දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මරික්කාර් අයින් වෙන්න ඕන, කුඩු කුණුවලට කොලොන්නාව තැනක් වෙලා, - සුසිල් කිඳෙල්පිටිය

දේශපාලන කථා බහට ඔහුව සම්බන්ධ කරගත් විට කිදෙල්පිටිය මහතා සඳහන් කළේ මෙම සිදුවීමට සියලු විෂයභාර අමාත්‍යවරු වගකිව යුතු බවයි. එහිදී ඔහු අවධාරණ...

මරික්කාර් අයින් වෙන්න ඕන, කුඩු කුණුවලට කොලොන්නාව තැනක් වෙලා, - සුසිල් කිඳෙල්පිටිය
දේශපාලන කථා බහට ඔහුව සම්බන්ධ කරගත් විට කිදෙල්පිටිය මහතා සඳහන් කළේ මෙම සිදුවීමට සියලු විෂයභාර අමාත්‍යවරු වගකිව යුතු බවයි. එහිදී ඔහු අවධාරණය කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් මහතා ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවය. ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති ඇතුළු නිලධාරීන් තමන්ට අයත් වන මෙම විෂයට අදාලව කිසිවක් නොකළ බවට චෝදනා කරමින් සුසිල් මහතා සඳහන් කරන්නේ ඔවුන්ගේ කළමනාකරණ ව්‍යාපෘති සම්බන්ධයෙන් සිදුවන වංචාවන්, හොර ගිවිසුම් ඇති බවත් ඒවාට එරෙහිව ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්නා බවය.  හිරුනික ප්‍රේමචන්ද්‍ර මහත්මිය ද පසුගිය කාලයේදී කසල කන්දට ව්‍යාපාරිකයෙක් ගෙන ඒමට කටයුතු කල බවද සඳහන් කරන කිදෙල්පිටිය මහතා නැවත කුණු කොලොන්නාවට නොදමා ඕන තැනකට දමා ගත්තාට කමක් නැති බව පවසයි.
 
මේ වන විට මේ කුණු ප්‍රශ්නය දැන් කොතනද ?
 
මේක අවුරුදු ගණනාවක් විරෝධතා එක්ක ගෙන ගිය එකක් කුණු කළමනාකරණය කිරීම ඒ ප්‍රදේශයේ පළාත් පාලන සතු වගකීමක්. දැන් කුණු දැමීම තාවකාලික නැවතිලා තියෙනවා. මම මේ  මෙහි ජිවත් වෙන කෙනෙක් විදියට මම වගේම ජනතාව කොළඹ කුණු කොලොන්නාවට ගෙන්න බැහැ කියලා දැඩි ස්ථාවරයක ඉන්නවා. මේවට ස්ථිර විසදුම්වලට යා යුතුයි. ඒ වගේම දැනට අවදානමේ ඉන්න අයට කේවල් නොකර සාධාරණ වන්දි දිය යුතුයි.
 
දැන් ඔබ  හිටිය පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහත්තය ආණ්ඩුවේ ප්‍රබල ඇමති කෙනෙක්. ඇයි ඉතින්  කතා කෙරෙන්නේ නැත්තේ ?
 
සරත් ෆොන්සේකා මහත්තය දේශපාලන අරමුණක් තිබ්බ කෙනෙක් නෙමෙයි. ඔහු ධනයට බලයට කැමති කෙනෙක් මිසක් රට ජනතාව ගැන හිතන්නේ නැහැ කියලා අපිට තේරුණා නිසා තමයි මමත් ඒ පක්ෂෙන් ඉවත් වුනේ. න්‍යාය පත්‍රයක් නැති කෙනෙක් කුණු ගැන කතා කරයිද ?
 
කවුද මේ මීතොටමුල්ල කුණු කන්ද එක්ක ඩීල් කරන අය ?
 
මීතොටමුල්ලට එන කොළඹ කුණු තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. මීතොටමුල්ලේ කුණු කළමනාකරණය කර ගත හැකියි. සාමාන්‍යයෙන් මාසෙකට කොළඹ කුණු මෙහෙම ගෙනත් දාන්න සමාගම් දෙකකට මිලියන 250 ක් ගෙවනවා. මේ මිලියන 250 ඇතුලේ මිලියන ගණන් එළියේ ඉන්න දේශපාලකයන්ට යනවා. දෙයක් නැති කරන්න ඕනකමක් කාටවත් නැහැ. මේවට විදේශීය ආයෝජකයෙක් ගෙනාවත් ගේන්නේ ඩීල් පිට. එක නිසා මේක කොළඹ නගර සභාවේ නිලධාරීන් සහ දේශපාලකයන් අතර දෝලනය වන ව්‍යාපාරික කාරණාවක් බවට පත් වුණා.
 
මේ ඛේදවාචකයට වගකිව යුත්තෝ කවුරුන්ද වග නම් ගම් සහිතව සඳහන් කළ හැකිද  ?
 
මේකට වගකිව යුත්තෝ කවුද ඇහුවොත් කොළඹ මගනගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, බස්නාහිර පළාතේ හිටපු සියලුම මහා ඇමතිවරුන්, මධ්‍යම පරිසර අධිකාරිය,  ජනාධිපති අගමැතිවරු අඩු වැඩි වශයෙන් කාටවත් බේරෙන්න බැහැ අද මේ ජිවිත අහිමි වීමට. 
 
කුණු කන්ද නාය ගියේ යම්කිසි රසායනික ද්‍රව්‍යක් ඉසීමක් නිසා කියල කියනවා. මේක ඇත්තද ?
 
එන්සයිමයක් විදින්නේ මේකේ ගඳ නැති කරන්න. කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය බල ප්‍රදේශය තුළ කසල කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ කොටිකාවත්ත කසල අංගනයක් සඳහා ලක්ෂ 50 ක් පළාත් සභාවෙන් අරන් දුන්නා. ඒකෙන් ලක්ෂ 9 ක් වැය වුණා එන්සයිමයක් ඉහින්න. ඒ ගඳ නැති කරන්න. ඒ හැර වෙනත් දෙයක් කල බවට තවම ඇහින් දැක්ක කෙනෙක් නැහැ. නමුත් එහෙම දෙයක් තියෙනවා නම් ඒ ගැන රජය පරීක්ෂණයක් කල යුතුයි.
 
කුණුත් එක්ක කොළොන්නාවේ පල් වෙන කුඩු ව්‍යාපාරය මොකද්ද ?
 
කුඩු , කුණු කොළොන්නාවේ පාඨයක් වෙලා. කොළොන්නාවේ කුණු සහ කුඩු ප්‍රශ්නයක් කියලා කිවුවාට කුණුයි කුඩුයි අතර සම්බන්ධයක් නැහැ. නමුත් මේ දෙකටම කොලොන්නාව තැනක් වෙලා. හිටපු ගොඩක් මන්ත්‍රීවරු අඩු වැඩි වශයෙන් කුඩු ව්‍යාපාරිකයෝ සමග ගනුදෙනු කලා. දේශපාලකයෝ එයාලගේ ආශිර්වාදයෙන් ජීවත් වුණා. ඒ නිසා කුඩු නැති කරනවා කිවුව ගොඩක් මන්ත්‍රීවරුන්ට එහෙම කරන්න ඕන  කමක් නැහැ. ඒගොල්ලෝ ඉන්නේ කුඩු ව්‍යාපාරිකයන්ගේ සාක්කුවල.
 
අශ් වරු 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29548,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මරික්කාර් අයින් වෙන්න ඕන, කුඩු කුණුවලට කොලොන්නාව තැනක් වෙලා, - සුසිල් කිඳෙල්පිටිය
මරික්කාර් අයින් වෙන්න ඕන, කුඩු කුණුවලට කොලොන්නාව තැනක් වෙලා, - සුසිල් කිඳෙල්පිටිය
http://ift.tt/2pSpHaS
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_842.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_842.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy