ ලූණු රහ ඇඹුල කවි ඇත... ක්ෂණික රාගී මොහොතවල් වල සුරතාන්තය විඳපු කවි ඇත... හැබෑ නොවෙනා හීන යායක පුරන...
විඳපු දුක් හැලියෙන් පෙරාගත්
කඳුලූ ලූණු රහ ඇඹුල කවි ඇත...
ක්ෂණික රාගී මොහොතවල් වල
සුරතාන්තය විඳපු කවි ඇත...
හැබෑ නොවෙනා හීන යායක
පුරන් වී ගිය සුසුම් කවි ඇත...
රෑට ඇහෙනා රෑහි ගීයක
තාලෙ අල්ලන පාලූ කවි ඇත...
ලපටි පොදයක සිහිල විඳ විඳ
නිවාඩුවෙ ලියවෙච්චි කවි ඇත...
බස් රියක් තුළ තෙරපි තෙරපී
ටිකට් කොල වල ලියපු කවි ඇත...
පීඩිතව හද වෛර පිළිසිඳ
විමුක්තිය ගැන ලිව්ව කවි ඇත...
රිදුණු පෑගුණු තැලූණු තරමට
අයුක්තිය ගැන ඇඬුන කවි ඇත...
තොටිලි කවියක තාලෙ අල්ලන
මිහිරි සුමිහිරි සුමට කවි ඇත...
මරලතෝනිය හඬින් හ`ඩ ගෑ
කටුක අමිහිරි පරලූ කවි ඇත...
මාස නවයක් විතර දුක් විඳ
යෝනියෙන් බිහි කරපු කවි ඇත...
පිරුණු මුත‍්‍රා බොක්කෙ බර ටික
හදිස්සියෙ පිට කරපු කවි ඇත...
මා අතින් හැම විට ම ලියැවෙන
කවියකින් මා නිවෙනවා ඇත...
එ’කවි පද වල ඇන තියාගෙන
තවත් ගැහැනුන් නිවෙනවා ඇත...
- සුරේඛා සමරසේන
COMMENTS