දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

දළඳා මාලිගාව හරිත කලාපයක් ලෙස නම්කරයි

ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු දියවඩන නිලමේවරයා සමග සාකච්ඡා කළ බවත් අවශ්‍ය පහසුකම් සිය අමාත්‍යංශය යටතේ ලබාදීමට පියවර ගන්නා බව එහි මූලික අවස්ථ...

දළඳා මාලිගාව හරිත කලාපයක් ලෙස නම්කරයි
ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු දියවඩන නිලමේවරයා සමග සාකච්ඡා කළ බවත් අවශ්‍ය පහසුකම් සිය අමාත්‍යංශය යටතේ ලබාදීමට පියවර ගන්නා බව එහි මූලික අවස්ථාවට ඉකුත්දා (14) පෙරවරුවේ එක්වෙමින් ශ්‍රී දළදා මාලිගාවේදී පැවැති හමුවකදී අමාත්‍යවරයා මේ බව කීවේය.
 
මහනුවරට පැමිණි අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැදුටු අතර අනතුරුව අස්ගිරි මහා විහාරයේදී මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ බැහැ දැක නව වැඩපිළිවෙල උන්වහන්සේ වෙත දැනුම් දුන්නේය.
 
හරිත පූජා භූමි සංකල්පයට මහා නායක හිමිපාණන් වහන්සේ ආශිවාද එක් කළ අතර එම වැඩපිළිවෙල අඛණ්ඩව නිසි අධීක්ෂණයක් යටතේ සිදුකිරීම වඩා උචිත වන බව මහා නායක හිමිපාණන් වහන්සේ කීවේය.
 
අනතුරුව මහනුවර ශ්‍රී දළදා මාලිගාව හරිත භූමියක් බවට පත් කිරීම සදහා අවශ්‍ය කටයුතු එහිදී සිදුවිය. ඒ අනුව සැදැහැවතුන්ට පොලිතීන් ප්ලාස්ටික් වැනි දෑ ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයට රැගෙන ඒම තහනම් වන අතර ඒ වෙනුවෙන් ඔවුන් වෙත ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා සකස් කළ කූඩ ලබාදීම අමාත්‍යවරයා හා දියවඩන නිලමේවරයා අතින් සිදුවිය.
 
කැලි කසල මේ වන විට ප්‍රධාන ගැටලුවක් වී ඇත්තේ එය නිසි ලෙස කළමණාකරණය නොකරන නිසා වන බවත් ඉදිරියේදී පළාත් මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා කැළිකසල කළමණාකරණය කිරීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සදහන් කළේය. 
 
පළාත් මට්ටමින් සෑම පළාතකම කොම්පෝස්ට් නිෂ්පාදනය කළ හැකි කැළිකසල කළමණාකරණය කිරීමේ මධ්‍යස්ථාන ආරම්භ කරන බව ද ග්‍රාමීය මට්ටමින් සුලු පරිමාණයේ කොම්පෝස්ට් නිෂ්පාදන අංගණ පිහිටුවන බව ද අමාත්‍යවරයා සදහන් කළේය.
 
ඩෙංගු මර්ධනය කිරීමට නම් සෑම නිවසක් මෙන්ම ආයතනයක් ද සක්‍රීයව දායක විය යුතුයි. ඇතැම් උසස් නිලධාරීන් ඒ සදහා අවස්ථා ලබා දෙන්නේ නැහැ. ඒ නිසා ඩෙංගු පරික්ෂාවේදී මදුරු කීටයන් එම ස්ථානවල සිටි බව තහවුරුවුවහොත් අදාල ආයතනයේ ප්‍රධානියාට එරෙහිව නීතිමය පියවර ගන්නවා. 
 
ඒ අනුව සුලු නිලධාරියෙකු නීතිය හමුවට ඉදිරිපත් කිරීමේ අවස්ථාව නව නීතිය අනුව මගහැරී යනවා. විදුහලක නම් එහි ප්‍රධානියා අනිවාර්යයෙන්ම නිතිය හමුවට ඉදිරිපත් විය යුතුයි. මේ කාර්යය සදහා ආදර්ශයක් වීමට මම ලබන සතියේ බදාදා මගේ අමාත්‍යංශය පරීක්ෂා කරන ලෙස සෞඛ්‍ය අංශවලට දැනුම් දුන්නා. යම් අයුරකින් ඩෙංගු මදුරු කිටයන් මගේ අමාත්‍යංශයේ සිටියහොත් අමාත්‍යංශ ලේකම්වරයා නීතිය හමුවට ඉදිරිපත් විය යුතු යැයි අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා එහිදී පැවසීය.
 
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අදහස් දක්වමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දිනකට කැල කසල මෙට්‍රික් ටොන් තුනක් එකතුවන බව කීවේය. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන් අද සිට පොලිතින් ප්ලාස්ටික් ආදිය රැගෙන ඒමෙන් වැළකිය යුතු යැයි ද ඒ මහතා සදහන් කළේය.
 
නුවර නදීක දයා බණ්ඩාර

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28553,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දළඳා මාලිගාව හරිත කලාපයක් ලෙස නම්කරයි
දළඳා මාලිගාව හරිත කලාපයක් ලෙස නම්කරයි
http://ift.tt/2tWqBnO
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_513.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_513.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy