දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ආරුගම්බේ අරුමය හා කරුමය

ඒ කාලයට beach එක පේන්නේ නැති තරමටම මිනිස් හිස්වලින් පිරිලා! නමුත් පළපුරුදු surfers ලට විතරක් නෙමෙයි surf කරන්න කැමති නවකයන්ටත් ආරුගම්බේ ක...

ආරුගම්බේ අරුමය හා කරුමය

ඒ කාලයට beach එක පේන්නේ නැති තරමටම මිනිස් හිස්වලින් පිරිලා! නමුත් පළපුරුදු surfers ලට විතරක් නෙමෙයි surf කරන්න කැමති නවකයන්ටත් ආරුගම්බේ කියන්නේ ඉතා වටිනා තෝතැන්නක්. මේ නිසාම " main point" හා 'baby Point' වශයෙන් වෙන් වෙන්ව ස්ථාන දෙකක් දැකගන්න පුළුවන්.

Surf කරන්න නොදන්න අයට ඒ අත්දැකීම දෑසින් හරි විඳගන්න අපිත් පහුගිය දවසක ලංකාවේ නැගෙනහිර වෙරළබඩ ඇති ආරුගම්බේ ගියා. ගමනට වරුවක්ම ගතවුනත් මාර්ගයේ දෙපස දැකුම්කළු පරිසරය නිසාම ගමන් මහන්සිය වැඩිය දැනුනේ නෑ. කලින් දවසේ මඩකලපුවෙ හිටිය නිසා උදෑසනම A4 මාර්ගයේ කල්මුණේ, කෝමාලි, පොතුවිල් පහුකරගෙන දවල් වෙද්දි ආරුගම්බේට එන්න අපිට හැකි වුණා. මේ මාර්ගයේ හමුවෙන සිංදු කියන මාළුවන් සිටින මඩකලපුවේ ප්‍රසිද්ධ කල්ලඩි පාලම අපි කාටත් ඉතා උද්යෝගිමත් දසුනක් වුණා. හැබැයි අපි ගිය දවස off season එකේ මුල් භාගයේ වුණ නිසා වැඩි අපහසුවක් නැතුවම නිදහසේ විනෝද වෙන්න හැකි වුණා. අපිට දැනගන්න ලැබුන විදියට මුහුදු වතුර මට්ටමත් පෙරට වඩා අඩි 6 ක් 7ක් විතර off season එකේදී අඩුවෙනවා. ඒ වගේම තමා ආරුගම්බේ සේවා සපයන්නගේ දවසේ ආදායම , දවසකට ලක්ෂ 2 ක් 3 ක් හොයද්දී, රුපියල් 1000 ක් හොයන්නත් කට්ටක් කන දවස් එමටයි! දැන් ඔබට හිතෙනවා ඇති ආරුගම්බේ හරි දියුණුයි කියලා. නමුත් හැමදේකම වගේ අඳුරු අමිහිරි පැතිකඩකුත් ආරුගම්බේට තියෙනවා. නිතර යන එන උදවිටය වුණත් හැඟෙන දෙයක් තමයි කලින් අවුරුදු වලට වඩා වර්තමානයේදී ඉතා සීඝ්‍ර ලෙස එන සංචාරකයින් ප්‍රමාණය අඩුවීම. සීයට හැත්තෑවකින් පමණ අඩුවෙලා කියලයි කියන්නේ. මෙයට ප්‍රධානතම හේතුවක් තමයි, සංචාරකයන් හට ගෞවරණිය සුහද සේවාවක් සපයන්නට අපොහොසත් වීම. විදේශිකයන් සමඟ නොයෙකුත් සුළු සුළු වාසි තකා , රණ්ඩුසරුවල කරන guides ලා වගේම, දේශිකයන්ව නොසලකා හැර පහත් කොට සේවා සපයන්නෝද ඉතා සුලබයි. මෙවැනි අසාධාරණයන් දේශීය සංචාරකයන් සුළුවට තැකුවත් විදේශිකයන් නොයෙකුත් සමාජ ජාලා, මාධ්‍ය හා සන්නිවේදන ක්‍රම මඟින් ලෝකේම දැනුවත් කරනවා. මේ නිසාම, අද ආරුගම්බේට ලොකු කළු පැල්ලමක් එකතු වෙලා තියෙනවා. මේ ගැන සංචාරක ක්‍ෂේත්‍රයේ බලධාරීන් අවධානය යොමු කරළ යුතු කරුණක්.

සංචාරකයන්ට ඉතාමත් සුහදව, ගෞරවයෙන් හා සමමට්ටමෙන් සලකා ඉතා චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හසුරුවන උදවියද නැතුවා නොවේ. මේ අයගෙන් බොහෝමයක්, පිට පළාත් වලින් පැමිණි, කුඩා කල හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලැබූ, සංචාරක කර්මාන්තය පිළිබඳ හොඳ දැනුමක් ඇති අය. ඒ නිසාම කිසි වැරදි වැටහීමකින් තොරව, අනිසි වැඩ වලින් තොරව, customer ලා බලාපොරොත්තු වන සේවාව සපයන්න හැකි වෙනවා. ඒ අයගෙන් කෙනෙක් තමා “කළු අයියා” කියන්නේ.

ආරුගම්බේ “ Ishara Bay Village” හි හිමිකරු වන ඔහු, නුවරින් පැමිණි මැදි වයසේ කාලවර්ණ තරුණයෙක්. ඔහු අපට සඳහන් කළ විදියට කර්මාන්තයේ දියුණුව රඳා පවතින්නේ හැම සුළු බැදීමක්ම මත. ඒ නිසාම සංචාරකයන්ට හොඳ අත්දැකීමක් පමණක් නොව ආරක්ෂාවක් වගේම රැකවරණයක් ලබාදීම හැම සේවා සපයන්නෙක්ගේම වගකීම. මෙවැනි වටිනා අපූරු මිනිසුන් සමග අපේ මුළු සවස් කාලයම රන්වන් මුහුදු වෙරළ මත ගෙවා දමන්න අපි තීරණය කළා.

විවිධ වර්ණයන්ගෙන් සැරසුණු ධිවර යාත්‍රා, surf boards වගේම 'Cabanas' ද ආරුගම්බේට ගෙන එන්නේ ආවේණික වූ නැවුම් අත්දැකීමක්. අපිට Surf කරන්න බැරි වුණාට මොකද පළපුරුදු surfers ලා එක්ක තරඟ කරන හැඩිදැඩි සුනඛයන්ද ආරුගමේබේ ට අලුත් දෙයක් නෙවෙයි. ඉර බැහැගෙන යනවත් එක්කම හොඳට නාගෙන, වැලිමාළිගාවක් හදලා, cabana වකටත් ඔළුව දාලා ඒ හැමදේම හොඳින් විඳගෙනත් එන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙවේ සිංහ රෑපයක් තම පපුවේ කොටාගෙන ඉන්න අපූරු “කළු අයියා” වත් මුණගැහිලා අත්දැකීම් බෙදාගන්නත් උත්සහ කරන්න. මොකද අද ආරුගම්බේට අත්වෙලා තියෙන ඉරණමෙන් මුදවා ගැනීම “කළු අයියාගේ” වගේම, ලංකාවට ආදරේ ඇති අපි සියළුදෙනාගේම වගකීමක්.

නාලා කාලා අපි වගේ fun එකක් ගත්තට, හොඳ කල්පනාවෙන් ආරුගම්බෙට ගිහින් එන්නත් අමතක කරන්න එපා!

ඉන්දීවරී චන්ද්‍රසේකර

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29548,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආරුගම්බේ අරුමය හා කරුමය
ආරුගම්බේ අරුමය හා කරුමය
http://ift.tt/2mdUDNj
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_932.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_932.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy