දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මීතොටමුල්ල ඛේදවාචකය සමූල ඝාතනයක් - උදය ගම්මන්පිල
Homeගොසිප්

මීතොටමුල්ල ඛේදවාචකය සමූල ඝාතනයක් - උදය ගම්මන්පිල

PropellerAds

 පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ඊයේ (18දා) මාධ්‍ය සාකච්ඡාවකදී මෙසේ පැවැසීය. ''මීතොටමුල්ල කුණු ...

2013 අමල් පෙරේරා සොරකම් කළැයි කී සුදු කැස්බෑවාගේ සැබෑ සොරා හසුවේ
ලසන්තගෙ මිනීමරුව එළිවෙනකොට අපේ ගොඩට දාන්න හදනවා - මහින්ද
කවීෂා ගැයූ බුදු ගුණ ගීතයක්
 පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ඊයේ (18දා) මාධ්‍ය
සාකච්ඡාවකදී මෙසේ පැවැසීය.
''මීතොටමුල්ල කුණු කන්දට යටවී මියගිය ගණන පිළිබඳ ස්ථිර ඉලක්කමක් කියාගන්න බැරි, ඒ පිළිබඳ නිසි
වැඩපිළිවෙළක් නැති නිසා. මෙවැනි ඛේදවාචකයක මියගිය ගණන සොයන විධිමත් ක්‍රම තිබෙනවා. මියගිය

හෝ අතුරුදන් වූ අය පිළිබඳ තොරතුරු රටට පැවැසීමට, මේ අනතුරේ භයානක බව රටට පැවැසීමට
පාලකයන් බැඳී ඉන්නවා. වැඩ බැරි ආණ්ඩුවේ වැඩ බැරි ඇමැතිවරු හැමදාමත් කරන්නේ තමන්ගේ නොහැකියාව වසා ගන්න පසුගිය ආණ්ඩුවට ‍දොස් කීම. දෛවයේ සරදම කියන්නේ, වත්මන් ජනාධිපතිත් මෙහෙම දොස් කියන ඇමැතිවරුත් පසුගිය
ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරු. සැබෑ මිනීමරුවන්.
මේ කුණු කන්ද නිල වශයෙන් භාර මෙගා පොලිස් ඇමැතිවරයා වගකීම භාරගන්නවා වෙනුවට පසුගිය ආණ්ඩුවට
දොස් කියන්න පටන් අරගෙන. මේ නිසා මෙම සමූල ඝාතනයේ සැබෑ මිනීමරුවන් හෙළි කිරීම අපේ වගකීමක්.
කුණු කන්ද පිළිබඳ නිල අයිතිය තියෙන නාගරික සංවර්ධන අධිකාරියේ විෂය භාර අමාත්‍ය මෙගා පොලිස්
අමාත්‍යවරයා මෙහි වගකීම ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පැවැති ආණ්ඩුවට පවරන්න මාධ්‍ය
සන්දර්ශන පවත්වමින් සිටින නිසා අපට සිද්ධ වෙනවා එහි වගකීම ඔහුගේ කරමත පැටවෙන්නේ කෙසේද කියන
එක විස්තර කරන්න.
මීට අවුරුදු තිහකට කලින් තමයි කොළොන්නාව නගර සභාව පොතුවිලකුඹුර තමන්ගේ කසළ බැහැර කිරීමේ
ස්ථානය ලෙස තෝරා ගන්නේ.
වසර තිහකට අධික කාලයක් මෙතැනට සුළු වශයෙන් කසළ බැහැර කරමින් පැවතුණා. ඔය අතරේ 2009දී
බ්ලූමැන්ඩල් කුණු කන්ද දැවැන්ත පාරිසරික, සමාජීය, සෞඛ්‍යමය තර්ජනයක්ය කියන පදනමින්
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙයට විසඳුමක් ඉල්ලලා පෙත්සමක් ගොනුකළා.
මෙහිදී කොළඹ මහ නගර සභාව ප්‍රකාශ කරනවා කොළඹ කුණු බැහැර කරන්න විධිමත් සැලැස්මක් හදලා
තියෙන්නේ. ඒ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට මාස කිහිපයක් ගත වනවාය කියලා.
මේ සැලැස්ම ක්‍රියාත්මක කරන තුරු තාවකාලිකව කසළ බැහැර කිරීමට මීතොටමුල්ල කසළ බැහැර කරන
ස්ථානය ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියා.
ඒ අනුව 2009 සිට කොළඹ කුණු මීතොටමුල්ලට යෑමට පටන් ගත්තා. නමුත් පසුකාලීනව තාවකාලිකව කුණු
දැමීම සදාකාලික බවට පෙරළෙද්දී මෙට්රික් ටොන් අටසියයක් වුණ කොළඹ දෛනික කුණු බැහැර කිරීම
මෙට්‍ර්ක් ටොන් දහදාහ දක්වා වැඩිවුණා.
2007 අවුරුද්දේ පරිසර අමාත්‍ය රණවක මැතිතුමන් බ්ලූමැන්ඩල් කුණු කන්දේ සිට මාධ්‍යවේදීන් අමතමින්
ප්‍රකාශ කළා තව වසරක් ඇතුළත බ්ලූමැන්ඩල් කුණු කන්ද ඉවත් කරනවා වගේම තවත් එවැනි කුණු කඳු මේ
රටේ ඇතිවෙන්න ඉඩ තියන්නේ නෑ කියලා.
එහෙම කිව්ව ඇමැතිතුමා ඒ ඇමැති ධුරයේ සිටියදීම තමයි මීතොටමුල්ල කුණු කන්ද බිහිවීම 2009 වර්ෂයේ
ආරම්භ වෙන්නේ.
2010දී නාගරික සංවර්ධන විෂය භාර අමාත්‍යාංශයේ ලේකම් ධුරය ගෝඨාභය රාජපක්ෂ මහතාට
හිමිවුණා. එතුමා මාධ්‍ය සන්දර්ශන පවත්වමින් වීර ප්‍රකාශ කරනවා වෙනුවට සද්ද නැතුව මේ ප්‍රශ්නය
විසඳන්න වැඩ පටන් ගත්තා.
එතුමාගේ විසඳුම වුණේ බ්ලූමැන්ඩල් කුණු කන්දත්, මීතොටමුල්ල කුණු කන්දත් පුත්තලම දිස්ත්‍රික්කයේ අරුවක්කාලු
ප්‍රදේශයට ගෙනියන්න. ඒ ප්‍රදේශයේ තියෙන හුනුගල් හෑරීමෙන් සෑදුනු වළවල් සනීපාරක්ෂක කසළ රඳවන
බවට පත් කිරීම ඉලක්කය වුණේ.
මේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මිලදී ගැනීම් සඳහා 2014 වසරේ අගෝස්තු මාසේ අමාත්‍ය මණ්ඩල
අනුමැතිය ලබාගෙන 2015 වසරේ මිලදී ගැනීම් සිදුකිරීමට රුපියල් බිලියන 2ක් වෙන්කර තිබෙන අතරේ තමයි
ආණ්ඩු පෙරළිය සිදුවන්නේ. ආණ්ඩු පෙරළියෙන් පස්සේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.
මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වනජීවී ප්‍රශ්නයක් මතුවී තිබූ බව ඇත්ත. මෙම හුනුගල් වළවල් තිබෙන්නේ
විල්පත්තු ජාතික වනජීවී උද්‍යානයේ ස්වාරක්ෂක කලාපයේ. ඒ නිසා වනජීවී දෙපාර්තමේන්තුව මේ
ව්‍යාපෘතියට අවසරය ලබාදී තිබුණේ නැහැ.
මේකට විසඳුම් දෙකක් තිබුණා. දැඩි කොන්දේසි යටතේ අවසරය ලබාදීම හෝ මීටර් තුන්සියයක්, හාරසියයක්
විල්පත්තු ජාතික වන උද්‍යානයේ මායිම ඇතුළට ගෙනියන්න තිබුණා.
2017 පෙබරවාරි 08 වැනිදා මේ ව්‍යාපෘතියට මොකද වුණේ කියලා මෙගා පොලිස් ඇමැතිවරයාගෙන්
පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.
ඇමැතිතුමා කිව්වා වනජීවී දෙපාර්තමේන්තුවේ විරෝධය නිසා ව්‍යාපෘතිය එම ස්ථානයේ කරන්න බෑ. එය
වෙනතැනකට ගෙනියන්න අවශ්‍ය පාරිසරික අධ්‍යයනයන් කරනවාය කියලා.
 මීතොටමුල්ලේ කුණු කන්ද එහි තවදුරටත් පැවතීමෙන් මතුවෙන පාරිසරික ප්‍රශ්නයද මේ කුණු කන්ද
අරුවක්කාලු ප්‍රදේශයට අරගෙන යෑමෙන් සිදුවන පාරිසරික ප්‍රශ්නයද වැඩියෙන් උග්‍ර කියන එක ගැන
සංසන්දනාත්මක අධ්‍යයනයක් කර ඇතිදැයි මම විමසූ විට අමාත්‍යවරයාගේ පිළිතුර වුණේ නෑ කියන එක.
මට පේන විදියට මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න තිබුණ ප්‍රශ්නය වනජීවී ප්‍රශ්නය නෙමෙයි.
වර්තමාන ආණ්ඩුව සාධාරණ හේතුවකින් තොරව මේ ව්‍යාපෘතිය අතහැරලා වෙන තැන්වල කරන්න හැදුවා.
මේ ආණ්ඩුව ජා-ඇළට කුණු ගෙනියන්න හැදුවා. ජා-ඇළ කියන්නේ තෙත් කලාපයේ තියෙන ප්‍රදේශයක්. ඒ
වගේම ජනාකීර්ණ ප්‍රදේශයක්.
මේ ආණ්ඩුව අරුවක්කාලුවලට කුණු ගෙනයෑමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීමට තියෙන්නේ එක හේතුවයි.
ලංකාවේ කුණු ප්‍රශ්නය විසඳුවේ කවුද කියන එක ගැන ඔවුන්ට තිබ්බේ ලකුණු පිළිබඳ ප්‍රශ්නයක්.
ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කරගෙන ආ ව්‍යාපෘතියට සල්ලිත් වෙන්කර තිබුණේ. ඒක ක්‍රියාත්මක කළා
නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට තමයි එහි කීර්තිය හිමිවෙන්නේ.
ඒ වෙනුවට තමන්ට කීර්තිය හිමිකරගන්න තමයි ඔවුන් හැදුවේ. පහුගිය මාස හතරේ මීතොටමුල්ලට අලුතින් කුණු
එකතු නොවුණානම් ඔය ඛේදවාචකය වෙන්නේ නෑ.
අපිට මේවා කියන්න ඕන වුණේ නෑ. දැන් කරන්න ඕන එකිනෙකාට ඇඟිල්ල දිගුකර ගැනීම නෙමෙයි. විපතට
පත් පුද්ගලයන්ට සහන සැලසීම.
නමුත් අවාසනාවකට තමන්ගේ වගකීම ඉටුකරගන්න බැරිවුණ වැඩ බැරි ඇමැතිවරු සුපුරුදු පරිදි ආණ්ඩුව පත්වී
වසර දෙකහමාරකට පස්සෙත් තවමත් පරණ ආණ්ඩුවට ඇඟිල්ල දිගුකිරීම තමන්ගේ විසඳුම ලෙස සොයාගෙන
තියෙනවා.
දැන්වත් එකිනෙකාට ඇඟිල්ල දිගු කරනු වෙනුවට හැමෝම එකතු වෙලා ප්‍රශ්නවලට විසඳුම් සොයනවා නම්
ජනතාව මේ ප්‍රශ්නවලින් මිරිකිලා පීඩනයට පත්වීම වළක්වා ගන්න පුළුවන්.''

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29324,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මීතොටමුල්ල ඛේදවාචකය සමූල ඝාතනයක් - උදය ගම්මන්පිල
මීතොටමුල්ල ඛේදවාචකය සමූල ඝාතනයක් - උදය ගම්මන්පිල
http://ift.tt/2oK5T8k
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_346.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_346.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy