දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සයිටම් ප්‍රධාන විධායකට වෙඩි තැබීම ගැන ඇම්බියුලන්ස් ඩ්‍රයිවර්ගේ ප්‍රකාශය පරස්පරයි
Homeගොසිප්

සයිටම් ප්‍රධාන විධායකට වෙඩි තැබීම ගැන ඇම්බියුලන්ස් ඩ්‍රයිවර්ගේ ප්‍රකාශය පරස්පරයි

PropellerAds

සයිටම් ප්‍රධාන විධායකට වෙඩි තැබීම ගැන ඇම්බියුලන්ස් ඩ්‍රයිවර්ගේ ප්‍රකාශය පරස්පරයි මාලඹේ 'සයිටම්' පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ගැට...

වර්ජන ප‍්‍රචාර අසත්‍යයි : හෙට මහජන බැංකුවේ වර්ජනයක් නැහැ.
මහේන්ද්‍රන් ලංකාවට නාවොත් වැඩ වරදී ද?
'මිහින් ලංකා බලපත්‍රය අලෙවි කිරීමේ සූදානමක්' - නාමල්

සයිටම් ප්‍රධාන විධායකට වෙඩි තැබීම ගැන
ඇම්බියුලන්ස් ඩ්‍රයිවර්ගේ ප්‍රකාශය පරස්පරයි


මාලඹේ 'සයිටම්' පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ගැටලුව ගැන රට තුළ උණුසුම් කථාබහක් ඇතිව තිබුණ අවස්ථාවක පසුගියදා
එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය සමීර සේනාරත්න මහතාට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම ‘රඟපෑමක්‘ යයි සැකයක් ඇති කර තිබුණ අතර මේ වනවිට සිද්ධිය ගැන කර තිබෙන පොලිස් පරීක්ෂණ වලින්
ද එම සැකය වර්ධනය වී තිබේ.
ඒ ගැන පරීක්ෂණ පවත්වන මුල්ලේරියාව පොලිසිය සිදුවීම වූ මොහොතේ එම ස්ථානයට පැමිණි ගිලන් රථයේ රියැදුරුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර රියැදුරු විසින් ලබාදුන් තොරතුරු සහ වෛද්‍ය සමීර සේනාරත්න මහතා ලබාදුන් ප්‍රකාශවල පරස්පරතාවක් පවතින බව
පොලිසිය සඳහන් කර තිබේ.
වෛද්‍යවරයාට එහිදී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාලයක් වත් සිදුනොවීම ද සැකයට තුඩු දෙන්නක් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

එම වෙඩි තැබීම කවුරුන්ගේ හෝ අනුදැනුම පිට සැලසුම් සහගතව උපක්‍රමශීලීව පොලිසිය නොමඟ යැවීම සඳහා සිදුකරන ලද්දක්ද නැතහොත් එය සත්‍ය වශයෙන්ම සිදුවූවක්ද? යන්න සම්බන්ධයෙනුත් සොයා බැලීමට තවදුරටත් පරීක්ෂණ සිදුකරන
බව මුල්ලේරියාව පොලිසිය දන්වා ඇත.

පොලිසිය නොමඟ යැවීමට අදාළ වෙඩි තැබීම සිදුකළ බවට යම් හෙයකින් ඔප්පු වුවහොත් පොලිසිය නොමඟ යැවීමට උත්සාහ කිරීම මත අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට සිදුවන බවත් මුල්ලේරියාව පොලිසිය දන්වා ඇත.
මේ අතර මේ ගැන පුළුල් විමර්ශනයක් වහාම ආරම්භ කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක රජයට අවධාරණය කරයි. එවැන්නක් සිදු කිරීමට අසමත් නම් ඒ පිටුපස ආණ්ඩුවේ හස්තයක් ක්‍රියාත්මක වන බවට සාධාරණ සැකයක් මතු වන බවත් මන්ත්‍රිවරයා කියයි.

අදාළ සිදුවීම ගැන ආණ්ඩු පාර්ශ්වයේ අමාත්‍යවරුන් කිහිපදෙනකු කළ විවිධ ප්‍රකාශවල යම් අනතුරු ඇඟවීම් දක්නට ලැබෙන බව ඔහු දන්වා ඇත. ජනාධිපතිවරයා හා අගමැතිවරයා මේ ආන්දෝලනාත්මක සයිටම් ගැටලුව පිළිබඳ කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීමද සැකයකට තුඩු දෙන්නක් බව ඔහු පවසයි.

මේ අතර මෙම වෙඩි තැබීම සැලසුම් සහගතව කෙරූ දෙයක් යැයි වැටහෙන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කර මහතා පවසයි. එම සිදුවීම ඔහුට පමණක් නොව සමස්ත රටටම අනතුරු හැඟවීමක් කළ සිද්ධියක් බවද ඔහු ඊයේ මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේය.
මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී  වෛද්‍ය සමීර දිවිගලවාගත්තාට සිය සතුට පළ කරමින් වෛද්‍ය නෙවිල් ඔහුව මාධ්‍ය ඉදිරියේ සිප වැළඳගන්නා සංවේදී දර්ශනයක්ද ප්‍රකට කර තිබුණි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සයිටම් ප්‍රධාන විධායකට වෙඩි තැබීම ගැන ඇම්බියුලන්ස් ඩ්‍රයිවර්ගේ ප්‍රකාශය පරස්පරයි
සයිටම් ප්‍රධාන විධායකට වෙඩි තැබීම ගැන ඇම්බියුලන්ස් ඩ්‍රයිවර්ගේ ප්‍රකාශය පරස්පරයි
http://ift.tt/2lqpGoF
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_102.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_102.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy