කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට පවරා දීමේ ගිවිසුම හෙට (02) අත්සන් තැබීමට නියමිත බවයි වරාය රැක ගැනීම සඳහා එක්ව සිටින වෘත්තී...
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට පවරා දීමේ ගිවිසුම හෙට (02) අත්සන් තැබීමට නියමිත බවයි වරාය රැක ගැනීම සඳහා එක්ව සිටින වෘත්තීය සමිති අනාවරණ කරන්නේ.කෙසේ වෙතත් රටේ ආර්ථිකය මෙන්ම දහස් ගණනකගේ රැකියා අනතුරට දැමීමට ඉඩ නොතබන බව ඔවුහු ප්‍රකාශ කරති.හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීම තාවකාලිකව හෝ කල්දමා ඇත්තේ සේවකයන්ගෙන් මතුව ඇති විරෝධතාව හේතුවෙන් බව පවසන වෘත්තීය සමිති නියෝජිතයන් සඳහන් කරන්නේ ජාතික ආර්ථිකයට හා රටේ අනාගතයට හානිදායක වන ආණ්ඩුවේ තීන්දු හමුවේ තමන් නොබියව මුහුණ දෙන බවයි.එමෙන්ම ත්‍රිකුණාමලය වරායද ඉන්දියානු සමාගමකට පවරාදීමේ ආණ්ඩුවේ සැලසුමක් පවතින බව වෘත්තීය සමිති පසුගිය දිනවල ප්‍රකාශ කළහ.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS