දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සයිටම් සම්පූර්ණයෙන් රජයට පවරාගන්නැයි නෙවිල්ගෙන් ඉල්ලීමක්
Homeප්‍රවෘත්ති

සයිටම් සම්පූර්ණයෙන් රජයට පවරාගන්නැයි නෙවිල්ගෙන් ඉල්ලීමක්

PropellerAds

තමන්ට සයිටම් ආයතනය ස්ථාපිත කිරීම සඳහා වැයවූ ණය මෙන්ම ආයතනයේ ආචාර්ය,මහාචාර්යවරුන්ට, වෛද්‍යවරුන් ඇතුළු සියලුමදෙනාට වැටුප් ගෙවීමට යන මුදල් ගෙ...

සයිටම් සම්පූර්ණයෙන් රජයට පවරාගන්නැයි නෙවිල්ගෙන් ඉල්ලීමක්

තමන්ට සයිටම් ආයතනය ස්ථාපිත කිරීම සඳහා වැයවූ ණය මෙන්ම ආයතනයේ ආචාර්ය,මහාචාර්යවරුන්ට, වෛද්‍යවරුන් ඇතුළු සියලුමදෙනාට වැටුප් ගෙවීමට යන මුදල් ගෙවීමට හැකිනම් ආයතනයේ අයිතිය සම්පූර්ණයෙන්ම පවරා ගන්නා ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව සයිටම් ආයතනයේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පවසයි.

ඊයේ (14) දිනයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමන් ඇතුළු බලධාරීන් හමුවූ අවස්ථාවේදී තමන් ඒ ආකාරයෙන් ඉල්ලා සිටි බව නෙවිල් ප්‍රනාන්දු මහතා පැවසීය.

ආයතනය පිහිටුවීම සඳහා ලබාගත් ණය බිලියන 2ක් පවත්නා බවත්, සේවය කරන උදවියට වැටුප් ගෙවීම සඳහා මසකට මිලියන 50 ක් වැයවන බවත්, එම විදයම් දරාගැනීමට හැකිනම් මෙම ආයතනය පවරාදීමට හැකි බව තමන් පැවසූ අවස්ථාවේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එය ප්‍රතික්ෂේප කළ බවත්, අඛණ්ඩව සිසුන් බඳවා ගන්නා ලෙස දැනුම්දුන් බවත් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.

හිටපු ජනාධිපතිවරයා සයිටම් ආයතනය පවත්වාගෙනයාම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවත්, එය වසාදැමීමේ අවශ්‍යතාව ඇත්තේ එතුමා අසළ සිටින ගොඩ පෙරකදෝරුවාටයි, ත්‍රී වීල් පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණේ මනුස්සයටයි  බවත් ඔහු මෙහිදී කියා සිටියේය.

හිටපු ජනාධිපතිවරයා විසින් සයිටම් ආයතනයේ කිහිපදෙනෙකුට ශිෂ්‍යත්ව දුන්නු බවට මාධ්‍ය මගින් ප්‍රචාරයක් ගෙන ගිය නමුත්, එම ශිෂ්‍යත්ව ලබාදුන්නේ තමන් විනා හිටපු ජනාධිපතිවරයා නොවන බවද නෙවිල් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.

ඒ සාමාර්ථ හා බී සාමාර්ථ ලබා ගත් නමුත් විශ්වවිද්‍යාලය අධ්‍යාපනයට අවස්ථාව නොලැබුණු කිහිපදෙනෙකුට අවස්ථාවක් දෙන ලෙස කරනු ලැබූ ඉල්ලීමක් අනුව උපකුලපති මල්කාන්ති චන්ද්‍රරත්න මිය සමග කතා බහ කොට තමන් විසින් එම කිහිපදෙනාට ශිෂ්‍යත්ව දුන් බවත්, ඒවා ප්‍රදානය කිරීම පමණක් හිටපු ජනාධිපතිවරයාගේ අතින් සිදුකෙරුණු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් තමන් මේ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයාගෙන්ද ඉල්ලා සිටින්නේ යළි ශ්‍රීලනිපයට එක්වී වත්මන් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙස බවත්, එසේ නොමැතිව හිටපු ජනාධිපතිවරයාට දේශපාලන අනාගතයක් නොමැති බවත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සයිටම් සම්පූර්ණයෙන් රජයට පවරාගන්නැයි නෙවිල්ගෙන් ඉල්ලීමක්
සයිටම් සම්පූර්ණයෙන් රජයට පවරාගන්නැයි නෙවිල්ගෙන් ඉල්ලීමක්
http://ift.tt/2l7N7Eq
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_182.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_182.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy