දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපේ සර් - අපේ මචං - වසන්ත ඔබේසේකර
Homeවිශේෂ පුවත්

අපේ සර් - අපේ මචං - වසන්ත ඔබේසේකර

PropellerAds

අපේ මචං;  අපිත් එක්ක එකට හොර පොලෙන් අඩි ගැසු, දැවැන්ත නාසය අදිමින් කැස්ස හැදෙන තුරු හිනා වුනු, නිරන්තරයෙන් පෙමින් වෙලෙමින් විරහ වේදනාවෙන්...

'ජනාධිපති වහාම ඉවත්විය යුතුයි' - කුමාර වෙල්ගම
ජනවාරි 9න් පසුව ජනාධිපතිවරණක් කැඳවන්න පුළුවන්
ඇමතිවරු කිහිප දෙනෙක් අද දිවුරුම් දෙයි !
අපේ සර් - අපේ මචං - වසන්ත ඔබේසේකර

අපේ මචං;  අපිත් එක්ක එකට හොර පොලෙන් අඩි ගැසු, දැවැන්ත නාසය අදිමින් කැස්ස හැදෙන තුරු හිනා වුනු, නිරන්තරයෙන් පෙමින් වෙලෙමින් විරහ වේදනාවෙන් හඬන, යතුරු පැදියෙන් ගමන් ගොස් C-90 ය ගිය තැන දමා අමතක වී ටැක්සියෙන් ගෙදෙර එන, අප ලවා ගෙන්නා ගත් අරක්කු අපට නොදී තනියම බොන  ..... වසන්ත!

අසූ ගණන් වල මුල් භාගයේ දෙවසරකට වැඩි කාලයක් දිනපතා පාහේ බමබලපිටියේ ලෝරිස් පාරේ පිහිටි ඔහුගේ නිවසේ දී වසන්ත ඔබේසේකර හඳුනා ගැනීමට මෙන්ම ඔහු ඇසුරේ සිනමා කලාව හදාරන්නට ලැබුණු අවස්ථාව මා ලත් දුර්ලභ භාග්‍යයකි.

අප වැනි තරුණ අඳ බාලයන් සෙවනට ගෙන නොදත් දේ කියා දීමත් නව අදහස් වගා කර ගැනීමට දිරි දීමත් වසන්ත සර් ගේ උතුම් ගුණයකි. සිනමාව ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් බව නිරන්තරයෙන් මෙනෙහි කළ ඔහු, රුපය සහ හඬ පටය සමාන්තර චේදනය තුලින් තුන්වැනි තලයක් බිහි කිරීම පිළිබඳ අත්හදා බැලීම් සිදු කරමින් සිනමාවේ නව මානයන් සොයා යමින් සිටියදී නව පරපුර දිරිමත් කිරීම ඔහු තදින් විශ්වාශ කළ දෙයකි.

නිර්මාණ කාර්යයේදී ඔහු තුල වූ කැප වීම සහ වසන්ත ට ආවේනික ‘අවුල් විනය’ තුලින් නිර්මාණයට හවුල්වූ සියල්ලන් ආකර්ෂණයකින් වසඟයට ලක් කර ගැනීමට ඔහු සමත් වීය. රුප ගතකරද්දී හිස කෙස් අදිමින් උච්ච ආවේගයට පත්වන අවස්ථා වලදී ත් සොඳුරු සරින් සහෝදර කලාකරුවනට උපදෙස් දෙන විටදීත් ඔහු නිර්මාණයේ දැහැන බිඳ නොගනී.

කිව යුතු දේ කෙලින් කී වසන්ත, නිරන්තර ආවේගයට පත්වූ සියුම් මිනිසෙකි. කලක් සහාය අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, සම්මානනීය සිනමාකරු ප්‍රසන්න විතානගේ ඇතුළු පිරිස් වසන්ත ඔබේසේකරට සදා ණය ගැති ය. තිර රචනා වේදී ත් චිත්‍රපට නිර්මානයේදී ත් කළ යුතු දේ මෙන්ම නොකළ යුතු දේ වසන්ත සර් ගේ ආදර්ශයෙන් දැක බලා ගන්නට අපට හැකි විය.

ජීවිතය එල්ල කළ අභියෝගයන් හමුවේ දිගින් දිගට නිර්මාණ කාර්යයේ යෙදුනු වසන්ත ‘සර්’ සිහින දැකීම අත් නොහල සැබෑ කලාකරුවෙකි.

වල්මත්වූවෝ රංගනයේ දී වරක් ඔහු හා ගැටුණු ශ්‍රේෂ්ඨ රංගන ශිල්පී ටෝනි රණසිංහ මා හා පැවසුවේ, “සිංහල සිනමාවේ භරත මුණි, වසන්ත ඔබේසේකර ඒ වුනාට හරියට ට්වෙන්ටි ලෙන්ස් එක අඳුරන්නේ නැ” යනුවෙනි.

ඇසු පිරු තැන් ඇති බුද්ධි මතෙකු වූ ටෝනි අපහාසයටත් අපේ සර් හැඳින්වුයේ සිංහල සිනමාවේ භරතමුණි ලෙසින් වීම වැදගත් යන්න මගේ හැගීමයි. ජීවිතය පිළිබඳව මෙන්ම, දේශපාලනය, සිනමාව, ගෘහ ජීවිතය, ආදරය පිළිබඳ ආවේනික අවුල් විනයකින් කටයුතු කරමින් දිවි ගතකල වසන්ත ඔබේසේකර දුර්ලභ වර්ගයේ බුද්ධිමතෙකි.

භීෂණ සමයේ තම ජීවිතයට එල්ලවිය හැකි තර්ජන නොතකා නිවසේ රැකවරණ ලබා දී සිටි තරුණ පිරිස හද සැත්කමට සර් පිටරට ගිය අතරේ ගෙදර තිබූ දුර්ලභ පොත පත ඇතුළු වටිනා සියල්ල විකුණා පලා ගිය මොහොතේ සර් කඳුළු සලමින් පාපතර ද්‍රෝහීන් සිදු කළ ඒ සිද්ධිය විස්තර කළ අන්දම අමතක නොවන්නකි.

දින කිහිපයකට පෙර සර් බලන්නට ගිය ප්‍රසන්න විතානගේ සමග පෙළෙමින් ඇති  වේදනාව ගැන කියමින්

“මරණං නියතං ..... මට දැන් යන්න දීපල්ලා!”  යැයි පැවසූ ‘සර්’ අද නික්ම ගියේය.

සර් යන ගමන් අපේ මචං ද රැගෙන ගියේය.

ප්‍රියත් ලියනගේ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29442,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපේ සර් - අපේ මචං - වසන්ත ඔබේසේකර
අපේ සර් - අපේ මචං - වසන්ත ඔබේසේකර
http://ift.tt/2oNFast
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_843.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_843.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy