ඒකාබද්ධ විපක්යේ මැයි රැළිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (23) සවස මාතර පැවති මාධ්‍ය හමුවට සහභාගිවෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්...
ඒකාබද්ධ විපක්යේ මැයි රැළිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (23) සවස මාතර පැවති මාධ්‍ය හමුවට සහභාගිවෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ අලහප්පෙරුම මහතා,
'අපේ තක්සේරුව අනුව ගාලුමුවදොර මැයි රැලිය සඳහා විශාලතම පිරිසක් ගාලුමුවදොර පිටියට ගෙන එන දැවැන්තම මැයිරැලිය බවට පත්වෙනවා. නොදියුනු දේශපාලකයන් ගාලුමුවදොර පැවැත්වෙන මැයි රැළිය පිළිබඳ අවතක්සේරු කරනවා නමුත් අපි ඒ සියල්ලන්ටම අනුකම්පා කරනවා. මැයිදිනය වෙනුවෙන් ලංකාවේ ඕනෑම පිටියක, ඕනෑම වර්ණයකින් මැයි දිනය සමරන සියලුදෙනා හටම අපගේ සහෝදර දෑත් දිගුකරනවා. ඒ සියල්ලන්ගෙම අරමුණ මැයි දිනය නම්, ඒ උත්තරීතර අරමුණ වෙනුවෙන් අපි සුබ පතනවා'
මෙම මාධ්‍ය හමුව සඳහා කංචන විජේසේකර, මහින්ද යාපා අබේවර්ධන යන ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් සහ ඒකාබද්ද විපක්ශය නියෝජනය කරන ජනතා නියෝජිතයන් පිරිසක් ද සහභාගී වුහ.
මාතර ඉදුනිල් කැළුම් ජයවීර
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=e8JI0G9_Lzs&feature=youtu.be[/youtube]
COMMENTS