අගමැතිවරයාගේ ලිඛිත ඉල්ලීමකට අනුව විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා හා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අරලියගහ මන්දිරයේදී එම සාකච්ඡා...
අගමැතිවරයාගේ ලිඛිත ඉල්ලීමකට අනුව විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා හා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අරලියගහ මන්දිරයේදී එම සාකච්ඡාව පැවැත්වීය.
අද පෙරවරුවේ පටන් අමාත්‍යවරයා හා වෘත්තීය සමිති නියෝජිතයන් අතර පැවති සාකච්ඡා අසාර්ථක වූ අතර වෘත්තීය සමිති එකමුතුව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ඉල්ලූ නමුත් අද ඊට අවස්ථාවක් නොමැති බව විෂයභාර අමාත්‍යවරයා හරහා ජනාධිපතිවරයා වෘත්තීය සමිති දැනුවත් කර තිබුණි. ඒ අතරතුරය අගමැතිවරයා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු වෙත ලිඛිතව දැනුම් දී තිබුණේ තමන් සාකාච්ඡාවකට සුදානම් බව.
කෙසේ වෙතත් මේ වන විට වැඩවර්ජනය අත්හිටුවා ඇති අතර මධ්‍යම රාත්‍රියේ සිට සුපුරුදු රාජකාරී කටයුතුවල ඛනිජ තෙල් සේවකයන් නියැලෙනු ඇති බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේය.
නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS