ගම්වැසියන්ට සාධාරණ මුදලාලි විශ්වාස මෙන්ම සාධාරණ මුදලාලිට ද ගම්වැසියන් කෙරෙහි ඇත්තේ දැඩි විශ්වාසයකි. සාධාරණ ලෙස මේ ව්‍යාපාරය පවත්වාගෙ...
ගම්වැසියන්ට සාධාරණ මුදලාලි විශ්වාස මෙන්ම සාධාරණ මුදලාලිට ද ගම්වැසියන් කෙරෙහි ඇත්තේ දැඩි විශ්වාසයකි.
සාධාරණ ලෙස මේ ව්‍යාපාරය පවත්වාගෙන යන නිසා මෙම ව්‍යාපාරය සාධාරණ ස්ටෝර්ස් නමින් හදුන්වන අතර හේවාවසම් මහතා හඳුන්වනු ලබන්නේ සාධාරණ මුදලාලි නමිනි.
සාධාරන මුදලාලි මෙසේ උපයන මුදලින් කරන පින්කම් ද අසාමාන්‍යය.
ඔහු වෙසක් උත්සවය වෙනුවෙන් වාර්ෂිකව භූමිතෙල් දන්සැලක් පවත්වන්නේ විදුලිය නොමැති ගම්මාන ජනතාව තෝරා ගනිමිනි. මෙවර 18 වන වරට භූමිතෙල් දන්සල පවත්වන ලද්දේ ඉතා දුෂ්කර ගම්මානයක් වන මහියංගණය කුරුවිතැන්න ගම්මානයේ ශ‍්‍රී බොධිරුක්කාරාම විහාරස්ථානයේදීය. මෙවර භූමිතෙල් දන්සලටද ප‍්‍රදේශවාසීන් බොහෝ පිරිසක් වැල නොකැඩී ඇදී ආහ.
ප‍්‍රදේශයේ විදුලිය නොමැති ගම්මානවල ජනයා මෙම දන්සැලෙන් භූමිතෙල් ගෙන සාධාරණ මුදලාලිට පිං දුන්හ.
ඊට අමතරව සාධාරණ මුදලාලි ලංකාවේ දිස්ත‍්‍රික් 20 දුෂ්කර වෙහෙර විහාරස්ථාන රැසක විදුලි බිල් පියවීම සඳහා ද සිය ධනය වැයකරයි. ඔහු මාසිකව ගෙවන බිල්පත් සියල්ල එක්රැස් කරගෙන සිටින අතර මේ වනවිට එම බිල්පත් එකතුවේ බර කිලෝ 13.5 කි.
රටවටා හන්දියක් හන්දියක් පාසා වෙසක් පොහොය දිනට පමණක් දන්සැල් සංවිධානය කරමින් මහමග ගමන් ගන්නා පුද්ගලයන්ට බලෙන් සංග්‍රහ කරන බොහෝ දෙනාට සාධාරණ මුදලාලි ලබාදෙන්නේ ඉමහත් ආදර්ශයකි. එහෙත් කණගාටුව වන්නේ දශක දෙකකට ආසන්න කාලයක් සමාජයට ලබාදෙන මෙම ආදර්ශය උකහා ගැනීමට බොහෝදෙනා අසමත්වීමයි.
විමුක්ති සංජය පෙරේරා - බදුල්ල
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=CJzeJPjkhBU&feature=youtu.be[/youtube]
COMMENTS