දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ලාංකේය බ්ලොග්කරුවන් හා බ්ලොග්කරණය හමුවේ ඇති අභියෝග

නළුවෙකුට, නිළියකට මෙන්ම ගායකයෙකුට, ගායිකාවකට හෝ වෙනයම් ඕනෑම නිර්මාණකරුවෙකුට සම්මානයක් ලැබීම හා බ්ලොග්කරුවෙකුට සම්මානයක් ලැබීම එකිනෙකට හාත...

ලාංකේය බ්ලොග්කරුවන් හා බ්ලොග්කරණය හමුවේ ඇති අභියෝග

නළුවෙකුට, නිළියකට මෙන්ම ගායකයෙකුට, ගායිකාවකට හෝ වෙනයම් ඕනෑම නිර්මාණකරුවෙකුට සම්මානයක් ලැබීම හා බ්ලොග්කරුවෙකුට සම්මානයක් ලැබීම එකිනෙකට හාත්පසින්ම වෙනස් තත්ත්ව දෙකක් වේ. එනම් වාණිජ අරමුණක් ද සහිතව නිර්මාණකරණයේ නියැලෙන ඕනෑම නිර්මාණකරුවෙකුට සම්මානයක් ලැබීම ඔස්සේ ඔහුගේ හෝ ඇයගේ නිර්මාණ සම්බන්ධයෙන් පවත්නා වාණිජ වටිනාකම ඉහළ යෑම සිදුවේ. මෙය කිසිවෙකු විසින්වත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළ ද සැබැවින්ම සම්මානයක් ලැබීම තුළ වාණිජමය වශයෙන් සිදුවන්නේ එවැනි දෙයකි. එහිදී නළුවෙකුට හෝ නිළියකට සම්මානයක් ලැබීමෙන් පසු ඔහුගේ හෝ ඇයගේ රඟපෑම් සඳහා අයකළ හැකි මුදල ඉහළ දැමිය හැකි අතර ගායකයෙකුට හෝ ගායිකාවකට ද ගීතයක් සඳහා සිය ගායන දායකත්වය ලබා දීමේ දී අයකළ හැකි මුදල සම්මානය ලැබීමෙන් පසු ඉහළ දැමිය හැකිය. විශේෂයෙන්ම මෙවැනි තත්ත්වයක් පුද්ගලිකව සම්මාන හිමිවීමේ දී දැකිය හැකි වීම මෙන්ම කිසියම් වෙළෙඳ භාණ්ඩයකට හෝ සේවාවකට සම්මානයක් හිමිවීමේ දී ද අදාළ වෙළෙඳ භාණ්ඩය ජනතාව අතර වඩාත් ප්‍රචලිත කළ හැකි වරප්‍රසාදයක් වශයෙන් එම සම්මානය අදාළ ආයතනය විසින් භාවිතයට ගැනීමද දැකගත හැකිය. එහෙත් මෙම තත්ත්ව හා සැසඳීමේ දී බ්ලොග්කරුවෙකුට සම්මානයක් හිමිවීම තුළ ඇත්තේ හුදෙක්ම සමාජයීය වටිනාකමක් පමණක් වන අතර එය වාණිජ පරමාර්ථවලින් තොරව ස්වේච්ඡාවෙන් බ්ලොග්කරණයේ නියැලෙන බ්ලොග්කරුවන් සතුවන සුවිශේෂී ලක්ෂණයක් වශයෙන් ද පෙන්වා දිය හැකිය.

එහෙත් මෙසේ ස්වේච්ඡාවෙන් සිය ආත්ම තෘප්තිය උදෙසා බ්ලොග්කරණ‍යේ නියැලෙන බ්ලොග්කරුවන් දෙස සමාජයේ ඇතැම් පිරිස් තුළ ඇත්තේ සාධනීය ආකල්පයක් නොවේ. එනම් රාජ්‍ය නොවන සංවිධානවලින් ලබා දෙන මුදල් ආධාර බලාපොරොත්තුවෙන් හෝ වෙනයම් වාණිජ පරමාර්ථයක් ඉටු කර ගැනීමේ අරමුණින් යුතුව බ්ලොග්කරුවන් මෙසේ බ්ලොග්කරණයේ නියැලෙන බවට ඇතැම් පිරිස් විසින් චෝදනා නැගුව ද එම චෝදනා කිසිවක් කිසිදු පදනමක් නොමැති ප්‍රකාශ වන බව අවධාරණය කළ යුතුය. මෙම තත්ත්වය එක්තරා දුරකට බ්ලොග්කරුවන් හමුවේ ඉදිරිපත් වී ඇති අභියෝගයක් වශයෙන් ද පෙන්වා දිය හැකි අතර බ්ලොග්කරුවන් සම්බන්ධයෙන් සමාජයේ ඇතැම් පිරිස් තුළ පවත්නා එම නිශේෂධනීය ආකල්ප යම් තරමකට හෝ නිවැරදි කිරීමට මෙවැනි සම්මාන උළෙලවල් පැවැත්වීම ඔස්සේ අවකාශය උදාවේ.

එසේම බ්ලොග්කරුවන් මුදල් හෝ වෙන ඕනෑම ආකාරයක වාණිජ අරමුණක් පදනම් කර ගනිමින් බ්ලොග්කරණයේ නියැලීම සිදු නොකළද බ්ලොග්කරණය සඳහා ඔවුන්ට යම් පිරිවැයක් දැරීමට සිදුවී තිබේ. එනම් අන්තර්ජාල ප්‍රවේශය සඳහා අවශ්‍ය වන දත්ත භාවිත කිරීමට මෙරටේ දුරකථන සමාගම්වලට ගෙවිය යුතු වන මුදල මෑත කාලය වන විට ඉතා ඉහළ ගොස් තිබේ. විශේෂයෙන්ම මේ වන විට මේ සඳහා පනවා ඇති බදු මුදල් අප දත්ත ලබා ගැනීම සඳහා ගෙවන මුදලින් හරි අඩක් එනම් 50% ක් වන තරමටම ඉහළ දමා ඇති බැවින් රැකියාවක් කිරීමෙන් උපයා ගනු ලබන මුදලින් සැලකිය යුතු මුදලක් දත්ත සඳහා වියදම් කිරීමට සිදුවීමේ දී එයින් හරි අඩක් බදු මුදල් වශයෙන් ගෙවීමට සිදුවීම බ්ලොග්කරුවන්ට මුහුණ දීමට සිදුවී ඇති අභාග්‍යසම්පන්න තත්ත්වයකි. බ්ලොග්කරණය ස්වේච්ඡා සේවයක් වුවද මෙසේ දත්ත සඳහා අධික මුදලක් බදු පැනවීම හේතුවෙන් ඒ සඳහා අධික මුදලක් වැය කරන්නට සිදුවීම බ්ලොග්කරුවන් අධෛර්යයමත් කිරීම සඳහා හේතු වන තත්ත්වයක් වශයෙන් ද හඳුන්වා දිය හැකිය. එහෙත් මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදනයේ දී රජයේ වගකිව යුතු පිරිස් දැනුවත් කිරීමට කටයුතු කර ඇතත් එය බිහිරි අලින්ට වීණා වැයීමක් බවට පමණක් පත්වී තිබේ.

මෙසේ බ්ලොග්කරුවන්ට හා බ්ලොග්කරණයට වාණිජමය තත්ත්ව හේතුවෙන් මුහුණ දීමට සිදුවී ඇති අභියෝගවලට අමතරව අන්තර්ජාලයේ වෙනත් සේවාවන් හේතුවෙන් ද අභියෝග එල්ල වී තිබේ. එනම් ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි භාවිත කිරීමට සමාජයේ බොහෝ පිරිසක් ඇබ්බැහි වී සිටීම තුළ බ්ලොග්කරණයට යොමුවීම හා බ්ලොග් අඩවි පාඨනය කිරීම සඳහා අන්තර්ජාල පරිශීලකයින් යොමුවීම සම්බන්ධයෙන් අර්බුදයක් උද්ගතවී තිබීම මේ සඳහා නිදසුනක් වශයෙන් පෙන්වා දිය හැකිය. එය එක්තරා දුරකට බ්ලොග් අඩවියක් සඳහා පාඨකයින් යොමු කර ගැනීමේ බාධාවක් වශයෙන් ද පෙන්වා දිය හැකිවන්නේ මේ වන විට බොහෝ අන්තර්ජාල පරිශීලකයින් පිරිසක් විශේෂයෙන්ම ෆේස්බුක් අඩවිය තුළ සිය විවේක කාලය ගෙවා දමන්නට හුරුවී ඇති බැවිනි. එසේම අද වන විට බ්ලොග්කරුවන් වශයෙන් සැලකිය හැකි වන්නේ පුද්ගලික බ්ලොග් අඩවියක් පවත්වාගෙන යනු ලබන පිරිස පමණක් නොවන බැවින් ෆේස්බුක්, ගූගල් ප්ලස් වැනි සමාජ ජාල වෙබ් අඩවි තුළ බ්ලොග්කරණයේ නියැලෙන බොහෝ පිරිසක් ද අද වන විට දැකිය හැකි වන අතර ඒ සඳහා ද අන්තර්ජාල පාඨකයින් යොමු වී තිබේ. මෙම තත්ත්වය හේතුවෙන් පුද්ගලික බ්ලොග් අඩවියක් පවත්වාගෙන යමින් බ්ලොග්කරණයේ නියැලෙන බ්ලොග්කරුවන් යම් අභියෝගයකට මුහුණ පා ඇති බව පැවසිය හැකිය.

මෙසේ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ බ්ලොග්කරණය සඳහා එල්ල වී ඇති අභියෝග සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී බ්ලොග් අඩවියක පළ කරනු ලබන කිසියම් ලිපියක් හෝ වෙනත් පළ කිරීමකට අදාළව පාඨකයින් විසින් පළ කරනු ලබන අදහස් දැක්වීම් (Comments) සමාජ ජාල වෙබ් අඩවියක යම් පළ කිරීමක් සිදුකළ විට පාඨකයින් වෙතින් පළවන අදහස් හා සැසඳීමේ දී අවම මට්ටමක පවතී. මෙම තත්ත්වය වඩාත් පැහැදිලිව ඉස්මතු වන අවස්ථාවක් වන්නේ එකම පළ කිරීමක් බ්ලොග් අඩවියක හා සමාජ ජාල වෙබ් අවකාශයක පළ කිරීමේ දී ඒ සඳහා සමාජ ජාල අවකාශය තුළ දී විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් හිමිවීම සහ බ්ලොග් අඩවියක් තුළ දී එයට සාපේක්ෂව අඩු ප්‍රතිචාර ප්‍රමාණයක් පාඨකයින් වෙතින් ඉදිරිපත් වීමය. විශේෂයෙන්ම සමාජ ජාල වෙබ් අඩවි වෙත පරිශීලකයින්ට ඉතා පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා ජංගම යෙදුම් මෘදුකාංග (Mobile Applications) හඳුන්වා දී තිබීම තුළ මිතුරු මිතුරියන් හා සම්බන්ධතා පැවැත්වීම සඳහා දෛනිකව විශාල පිරිසක් සමාජ ජාල වෙත ප්‍රවේශ වන බැවින් එම පුළුල් අවකාශය තුළ කිසියම් පළ කිරීමක් සිදු කළ විට එම පළ කිරීම මිතුරු ජාලය ඔස්සේ වඩාත් ව්‍යාප්ත වීම හේතුවෙන් මෙසේ විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් කිසියම් පළ කිරීමක් සඳහා ලැබෙන නමුත් සමාජ ජාල වෙබ් අවකාශයට වඩා පුද්ගලික බ්ලොග් අඩවියක සිදු කරන පළ කිරීමක් ව්‍යාප්ත වීම තුළ පවත්නා යම් යම් සීමාවන් හේතුවෙන් ලැබෙන ප්‍රතිචාර ප්‍රමාණය අවම මට්ටමක පවතින බව පැවසිය හැකිවේ.

මේ අනුව සැලකීමේ දී ලාංකේය බ්ලොග්කරුවන් හා බ්ලොග්කරණය හමුවේ ඇති අභියෝග සම්බන්ධයෙන් ඉහත ආකාරයට අවධානය යොමු කළ හැකිය. ඒ අනුව එවැනි අභියෝග ගණනාවක් හමුවේ වුවද බ්ලොග්කරණයේ නියැලෙන ලාංකේය බ්ලොග්කරුවන් වෙනුවෙන් සම්මාන උළෙලක් පවත්වා ඔවුන්ව යම් කිසි ඇගයීමකට ලක් කිරීම තුළ බ්ලොග්කරණය ප්‍රවර්ධනය වීමට ද අවස්ථාව සැලසේ. විශේෂයෙන්ම සම්මාන බලාපොරොත්තුවෙන් බ්ලොග්කරණයේ නියැලීමට කටයුතු නොකළත් එම ස්වේච්ඡා සේවයට ඇගයීමක් වශයෙන් සම්මානයක් හිමිවීම බ්ලොග්කරුවන්ගේ නිහඬ සේවය අගය කිරීමක් වන බව ද අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

(මෙම සම්මාන උළෙලේ දී නාලක ගුණවර්ධන මහතා විසින් පැවැත්වූ දේශනය තුළ බ්ලොග්කරුවන් හමුවේ ඇති අභියෝග සම්බන්ධයෙන් එතුමා විසින් ඉදිරිපත් කළ අදහස් මෙම ලිපිය ලිවීම සඳහා මා විසින් පාදක කර ගන්නා ලදි.)
http://iranga.net

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29585,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලාංකේය බ්ලොග්කරුවන් හා බ්ලොග්කරණය හමුවේ ඇති අභියෝග
ලාංකේය බ්ලොග්කරුවන් හා බ්ලොග්කරණය හමුවේ ඇති අභියෝග
http://ift.tt/2nyhBk1
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_772.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_772.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy