දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇගේ නම ''අම්මා'' ය
Homeවිශේෂ පුවත්

ඇගේ නම ''අම්මා'' ය

PropellerAds

පසුගිය කලාපයේ සඳහන් කළ යෝධ බූවල්ලා මෙන්, මේ පැසිෆික් බූවල්ලා බිත්තර දැමීම සඳහා තෝරාගන්නේ ගල් පැලුමක් වැනි විවරයක් නොවේ. ඇගේ තෝරාගැනීම වෙන...

Makandure Madush arrested in Dubai
ස්වර්ණවාහිනී ඇතුළු ඊ.ඒ.පී. ජාලය කොටි සල්ලිවලින් මිලට ගනී..
රෝහිත-ටට්යානා පල්ලියේ විවාහය කතෝලික සම්ප‍්‍රදාය කඩලා කියා දේවධර්ම නිකේතනයේ මත ගැටුම්.. දිවැසිවරු විරුද්ද වෙති..
ඇගේ නම ''අම්මා'' ය
පසුගිය කලාපයේ සඳහන් කළ යෝධ බූවල්ලා මෙන්, මේ පැසිෆික් බූවල්ලා බිත්තර දැමීම සඳහා තෝරාගන්නේ ගල් පැලුමක් වැනි විවරයක් නොවේ. ඇගේ තෝරාගැනීම වෙනස් ය. ඇය සංවාසයේ යෙදුණේ මෙයට ස්වල්ප වේලාවකට පෙර හෙයින් ඇයට දැන් අවශ්‍ය වන්නේ සරණක් සහිත විවේක ස්ථානයකි.
 
ඈ සුදු පැහැති කොරල්පර අතරින් සෙමෙන් ඉදිරියට ඇදුණාය. සිය අභය භූමිය ප්‍රවේසමෙන් තෝරාගත්තීය. ඉදිරියේ උදාවන මාස කිහිපය සඳහා ම සැබවින්ම ජීවිතාන්තය දක්වා ම ඇගේ වාසභූමිය වන්නේ මෙතැන ය. මෙය ඈ දරුවන් වදනා ගුහාවයි. ඒ හා සමාන ව ම මේ ඇගේ සුසානයයි.
 
ඈ බිත්තර ලක්‍ෂ ගණනක් ලෑවාය. ඉන්පසු දිවි හිමියෙන් ඒවා රැකබලා ගැනීම අරඹුවාය. එසේ රැකබලා නොගන්නේ නම් එක්කෝ ගොදුරු ගසා කන්නන් බිත්තර රසට වහ වැටෙනු ඇත. නැතිනම් නුසුදුසු පරිසරයකදී බිත්තර නරක් වන්නට වුවත් ඉඩකඩ තිබේ. පැසිෆික් බූවල්ලාගේ බිත්තර දිස්වන්නේ කහ පැහැති මිදි වලු ලෙසට ය. ඒ තුළ ජීවය නළියයි. සොබාදහම විසින් තිළිණ කර ඇති දරු සෙනෙහස නිසා ඒවා ඇයට සිය ප්‍රාණ සමාන ය.
 
එනිසා ඈ සිය ග්‍රාහිකාවලින් බිත්තරවලට පවන් සලන්නීය. ඒ කහ පැහැති මිදි වලු ගුහා පියස්සෙන් එල්ලා වැටේ. ඒ තුළ කලු පැහැති ඇස් රැසකි. ඒවා මනා සේ මේරීමට නම් මනා සේ ඒවාට ඔක්සිජන් ලැබිය යුතු ය. ඒවා මතින් ඇල්ගී නොවැඩෙන බවට සහතික වන්නීය. මසුන් ගේ ආහාර බවට ඒවා පත්නොවනු පිණිස වගබලා ගන්නීය. අවට ඇති ජලය පල් නොවී පිරිසුදු වාතය ම බිත්තර අවට සංසරණය වීම සහතික කිරීම පිණිස ඇය ඒ ජලය සිය ග්‍රාහිකාවලින් නිරන්තරයෙන් කලතන්නීය.
 
පුරා මාස හයක් ම ඈ මේ ආකාරයෙන් බිත්තරවලට රැකවල් සදන්නීය. මාස හයක් ම ඇසි පිය නොහෙළා දරුවන් රකින්නීය. බිජුවට තුළ මෝරන දරු පැටවුන්ගේ ඡායාවෙන් සැනසෙන්නීය. තමන් ගැන අබැටකුදු නොසිතන්නීය. කිසිවක් ම ආහාරයට නොගන්නීය. දරාගත නොහැකි කුසගින්න මහ පොළොව සේ උහුලන්නීය. සෙමෙන් මිය යන්නීය.
 
octopus 2
 
බිත්තර තුළ වූ ජීවය ක්‍රමයෙන් වැඩේ. අවසානයේ එක් රාත්‍රියකදී බූවලු පැටවුන් එකා බැගින් බිත්තර පිපිරී පිටතට එයි. බූවලු අම්මා සිය අවසන් ශක්තිය ද කැටිකර ගනිමින් උන් මතට අවසන් ජල ධාරාවත් යවමින් උන්ට ගුහාවෙන් පිටතට පිහිනා ඒමට ඉඩ පාදා දෙන්නීය. මේ ඇය පැටවුන් වදන ප්‍රථම, එකම සහ අවසන් අවස්ථාවයි. අවසානයේ පැටවුන් සියලු දෙනාම ගුහාවෙන් එහා තිබෙන විසල් සාගරය වෙත පිහිනා යන විට ඇගේ නිසල දේහය මතින් කුඩා දිය රැළි නැංවෙයි.
 
ඒ අම්මා දරුවන්ට දිවිදීම උදෙසා සිය දිවි දී දින කිහිපයක් ගත වන විට සාගරයේ සිටිනා වඩාත් ම කලහකාරී බූවල්ලා වන පික්නොපෝඩියා පසැඟිල්ලා ට ගුහාව තුළින් යම් අමුත්තක් දැනෙයි. පික්නොපෝඩියා දැවැන්තයෙකි. විසල් නගරයක වීදියක් අසබඩ තබා තිබෙන දැවැන්ත කුණු කූඩයක පියනක් තරමට ඌ විසල් ය. අති සංවේදී නාල පාදිකාවලින් උගේ සෑම බාහුවක් ම ආවරණය වී තිබේ. පික්නොපෝඩියාවන් සිය ගොදුරු හඳුනාගන්නේ ස්පර්ශයෙන් හා ගන්ධයෙනි. පණසුන් ගොදුරක් පවා සිය ලැයිස්තුවෙන් අත්හැරීමට ඌ අකමැති ය. පෙර කී යෝධ බූවලු අම්මාගේ සිරුර ගැන ද උගේ නිගමනය එයයි.
 
උගේ නාල පාදිකා කඩිමුඩියේ බූවලු අම්මාගේ සිරුර වටා එතෙයි. ඒවා විසින් විගසින් පෝෂණය උරා ගැනේ. ඉන්පසු යෝධ ග්‍රාහිකා යොදාගෙන එම සිරුර ගුහාවෙන් පිටතට ඇදගෙන එනු ලැබේ.
 
තත්පර කිහිපයක් ඇතුළත ගැඹුරු සයුරේ වෙසෙන අනෙකුත් කසළ බුදින්නෝ ද ලහි ලහියේ එතැනට එති. දැන් මළකුණ සඳහා තියුණු තරගයකි. පික්නොපෝඩියාවන් ශක්තිමත් නමුත් ඊට වඩා ශක්තිමත් කසළ බුදින්නෝ ද සාගරයේ වෙති. කෙසේ නමුත් අවසානයේ මිනිත්තු කිහිපයක් ගත වන විට, සිය පැටවුන් ඔබ මොබ ඇවිදිමින් සිටි සාගර පත්ලේදී ම, බූවලු මවගේ මළ සිරුර තිබූ තැනක්වත් සොයාගත නොහැකි පරිදි අතුරුදන් වී යයි.
 
 -අවුට්බවුන්ඩ් ටුඩේ
 
octopus 1
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29552,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇගේ නම ''අම්මා'' ය
ඇගේ නම ''අම්මා'' ය
http://ift.tt/2ll9chY
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_875.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_875.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy