බෝදාගම ප්‍රදේශය තුල ඇතින්නියක් වැටී සිටින බවට ප්‍රදේශවාසීන්ගෙන් වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඇතින්නිය අල්ලා ගැනීමේ මෙහෙයුමක් (1...
බෝදාගම ප්‍රදේශය තුල ඇතින්නියක් වැටී සිටින බවට ප්‍රදේශවාසීන්ගෙන් වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඇතින්නිය අල්ලා ගැනීමේ මෙහෙයුමක් (18) පෙරවරුවේ දියත් කර ඇතින්නිය අල්ලාගනු ලැබීය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී උඩවලව ඇත් අතුරු සෙවනේ වනජීවී පශු වෛද්‍ය විජිත පෙරේරා පවසා සිටියේ රිය අනතුරක් නිසා ඇතින්නියගේ හිසට සිදුවී ඇති හානියක් හේතුවෙන් ස්නායු ආබාධයකට ලක්ව ඇති බවයි. මේ වන විට ඇතින්නගේ තත්වය අසාධ්‍ය බවද කෙසේ නමුත් ඇතින්නට අවශ්‍ය ප්‍රතිකාර ලබාදී මවුආර ජලාශය ප්‍රදේශයට මුදා හැරු බවත් ඔහු පවසා සිටියේය.
ඇතින්නියගේ තත්වය සම්බන්ධයෙන් අද (19) සිදුකල සොයා බැලීමේදී මවු ආර ජලාශය ආසන්නයේම ඇය පැටවෙකු බිහිකර සිටිනු දැකගත් බව පශු වෛද්‍ය විජිත පෙරේරා මහතා පවසයි. කෙසේනමුත් ඇතින්නිය අසනීප තත්තයේ සිටින නිසා පැටවාගේ ආරක්ෂාව පිළිබද අවදානමක් තිබෙන බවද ඒ හේතුවෙන් වනජීවී නිලධාරින් ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
COMMENTS