දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඩුබායි මැරියට් නන්දනව ආණ්ඩුවට සෙට් කළේ සජින්ලු
Homeවිශේෂ පුවත්

ඩුබායි මැරියට් නන්දනව ආණ්ඩුවට සෙට් කළේ සජින්ලු

PropellerAds

එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පළමුව සජින් ද වාස් අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු හමු වී තමාට වත්මන් ආණ්ඩුව යටතේ ඇති නඩු කටයුත...

දිවිනැගුම නැවතත් සමෘද්ධිය වෙයි
ශ්‍රී ලංකා - චීන සබඳතාවයට වසර හැටයි
පකිස්ථාන් සුපර් ලීග් අද ඇරඹෙයි
ඩුබායි මැරියට් නන්දනව ආණ්ඩුවට සෙට් කළේ සජින්ලු

එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පළමුව සජින් ද වාස් අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු හමු වී තමාට වත්මන් ආණ්ඩුව යටතේ ඇති නඩු කටයුතුවලින් සහනයක් ගැනීමට පහසුකම් සලසා දෙන්නේ නම් රාජපක්ෂ පවුලට අයත් ඩුබායි බැංකු ගිණුම් සම්බන්ධව සියලු තොරතුරු නන්දන ලොකුවිතාන හරහා අග්‍රාමාත්‍යවරයාට ලැබෙන්නට සැලැස්වීමට හැකි බවත් ඊට සහාය දැක්වුවහොත් සම්බන්ධීකරණ ලේකම්වරයාට මෙන්ම එජාප පක්ෂ අරමුදල වෙනුවෙන් ද මූල්‍යාධාර සිදු කිරීමට ද තමන් සූදානම් බව පවසා ඇත.

පසුව අදාළ සම්බන්ධීකරණ ලේකම්වරයා සජින් ද වාස් වෙත ආණ්ඩුවේ ප්‍රභල අමාත්‍යවරයකු මුණ ගස්සවා ඇති අතර එහි දී ද සජින් ද වාස් රාජපක්ෂ පවුලට අයත් ඩුබායි බැංකු ගිණුම් සම්බන්ධව සියලු තොරතුරු නන්දන ලොකුවිතාන හරහා හෙළිකර දෙන බවට මෙන්ම පක්ෂ අරමුදල සඳහා රුපියල් මිලියන 500ක් ලබා දෙන බවට ද පොරොන්දු වී තිබේ. ඊට අනුව අදාළ ප්‍රභල අමාත්‍යවරයා සජින් ද වාස් හරහා නන්දන ලොකුවිතාන සමඟ සබඳතා ඇති කරගෙන ඔහුව මුණගැසී ඇති අතර රාජපක්ෂවරුන්ගේ ගිණුම් හෙළි කිරීම හේතුවෙන් මතු වන ජීවිත තර්ජනවලින් මිදීම සඳහා ප්‍රභූ ආරක්ෂාව භාර රජයේ ආරක්ෂක අංශයක අට දෙනකුගෙන් යුතු ආරක්ෂාව ද සපයාගෙන ඇත.

කෙසේ වුවත් මේ අතර සජින් ද වාස් අත්අඩංගුවට ගැනෙන අතර පසුව ඇප ලබා එළියට පැමිණීමෙන් පසුව ඔහු බලාපොරොත්තු වූ පරිදි ආණ්ඩුව වෙතින් සහනයක් නොලැබීම හේතුවෙන් පෙරළා රාජපක්ෂ පවුලේ අය හමු වී ඇති අතර ඒ හමුව සිදුව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේගේ නිවසේදීය. එහි දී සජින් තමන් වත්මන් ආණ්ඩුව සමඟ ඇති කරගත් සම්බන්ධය මෙන්ම තමන් එම තොරතුරුවලින් බාගයක්වත් හෙළි නොකළ බවත් එහෙත් නන්දන ලොකුවිතාන සමඟ ඇති කළ නව සම්බන්ධය හරහා රාජපක්ෂවරුන්ගේ කළු සල්ලි මෙරට තුළම ආයෝජනය කරවීමට අවස්ථාව ඇති බවත් පවසා ඇත.

එහි දී රාජපක්ෂ පවුලේ ද එකඟතාව මත සජින් විසින් නන්දන යොදවා ආයෝජන කටයුතු අරඹා ඇති අතර මේ වන විටත් ලැබී ඇති ආරංචි මාර්ග තහවුරු කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ඔරුවල වානේ සංස්ථාව මිලදී ගැනීම සඳහා ද නන්දන ආයෝජන කර තිබෙන්නේ රාජපක්ෂ පවුල සතු කළු සල්ලි වන බවය. එම ගනුදෙනුව තුළ දී නන්දන ආණ්ඩුවේ තවත් ප්‍රබල අමාත්‍යවරයකු සමඟ ද සම්බන්ධතා ගොඩනඟාගෙන ඇති අතර මීට පෙර අප පුවත්පත හෙළි කළ සිලෝන් ස්ටීල් කෝපරේෂන් ලිමිටඩ් (ලංවා - සංස්ථා වානේ) ආයතනයට බල නොපැවැත්වෙන ලෙස මෙරට අන් සියලුම වානේ ආනයනකරුවන්ට පමණක් බලපැවැත්වෙන පරිදි පනවනු ලැබූ අසාධාරණ බදු සහනය ලබා ඇත්තේ ඒ ආණ්ඩුවේ ප්‍රබලයාගේ සහාය ලබා ගනිමින්ය.

එසේම සී/ස රිජිඩ් ටයර් (පුද්) සමාගම නමින් ඇමරිකානු ඩොලර් මිලියන 75ක ආයෝජනයක් සිදු කිරීම සඳහා වාර්ෂිකව රු. 100 බැගින් හෙවත් 99.98 %ක බදු සහනයක් යටතේ 99 අවුරුදු බද්දට අක්කර 100 ක් ගැනීමට ද නන්දනට සහාය දී ඇත්තේ ඉහත සඳහන් කළ ආණ්ඩුවේ ප්‍රබලයන් බවත් අග්‍රාමාත්‍යවරයාව ටයර් කර්මාන්තශාලාව ඉදිකිරීමේ කටයුත්තේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී කරවීම සඳහා ද එම අමාත්‍යවරුන් මැදිහත් වී ඇති බවත් මේ වන විට හෙළි වී ඇතැයි දැන ගන්නට ඇත.

මීට අමතරව නන්දන, සජින් ද වාස්ගේ උපදෙස් සහ මඟ පෙන්වීම මත ජනාධිපතිවරයා සමඟ ද සබඳතා ඇති කර ගැනීමට අවස්ථා කිහිපයක දී උත්සාහ දරා ඇති බව ද හම්බන්තොට ඉදිකරමින් ඇති ආයෝජන කලාපය තුළ තවත් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට ද ආයෝජනය කර ඇති බවට හෝඩුවාවන් ලැබී ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

එසේම දැනටමත් හෙළි වී ඇති තොරතුරු මත පදනම්ව රාජපක්ෂ රෙජීමයේ කළු සල්ලි සුදු කිරීමට මෙරට ආයෝජන යොදා ගැනීම සම්බන්ධව විමර්ශන අඛණ්ඩව සිදු වන බවත් නන්දන ලොකුවිතාන සම්බන්ධ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පරීක්ෂණ යට යාම ඇතුළුව දූෂණ කටයුතුවලට සම්බන්ධව ආණ්ඩුවේ පාර්ශ්වයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29554,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඩුබායි මැරියට් නන්දනව ආණ්ඩුවට සෙට් කළේ සජින්ලු
ඩුබායි මැරියට් නන්දනව ආණ්ඩුවට සෙට් කළේ සජින්ලු
http://ift.tt/2kQo9ZA
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_5.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_5.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy