එහෙයින් එය වත්මන් කතානායක කරූ ජයසූරිය මහතාගේ දේශපාලන දිවියෙහි ද සුවිසල් ජයග්‍රහණයක් ලෙසින් සනිටුහන් වේ. තොරතුරු දැනගැනීමේ පනත වෙනුවෙන් පා...
එහෙයින් එය වත්මන් කතානායක කරූ ජයසූරිය මහතාගේ දේශපාලන දිවියෙහි ද සුවිසල් ජයග්‍රහණයක් ලෙසින් සනිටුහන් වේ. තොරතුරු දැනගැනීමේ පනත වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ ගෙනගිය සටනේදී වරක් කරූ ජයසූරිය මහතා පහර කෑමට ලක් නොවී බේරී ඇත්තේ අනූ නවයෙනි.
පසුගිය රාජපක්ෂ රෙජීමයේ පාලන සමයේදී තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවට ගෙන ආ සෑම අවස්ථාවක දීම එය ඉවතට වීසි කරනු සඳහා රෙජීමයේ ලොක්කන් සේම සොක්කන් කුක්කන් මැක්කන් ද පොරකනු නිතර දක්නට ලැබිණි. දූෂිත රාජපක්ෂ රෙජීමයට තොරතුරු දැනගැනීමේ පනත යනු ගැරඬියාට භූමිතෙල් තරම් විසක් විය. මෙම පනත පිළිබඳව සාකච්චා කිරීම සඳහා රැස්වුණු පාර්ලිමේන්තු කමිටුවකදී එවකට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මෙම පනත් යෝජනාව ඉදිරිපත් කළ එවකට විපක්ෂ මන්ත්‍රී කරූ ජයසූරිය මහතාට පහර දීම සඳහා ආසනයෙන් නැඟිට ඇත. "මෙව්වා මොනවද ? මේ පනත් මොකටද ? අපි ඉන්නකල් මළාට මේවා සම්මත කරගන්න දෙන්නේ නෑ" යැයි පවසමින් බැසිල් රාජපක්ෂ එසේ පහරදීමට ඉදිරියට පැන තිබේ.
කලකට ඉහතදීම 'මිස්ටර් ටෙන් පර්සන්ට්' යනුවෙන් අන්වර්ථනාම ලත් බැසිල් රාජපක්ෂ යනු රාජපක්ෂ රෙජීමයේ දූෂණයේ පියා ය. වෙනෙකක් තබා රාජපක්ෂ දූෂිත පාලනය බිඳවැටුණු සැණින් ඔහු රටින් ම පළාගියේ තමන්ගේ කෙරුවාව තමන් ම හොඳින් දන්නා නිසාය. රාජපක්ෂ පවුලේ අනෙකුත් දූෂිතයින්ටත් වඩා ඉහළම දූෂණයන් බැසිල්ගේ කෙරුවාවෙහි අඩංගු වූ නිසාය. එසේම බැසිල් කරූ කෙරෙහි එතරම් කෝප වූයේ තොරතුරු දැනගැනීමේ පනත එදා සම්මත වී නම් තමන් එතෙක් කළ බඩවඩා ගැනීමේ තුප්පහි අමු කුරහං දේශපාලනය හෙළිදරව් වී කුරහං සාටක නොව රෙදි බැනියම් පවා ගැළවෙන නිසාය. බැසිල් එදා තමන්ට වඩා දශක එක හමාරක් පමණ වැඩිමල් කරූ ජයසූරිය මහතාට ශාරීරිකව ම පහරදීමට පනිද්දී ඔහුගේ සහායට තවත් දූෂිත ඇමතිවරයෙක් ද නැඟිට තිබේ. ඔහු අද යහපාලන රජයේද ප්‍රබලයෙකි.
මාධ්‍යවේදීන් පිරිසක් විසින් මේ තොරතුරු පනතේ සටන් පුරාණය ගැන, බැසිල්ගේ පහරදීමේ ප්‍රයත්නය ගැන සහ එදා බැසිල්ට සහයට පැමිණි වත්මන් යහපාලන ප්‍රබලයා ගැන විමසීමේදී කරූ ජයසූරිය මහතා උපේක්ෂා සහගත සිනහවකින් පමණක් පිළිතුරු දී තිබිණි.
COMMENTS