උප සභාපතිනිය මේ බව පවසා ඇත්තේ වොෂින්ටන් නුවරදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවූ අවස්ථාවේදීය. ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුද...
උප සභාපතිනිය මේ බව පවසා ඇත්තේ වොෂින්ටන් නුවරදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවූ අවස්ථාවේදීය. ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අර්ධ වාර්ෂික සමුළුව ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී මේ දිනවල පැවැත්වෙන අතර ඒ සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහභාගි වී සිටී.
සමුළුව පසුගිය 18 වැනිදා ආරම්භ වූ අතර එය අද දිනයේදී අවසන් වීමට නියමිතය.
මීතොටමුල්ල කුණු කන්ද නායයාම හේතුවෙන් මේ දිනවල අපද්‍රව කළමනාකරණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව තිබෙන අතර ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ලෝක බැංකු සහාය ලබාදීමට එකඟතාවය පළවූ බව ද මුදල් ඇමතිවරයා පවසයි. ඒ සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිතය.
මෙම සමුළුව අතරතුර පැවැත්වූ ජී-24 මුදල් අමාත්‍යවරුන්ගේ සමුළුව සඳහා ද රවී කරුණානායක මහතා සහභාගි විය.
COMMENTS