සරේ කණ්ඩායම නියෝජනය කරන කුමාර සංගක්කාර, වර්වික්ෂයර් කණ්ඩායමට එරෙහිව මේ වනවිට පැවැත්වෙන තරගයේ පළමු ඉනිමේදී ලකුණු 105 ක් රැස් කළේය. පන්දු 1...
සරේ කණ්ඩායම නියෝජනය කරන කුමාර සංගක්කාර, වර්වික්ෂයර් කණ්ඩායමට එරෙහිව මේ වනවිට පැවැත්වෙන තරගයේ පළමු ඉනිමේදී ලකුණු 105 ක් රැස් කළේය. පන්දු 165 කට මුහුණ දුන් සංගක්කාර හයේ පහර දෙකකින් සහ හතරේ පහර 10 කින් සිය ඉනිම වර්ණවත් කළේය.
මේ අතර පසුගිය 18 වැනිදා අවසන් වූ සරේ-ලැන්කැෂයර් අතර තරගයේ දෙවැනි ඉනිමේදී ඔහු ලකුණු 136 ක් ලබාගත් අතර ඔහු ඒ සඳහා පන්දු 190 කට මුහුණ දී තිබිණි. හයේ පහරක් සහ හතරේ පහර 15 ඔහුගේ ඉනිමට ඇතුළත් විය.
ඊට පෙර පැවති තරගයේදීද සංගක්කාර ලකුණු 71 ක් ලබාගත් අතර ඔහු මේ වනවිට තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසුවේ. ඔහු මේ වනවිට ඉනිම 4 කදී ලකුණු 358 ක් රැස් කරගෙන සිටී. ඒ ශතක දෙකක් හා අර්ධ ශතකයක් ද සමගිනි. ඔහුට ඉදිරියෙන් සිටින ගැරී බැලන්ස් ඉනිම 5 කදී ලකුණු 383 ක් රැස් කරගෙන සිටී. ඒ ශතක දෙකක් හා අර්ධ ශතක දෙකක් ද සමගිනි.
සංගක්කාර පසුගිය වසරේදීද සරේ කණ්ඩායම නියෝජනය කරමින් සුපිරි දස්කම් දැක්වීය.
COMMENTS