දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

අගමැතිවරයාට දැක්මක් තිබුණත් ඔහුගේ කණ්ඩායමට එය වැටහෙනවාද කියන එක ප්‍රශ්නයක් ! - දිනේෂ් වීරක්කොඩි

2020 වසර වනවිට වික්‍රමසිංහ ආර්ථික දර්ශනය ලාංකේය සමාජය කෙතරම් දුරට  වැළඳගනීවිද ? ඉලක්කගත ආර්ථික අරමුණු කෙතරම් දුරට ජයග්‍රහණය කරාවිද ? වර්ත...

අගමැතිවරයාට දැක්මක් තිබුණත් ඔහුගේ කණ්ඩායමට එය වැටහෙනවාද කියන එක ප්‍රශ්නයක් ! - දිනේෂ් වීරක්කොඩි
2020 වසර වනවිට වික්‍රමසිංහ ආර්ථික දර්ශනය ලාංකේය සමාජය කෙතරම් දුරට  වැළඳගනීවිද ? ඉලක්කගත ආර්ථික අරමුණු කෙතරම් දුරට ජයග්‍රහණය කරාවිද ? වර්තමාන දේශපාලන හැසිරීම කොතෙක් දුරට ඊට අනුගතවේද ?
 
ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක දිනේෂ් වීරක්කොඩි මහතාගේ අදහස අනුව නම් තාමත් අපේ සමාජය වික්‍රමසිංහ ආර්ථික දැක්ම පිළිබඳ නිවැරදි අවබෝධයක් ගෙන නොමැත. එය ජනතාවට නිවැරදි ලෙස සන්නිවේදනය වී නොමැත. එපමණක් නොව රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන භාවිතාව පිළිබඳවද බොහෝ දෙනා හරි හැටි දන්නේද නැත.
 
1993 වසරේ සිට රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වන සමීප ඇසුර මතින් වික්‍රමසිංහ චරිතය කියවා ගත් දිනේෂ් වීරක්කොඩි මහතා අපේ කතා බහට පුර්විකාව ගත්තේ මෙලෙසය.
 
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=G8GDxFM86o8[/youtube]
 
වික්‍රමසිංහ මහතාගේ ආර්ථික දැක්ම පිළිබඳ නිවැරදි අවබෝධයක් ජනතාවට නොමැත්තේ ඒ පිළිබඳ නිවැරදි සන්නිවේදනයක් නොමැති හෙයිනි. එදා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට තමන්ගේ දැක්ම රට පුර ගෙන යන්නට ශක්තිමත් කණ්ඩායමක් විය. අද එවැනි පිරිසක් ගොඩනගා ගැනීමට වික්‍රමසිංහ මහතා මනා මැදිහත්වීමක් කර නැත. මාධ්‍ය සාකච්ඡාවලින් ඔබ්බට ගොස් සිය ආර්ථික, දේශපාලන මතවාදය සමාජගත කිරීමට ඊට දක්ෂ පිරිස යොදා ගත යුතුය.
 
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=34yoFUGFoAc[/youtube]
 
මේ රටේ ආර්ථිකය ගොඩනගන්න, 2020 ආර්ථික ඉලක්ක ජයග්‍රහණය කරන්න හොඳම අවස්ථාවක් තමයි එක්ටා ගිවිසුම. නමුත් ඒ පිළිබඳවත් ආණ්ඩුව රටට නිවැරදි සන්නිවේදනයක් කර නැත. මෙම ගිවිසුම මඟින් වෘත්තීන්හි සුරක්ෂිතභාවය බරපතල අර්බුදයකට යන බවට බොහෝ දෙනා පවසති. කළ යුතු වන්නේ ආරක්ෂණ ක්‍රමවේදයන් සහිතව මෙවැනි එකඟතාවලට පැමිණීමය. එවැනි සාකච්ඡා තීන්දු තීරණ ගැනීමට ඒ පිළිබඳ අත්දැකීම් ඇති පුද්ගලයන් සහභාගීකරවා ගත යුතුය. සියල්ල නොවලහා රටට පැවසිය යුතුය. වටිනා අවස්ථා අපෙන් ගිලිහෙන්නේ හොර රහසේ කරන්නට යෑම නිසාය.
 
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=tSb6dnWmtxY[/youtube]
 
මේ වන විට රට තුළ බරපතල ලෙස සාකච්ඡාවට ගෙන ඇති කාරණයකි, ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීම. සාමාන්‍යයෙන් අපේ රටේ දැකිය හැකි වන්නේ මාස තුනෙන් හතරෙන් වෙනස් වන ප්‍රතිපත්තිය. නමුත් ඉලක්කගත ගමනක් යන්නේ නම් අවම වශයෙන් වසර පහක්වත් එක් ජාතික ප්‍රතිපත්තියක් යටතේ ක්‍රියා කළ යුතුය.
 
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=7bm0mA3cJN4[/youtube]
 
2020 වසර වන විට රට ස්ථානගත වන තැන පිළිබඳ ජනතාවට නිවැරදි අවබෝධයක් ඇත්නම් මෙතරම් අර්බුද, විරෝධතා, ප්‍රතික්ෂේප කිරීම් මතු නොවෙයි. දේශපාලකයන්ට අවශ්‍ය වන්නේ 2020 වන විට රට තිබිය යුතු තැන නොව ඊළඟ මැතිවරණය ජයග්‍රහණය කිරීමය. රටක් ලෙස අපට දියුණු වීමට නම් මැතිවරණ ජයග්‍රහණය නොව වෙළෙඳපොළ පුළුල් කර ගැනීමට සැලසුම් සකස් කර ගත යුතුය. රටට ආදායම් වැඩි වන්නේ වෙළෙඳ පොළ පුළුල් වන තරමටය. එහෙයින් නිවැරදි ප්‍රතිපත්ති රාමුවක් සමඟ එය ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙලක්ද තිබිය යුතුය. එපමණක් නොව හොඳ සන්නිවේදක කණ්ඩායමක්ද ආණ්ඩුවක් සතු විය යුතුය.
 
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=x3eCNXpx2cA[/youtube]
 
ආශිකා බ්‍රාහ්මණ / නිශාන්ත ප්‍රියදර්ශන  

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29548,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගමැතිවරයාට දැක්මක් තිබුණත් ඔහුගේ කණ්ඩායමට එය වැටහෙනවාද කියන එක ප්‍රශ්නයක් ! - දිනේෂ් වීරක්කොඩි
අගමැතිවරයාට දැක්මක් තිබුණත් ඔහුගේ කණ්ඩායමට එය වැටහෙනවාද කියන එක ප්‍රශ්නයක් ! - දිනේෂ් වීරක්කොඩි
http://ift.tt/2oV3xDB
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_556.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_556.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy