මීතොටමුල්ල ඇත්ත කතාව පසුගිය සති කිහිපයේ පටන් කුණු කන්ද ගිනිගැනීම් ඇතුළු වෙනස්කම් පෙන්නුම් කරමින් තිබුණි.මේ පිලිබඳ ප්‍රදේශවාසින් බලධාරීන්...
මීතොටමුල්ල ඇත්ත කතාව
පසුගිය සති කිහිපයේ පටන් කුණු කන්ද ගිනිගැනීම් ඇතුළු වෙනස්කම් පෙන්නුම් කරමින් තිබුණි.මේ පිලිබඳ ප්‍රදේශවාසින් බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළද ඊට නිසි අවධානයක් යොමු වී නැත.ඊයේ (14) පස්වරුවේ දහම්පුර ප්‍රදේශයෙන් කුණු කන්ද නායේ ගිය අතර නිවාස 75ක් පමණ කුණු කන්දෙන් යට වී විනාශ විණි.අද(15) උදෑසන වන විටත් එම නිවාස අඩි 40ක් පමණ කුණුවලින් යට වී තිබේ.සිද්ධිය වාර්තාවූ අවස්ථාවේ විපතට පත්වූවන්ට සහන සැලසීමට කටයුතු කලබවට මාධ්‍ය වාර්තා පළවුවත් ඇත්ත එය නොවන බව ප්‍රදේශවාසීපැවසුහ.මේ අද (15) උදෑසන 8 පමණ වන විට මළසිරුරු 10ක් සොයා ගෙන තිබු අතර තවත් 100 දෙනෙකු පමණ සුන් බුන් වලට යට වී සිටිය යුතු බවට විශ්වාස කරයි.
"දවල් 1ට විතර තමයි නායේ යන්න පටන් ගත්තේ. පාන්දර 2ට විතර තමයි කුණු සුන් බුන් අයින් කරන්න බැකෝ ආවේ.එතකම් ගමේ මිනිස්සුයි හමුදාවයි තමයි උපරිම වීරිය දාලා මිනිස්සු බේරගන්න මැදිහත් වුණේ.කිසිම බලධාරියෙක් ආවේ නැහැ.අපි කවදා ඉදන්ද මහත්තයෝ මේ කුණු අයින් කරගනිල්ලා කියලා කිව්වේ.අවුරුද්ද දවසේ දරුවන්ගේ සතුට විනාශ වුණා.අවුරුදු දවස නිසා යටවුණු ගෙවල් වල නිත්‍ය සාමාජිකයන්ට අමතරව තව හිටපු ය ගැන හරියටම දන්නේ නැහැ.දැනට 10ක් විතර සිරුරු හොයා ගත්තා.මහ රෑ එළිවෙනකම් අපි අපේ මිනිස්සු බේරගන්න මැදිහත් වුණා.රෑ වුණා කියලා අපි කොහොමද නවතින්නේ.මේ මැරුණේ යට වෙලා ඉන්නේ මේ කුණුකන්දේ වේදනාව හැමදාම උහුලපු මිනිස්සු,දරුවෝ.දැන් බොරුවට කට්ටිය ඇවිත් දුක කියනවා.කොච්චර කිව්වද මේක අයින් කරන්න කියලා.14 උදෙත් කුණු ගෙනත් දැම්මා."
මියගොස් සිටින පුද්ගලයන් අතර කුඩා දරුවන් තිදෙනෙකු සිටින බව සඳහන්.තුවාල ලැබූ තවත් පුද්ගලයන් 07 දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.විපතට පත්වූවන්ට සහන සැලසීමට කටයුතු යොදා ඇති බව අපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කරයි.සුන් බුන් ඉවත් කිරීම අඛණ්ඩව සිදු කෙරෙයි.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS