දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

"වයිස්රෝයි" ගිය "අන්වයිස්" මීඩියා මෑන්ලා !

ඊට සහභාගී වූ සියලුම මාධ්‍යවේදීන් පාහේ උද්යෝගයෙන් ඊට සහභාගී වී සිටියේ "වයිස්රෝයි" සුඛෝපභෝගී සංචාරක දුම්රියේ සංචාරයකට එක්වීමට ලැබෙ...

ඊට සහභාගී වූ සියලුම මාධ්‍යවේදීන් පාහේ උද්යෝගයෙන් ඊට සහභාගී වී සිටියේ "වයිස්රෝයි" සුඛෝපභෝගී සංචාරක දුම්රියේ සංචාරයකට එක්වීමට ලැබෙන අවස්ථාව ඉතා විරල වන්නක් වන හෙයිනි.කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.00ට පමණ ගමන ආරම්භ කර තිබූ අතර සිය වෘත්තිමය වගකීමද නොපිරිහෙළා ඉටුකිරීමට මාධ්‍යවේදීන් කටයුතු කර  තිබේ.ගමන ආරම්භයේ පටන් සංග්‍රහයන් බුක්තිවිදිමින් සුහදශීලීව මනා සංයමයකින් කටයුතු කිරීමට මාධ්‍යවේදීන් අමතක කර නැත.කොළඹ කොටුවේ සිට රඹුක්කන බලා යන අතරතුර මෙම සංචාරයේ අරමුණ පැහැදිලි කිරීමට JF Tours සමාගමේ ප්‍රධානීන් හා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කර තිබුණි.ඒ අතරතුර මතුවන ගැටළු පිළිබඳ ඔවුන්ගෙන් විමසීමට මාධ්‍යවේදීන්ටද අවස්ථාව ලබා දී ඇත.

පසුගිය දිනවල "වයිස්රෝයි","එක්ස්පෝ ලංකා"හා "රාජධානි එක්ස්ප්‍රස්" යන සංචාරක දුම්රියන් ධාවනයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රු කෝටි 47ක පමණ පාඩුවක් සිදුව ඇති බවට දුම්රිය  වෘත්තීය සමිති ප්‍රකාශ කළේය.මෙය මහත් ආන්දෝලනයට තුඩු දුන් කාරණයක් වූ අතර මේ වන විටත මේ පළහිලව්ව FCID දක්වා ගොස් තිබේ.

මේ පිළිබඳ "වයිස්රෝයි" සංචාරය අතරතුර මරදාන ප්‍රදේශයේ පිහිටා  ඇති   "ජාතික"  පුවත් පතක මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කර ඇත්තේ පසුගියදා නිකුත්ව ඇති විගණන වාර්තාවකට අනුව මෙම සංචාරක දුම්රිය ධාවනය හේතුවෙන් රු කෝටි 47ක පමණ පාඩුවක් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව ඇති බවත් එහි සත්‍ය අසත්‍යතාව කුමක්ද යන්නත් පිළිබඳවය. තමන් කතාකරන්නේ රට ගැන සිතමින් බවද මේ මාධ්‍යවේදීයා පවසා ඇත.

පෙර කී වෘත්තීය සමිති මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණේ "විගණන වාර්තාවකට" අනුව හෙළිදරව් වන කාරණා පිළිබඳවය.පටලැවිල්ල පටන් ගන්නේ මෙතැනිනි.සත්‍යවශයෙන්ම සිදුව ඇත්තේ එකී සංචාරක දුම්රිය ධාවනයෙන් සිදුව ඇති බවට කියවෙන අලාභයක්  පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසීමකි.එය විගණන විමසුමකි.සාමාන්‍යයෙන් අප දන්නා පරිදි දුම්රිය දෙපාර්තමේන්තුවට පමණක් විගණන විමසුම් 300ක් පමණ ලැබෙයි.විගණන විමසුම කිසිදිනෙක අවසන් වාර්තාව ලෙස සැලකෙන්නේ නැත.මාධ්‍යවේදීන් පටලවා ගෙන ඇත්තේ මෙතැනය.සරළව කිව්වොත් ඇතැමෙක් විගණන විමසුම හා විගණන වාර්තාවේ වෙනස දන්නේ නැත.

"වයිස්රෝයි" සංචාරය අතරතුර පෙර කී මාධ්‍යවේදීයා JF Tours ප්‍රධානීන් හා දුම්රිය නිලධාරීන් සමඟ වාදයකට පැටලී ඇත්තේ  විගණන විමසුම හා විගණන වාර්තාව අතර වෙනස නොදන්නාකම හේතුවෙනි.
 
සංචාරය අතරතුර JF Tours මාධ්‍යවේදීන්ට මදුවිතෙන් සංග්‍රහයක්ද ලබා දීමට අමතක කර  නැත."හොදම හරිය" වාර්තාවන්නේ ඉන් අනතුරුවය.JF Tours, මාධ්‍යවේදීන්ට මදි නොකියන්න සංග්‍රහය කර තිබේ.මාධ්‍යවේදීන් දෙතුන්දෙනෙකුම  "සූර්" වී ඇති අතර දිවා ආහාරයෙන් පසු පෙර කී මාධ්‍යවේදීයා JF Tours වර්තමාන කළමනාකරණ අධ්‍යක්ෂ පවිත්‍ර ප්‍රනාන්දු හා  අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) නාලක බණ්ඩාර යන අය සමඟ පැටලීම අරඹා තිබේ.විගණන වාර්තාවේ හා විගණන විමසුවේ වෙනස පිළිබඳව ඔහුට කොතෙක් පැහැදිලි කළද එය ඔහුට වැටහී නැත.රට ගැන අම්බානක කැක්කුමකින් JF Tours ප්‍රශ්න කර තිබේ.අන්තිමට JF Tours දුන් "විස්කි" උගුරෙන් පල්ලෙහාට දමා  ගනිමින් සංචාරක දුම්රියේ Bar licence  එකද  අභියෝගයට ලක් කර ඇත්තේ දුම්රියක මත්පැන් අලෙවි කිරීම නොමනා කටයුත්තක් බව පවසමිනි.එම මාධ්‍යවේදීයාගේ හැසිරීම සෙසු මාධ්‍යවේදීන් ප්‍රතික්ෂේප කර ඇතත්  එම අවස්ථාවේ ඔහුව පාලනය කිරීමට මැදිහත්වී නැත්තේ තවත් ප්‍රශ්න වැලක් මතුවන හෙයිනි.
 
කෙසේ වෙතත් මේ මාධ්‍යවේදීයා මෙවැනි කාරණා වලට යම් තරමක ප්‍රසිද්ධය.එක්  අවස්ථාවක ගාල්ල නෙළුවේ ඉදිකෙරෙමින් තිබූ (පරිසරයට හානි ගෙන දෙමින්) කුඩා ජාල විදුලි බලාගාර ව්‍යාපෘතිය නියම වැඩක් බව පවසමින් මාධ්‍යවේදීන් එම ස්ථානයට ගෙන ගොස් කන්න බොන්න දී "කැත" වැඩක් කර තිබුණි.මාධ්‍යවේදීන්ටද කාරණාව වැටහුණේ එහි ගිය විටය.අවසානයේ සහෝදර මාධ්‍යවේදීන් සිය මාධ්‍ය භාවිතාව මඟින්ම ඔහුට හොඳ හැටි පිළිතුරු දුන්නේය.ඒ අනුව එම මාධ්‍යවේදීයා තමන්ගේ වාසිය වෙනුවෙන් විලිලැජ්ජා නැතිව ඉදිරිපත්වන්නෙකි.
 
"වයිස්රෝයි" දුම්රිය සංචාරයේ ඊළඟ හොඳම ජවනිකාව වාර්තා කර තිබුණේ රත්තරන් වලට සම්බන්ධ ප්‍රධාන පෙළේ රුපවාහිනි නාලිකාවකින් සහභාගී වී සිටි කැමරා සහයකයාය.ඔහුද හිඳ  ඇත්තේ හොඳ හැටි සූර් වෙලාය. හැසිරී ඇත්තේ පිස්සෙක් වගේය.අන්තිමට සෙසු මාධ්‍යවේදීන්ට ඔහු ඇණයක් වී ඇත.එම නාලිකාවෙන් පැමිණ සිටි කැමරාශිල්පියා හා නිෂ්පාදකවරයා විලිලැජ්ජාවෙන් බේරීමට මාධ්‍යවේදීන් රැඳී සිටි මැදිරියෙන් ඉවත්ව අනෙක් මැදිරියේ ගමන් ගෙන තිබුණි.එම කැමරා ඇසිස්ටන්ගේ පදමේ තරම පෙනී ඇත්තේ  JF Tours අධ්‍යක්ෂිකා ශීලා  ප්‍රනාන්දු මහත්මිය "අක්කා" වීමත් කළමනාකරණ අධ්‍යක්ෂ පවිත්‍ර ප්‍රනාන්දු "මල්ලි" වීමත් සමඟය.සැබෑ ලෙසම ඔහු ඒ මොහොත වන විට හින්ද ඇත්තේ හොඳ සිහියෙන් නොවෙයි.ශිලා ප්‍රනාන්දු මහත්මිය ඇතුළු   JF Tours හි නිලධාරීන්ගේ මනා සුහදශිලීත්වය මේ ඇසිස්ටන්ට විහිළුවක් වී තිබේ. අවසානයේ සියල්ලන්ටම ඔහු විහිළුවක් වී ඇත.

අසංස්කෘතික මේ නොමනා හැසිරීම් අවසානයේ ලඝු වන්නේ මෙරට මධ්‍යවෘත්තිකභාවයේ ස්වභාවයද යන ප්‍රශ්නය මතුකරමිනි.වෘත්තීය ගරුත්වයත් ,ආයතනික ගරුත්වයත් ,පෞද්ගලික අභිමානයත් මාධ්‍යවේදීන්ට කියා වෙනසක් නැත.මෙවන් "සුරතලුන්" නිසා හෑල්ලු වන්නේ අභිමානවත් වෘත්තියක් බව සියල්ලට ප්‍රථමයෙන් මාධ්‍යවේදීන් සිහිතබා ගතයුතුය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29547,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "වයිස්රෝයි" ගිය "අන්වයිස්" මීඩියා මෑන්ලා !
"වයිස්රෝයි" ගිය "අන්වයිස්" මීඩියා මෑන්ලා !
http://ift.tt/2oCJUg7
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_286.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_286.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy