හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
රජය එවැනි තීරණයක් ගෙන ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව අමාත්‍යවරා පෙන්වා දුන්නේ අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක දීය.
අධිකරණය ස්වාධීනව කටයුතු කරන බවත්, ඊට බලපෑම් එල්ල කිරීමට රජයට වුවමනාවක් නොමැති බව ද අමාත්‍යවරයා එහිදී අවධාරණය කර තිබේ.
මේ අතර ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා පසුගියදා පිටකෝට්ටේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ මේ රටට ආදරය කරන, රට බෙදනවාට, රටේ සම්පත් විකුණනවාට විරුද්ධ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවකගේ අභිලාෂයන්ට පිටු පා කටයුතු කරන මෛත්‍රී-රනිල් පාලනය, මහින්ද - විමල් ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් හිරේ දමා වසර 07කට ප්‍රජා අයිතිය අහෝසි කිරීමට සිතනවා නම් එය කිසිදා සැබෑ නොවන සිහිනයක් පමණක් බවයි.
2025 මැතිවරණයේදී ඡන්දය ඉල්ලන්න බෑ
“ඒකාබද්ධ විපක්‍ෂය බිමට සමතලා කරලා 2020දී පවත්වනු ලබන මැතිවරණයේදී තමන්ට නිතරඟ ජයක් ලබාගන්න අවශ්‍ය දේශපාලන පිට්ටනියක් හදන හැටි එදා(24) අශෝක් අබේසිංහගේ කටින් එළියට ආපු හැටි හැන්සාර්ඞ් වාර්තාවේ තිබෙනවා. ‘අද ඒකාබද්ධ විපක්‍ෂයේ බහුතරයක් ඉන්නේ ඇප පිට. සමහරු තවමත් රිමාන්ඞ් බන්ධනාගාරයේ ඉන්නවා. මේ සියලු දෙනාට ඉදිරියේදී අනිවාර්යයෙන්ම නඩු පැවරෙනවා. අපේ රටේ නීතිය අනුව මිනී මැරුමකට රිමාන්ඞ් බන්ධනාගාරගත වුණත් මාස දෙක - තුනක් එළියේ. ඊට පස්සේ අධිචෝදනා පත්‍ර භාර දුන්න. තමයි නඩුව අහන්නේ. ඒ නිසා ඒ ඉන්න හුඟක් අයට හෙට -අනිද්දා වන විට අධිචෝදනා ගොනු වෙයි. එක් කෙනෙකුට නඩු පහක් - හයක් තිබෙනවා. ඉදිරියේදී ඒ අයට අධිචෝදනා ගොනු කළාම ඒ නඩු අහන්න වෙනම උසාවියක් හදන්න කියලා අපි අගමැතිතුමාට කිව්වා..’ කියලා. නීතිය නමන පොලිස්පති ලවා තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන්ට එරෙහිව විමර්ශ සිදු කරලා ඔවුන් අත්අඩංගුවට අරගෙන නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරලා අධිචෝදනා ගොනුකරලා වෙනම අධිකරණයක් හදලා ඉක්මනින් නඩු අහලා හිරේ දමන බවයි මේ අශෝක් අබේසිංහ කියන්නේ.“
“ඊට පස්සේ මෙයා කියනාවා... ' 2017 වසරේ අධිචෝදනා පත්‍ර භාර නඩු අහලා තීන්දු දෙන විට 2018, 2019 වෙයි’ කියලා. ඊට පස්සේ තව අමතර විනාඩියක කාලයක් මුලසුනෙන් ඉල්ලා ගත්තු මේ රනිල් වික්‍රමසිංහගේ ගෝලයා මොනවද කියන්නේ? ... එතකොට ඔය තාජුඩින්ගේ මරණයට සම්බන්ධ අයට එහෙම වෙනම දඩුවම් ලැබේවි. අවුරුදු දෙක තුනකට හිරේ ගියාම ඒ අයට 2020 මැතිවරණයේදී ඡන්දය ඉල්ලන්න හම්බුවෙන්නේ නැහැ. මේ අය එළියට එන්නේ, 2021/2122 වසරේදී විතර. ලංකාවේ නීතිය අනුව මාස 3ක් හිරේ ගියොත් අවුරුද් 7කට ප්‍රජා අයිතිය අහෝසියි. එතකොට 2020/2029 දක්වා ප්‍රජා අයිතිය අහෝසියි. 2025 මැතිවරණයේදී ඡන්දය ඉල්ලන්න හම්බවෙන්නේ නැහැ. 2025 වසරේදී අපේ හිටපු ජනාධිපතිතුමාට අවුරුදු 82ක් වෙනවා. මේ අයට අවුරුදු 82දී එතුමා කොහේද ඉන්න ඕන කියලා කවුරුත් දන්නවා...“
‘බටලන්ද අලුත් තියරිය’
“රනිල් වික්‍රමසිංහ මහත්තයෝ මේකද ප්‍රජාතන්ත්‍රවාදය? මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ අනෙකුත් නායකයන් අඩුම තරමින් මාස තුනකටවත් හිරේ දමලා ඔවුන්ගේ ප්‍රජා අයිතිය වසර 07කටවත් අහෝසි කරන බව නේද මේ කියන්නේ. මේ තමයි ‘බටලන්ද අලුත් තියරිය’ එදා රනිල් වික්‍රමසිංහගේ බටලන්ද වදකාගාරයටත් බිය නොවුණු අපි අද මේ සෙල්ලම්වලට බය වෙයිද? ජවිපෙ අලුත් නායකයා රනිල්ට බයවෙලා අලි නැට්ටක් බවට පත් වුණාට අපි එහෙම වෙන්නේ නැහැ. අද ශ්‍රීලනිප ඇමතිවරු සහ ජවිපෙ අලි නැට්ටක් වෙලා. ඔවුන් අද කථා කරන්නේ මුඛයෙන් නොවෙයි අධෝ මුඛයෙන්.“
මේ ‘අලුත් බටලන්ද තියරිය’ රනිල් - අනුර සැලැස්මක්. මේ අයට අවශ්‍ය තනි දේශපාලන පිට්ටනියක්. මහින්ද, විමල් ඇතුළු ජාතිකවාදී නායකයන් හිරේ දමලා වසර 07කට ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළාම තනි පිට්ටනිය හැදෙනවා. හැබැයි මේ සිහිනය සැබෑ කර ගන්න ඉඩ දීලා අපි නිහඬව ඉඳිවි කියා හිතන්න එපාෟ ‘අප සමඟ මේ රටට පණවගේ ආදරය කරන රට බෙදෙනවාට විරුද්ධ, රටේ සම්පත් විකුණනවාට විරුද්ධ ලක්‍ෂ 50-70ක ජනතාවක් සිටින බව අමතක කරන්න එපා! කියලා මේ අවස්ථාවේ අපි මේ මෛත්‍රී - රනිල් රූකඩ - පරගැති ආණ්ඩුවට අවධාරණය කරනවා“ යැයි උදයශාන්ත ගුණසේකර මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හැකියි
උතුරේ සුනාමියෙන් අවතැන්වූ ජනතාව වෙනුවෙන් නිවාස හදන මුවාවෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් ලබා දී ඇති බවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වැරදිකරුවුවහොත් ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හැකි බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට පැවැසූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා කුරුණෑගල පැවැති ජනහමුවකදී සඳහන් කර තිබිණි.
ජනාධිපති කොමිසමක් හමුවේ විශේෂ පරීක්ෂණයක් කිරීමෙන් එසේ ප්‍රජා අයිතිය අහෝසි කළ හැකි බව ජනපති පැවැසූ බවද ඔහු පැවැසී ය.
COMMENTS