නුවර පාරේ යෙහෙළියන් සමග ඩිෆෙන්ඩරයෙන් හයිස්පීඩ් ගිය යෝෂිතගේ පෙම්වතිය යොහානා පොලිසියට හසුවේ මාර්ග නීති උල්ලංඝනය කරමින් කොළඹ – මහනුවර මහා...
නුවර පාරේ යෙහෙළියන් සමග
ඩිෆෙන්ඩරයෙන් හයිස්පීඩ් ගිය
යෝෂිතගේ පෙම්වතිය යොහානා පොලිසියට හසුවේ
මාර්ග නීති උල්ලංඝනය කරමින් කොළඹ – මහනුවර මහා මාර්ගය ඔස්සේ පසුගිය ඉරිදා (11) යෙහෙළියන් පිරිසක් සමග ඩිෆෙන්ඩර් රථයක් පදවාගෙන ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේගේ දියණිය වන 20 හැවිරිදි යොහානා නිට්ටඹුව පොලිසිය මගින් බලවත් පරිශ්‍රමයක් දරා කොටුකරගත් සිද්ධියක් වාර්තාවේ.
අධික වේගය නිසා නවත්වන ලෙස සිදු කළ පොලිස් අණද නොතකා ඇය
රථය නොනවත්වා ධාවනය කළ බැවින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කිලෝමීටර් 3ක පමණ දුරක් එම රථය හඹා යාමෙන් අනතුරුව නිට්ටඹුව පස්යාල හන්දිය ආසන්නයේදී මාර්ගයේ හරහට යතුරු පැදිය නතර කර කොටුකරන්නට සිදුව ඇත.
නිට්ටඹුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනා රථය පදවාගිය තරුණියගෙන්
පසුව කළ ප්‍රශ්න කිරීමේදී තමා ප්‍රකට දේශපාලනඥයෙකුගේ දියණිය බව දක්වමින් ඇය සිය පියාගේ නමද පොලිසියට දන්වා ඇත. කෙසේ වෙතත් අපරික්ෂාකාරී ධාවනය ගැන සමාව අයැද සිටි ඇයට පොලිස් නිලධාරීන් දෙදෙනා තරයේ අවවාද කර ඇති අතර දඩ කොළයක් ලියා රියදුරු බලපත්‍රය භාරයට ගෙන තිබේ.
දින 14ක් වලංගු තාවකාලික රියදුරු බලපත්‍රය ලබාගත් ඇයට ලබන ජනවාරි 2 වැනිදා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද දන්වා ඇත.
පොලිස් නිලධාරීන් වැඩිදුර පරීක්ෂා කිරීමේදී ඩිෆෙන්ඩර් රථය තුළ ඇගේ යෙහෙළියන් යයි සැක කළ හැකි තවත් තරුණියන් කිහිපදෙනෙකුද සිටි බව පොලීසිය වාර්තා කර තිබේ.
ඕස්ට්‍රේලියාවේ වැඩිදුර අධ්‍යාපනය ලබමින් සිටින යොහානා රත්වත්තේ මේ දිනවල වර්ෂාවසාන නිවාඩුව සඳහා ලංකාවට පැමිණ සිටින අතර ඇය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මද්දුම පුත් යෝෂිතගේ වර්තමාන පෙම්වතියද වෙයි.
ඇයට මේ කාලයේ මාර්ග ආරක්ෂාව සම්බන්ධ ගැටලු ඇති බව මින් ඉහත සිද්ධියකින්ද තහවුරුවේ.
මින් ඉහත පසුගිය මාසයේ දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමේදී ඇය ඇගේ සොයුරිය හා මව සමග ගමන් කළ මෝටර් රථයක්ද අනතුරකට ලක්වූ අතර එම අවස්ථාවේ මෝටර් රථය ඇගේ මව පදවමින් සිටියා. පසුව එම තිදෙනාම කරාපිටිය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් තිබුණි.

COMMENTS