දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉස්ලාම් අන්තවාදය අතුගා දමනවා ට්‍රම්ප් දිවුරුම් දෙමින් කියයි
Homeප්‍රවෘත්ති

ඉස්ලාම් අන්තවාදය අතුගා දමනවා ට්‍රම්ප් දිවුරුම් දෙමින් කියයි

PropellerAds

ඇමෙරිකාව අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදයට එරෙහිව ශිෂ්ට ලෝකය සමග එක්වෙමින්, ඒ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම මිහිතලයෙන් අතුගා දමන බව ඩොනල්ඩ් ට්‍රම්...

භික්ෂූන් වහන්සේලාට අන්තගාමී වෙලා දේශපාලනඥයන් පසුපස යන්න බෑ - මල්වතු අනු නාහිමි
2015 ජනාධිපතිවරණයේදී කහවත්ත ඝාතනයේ සැකකරුවන්ට දඬුවම් ලබාදෙන්න - මැතිවරණ නිරීක්ෂණ සංවිධාන
බන්ධනාගාර රෝහලේ ගැටලුව සමථයට, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් සහ CIDයෙන් පරීක්ෂණ
ඉස්ලාම් අන්තවාදය අතුගා දමනවා ට්‍රම්ප් දිවුරුම් දෙමින් කියයි

ඇමෙරිකාව අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදයට එරෙහිව ශිෂ්ට ලෝකය සමග එක්වෙමින්, ඒ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම මිහිතලයෙන් අතුගා දමන බව ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි.

ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ට්‍රම්ප් මෙසේ පවසා සිටියේය.

එමෙන්ම, ඇමෙරිකාව අංක එකට ගැනීමේ ප්‍රතිපත්තියේ තමන් සිටින බව ජනතාව ඉදිරියේ පොරොන්දු වූ ට්‍රම්ප් පවසා සිටියේ, තම ශරීරයේ වූ සෑම හුස්ම රැල්ලක්ම ඇමෙරිකානු ජනතාව වෙනුවෙන් සටන් කිරීමට යොදවන බවයි. එමෙන්ම, තමන් කිසිම විටෙක ඇමෙරිකානු ජනතාව පසුබසින ජාතියක් නොකරන බවද ඔහු අවධාරණය කළේය.

වෙළෙඳාම, බදු, සංක්‍රමණික, විදේශ ප්‍රතිපත්ති ආදී ඕනෑම තීරණයකදී ඇමෙරිකානු කම්කරුවන් හා ඇමෙරිකානු පවුල් ආරක්ෂා වන ආකාරයට ඒ සෑම තීරණයක්ම ගන්නා බවද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම, සිය කතාව තුළ පසුගිය ඔබාමා පාලන සමයේ දුර්වලතා පිළිබඳ ඉඟි කිරීම්ද පැවතියේය. කෙසේ වෙතත්, ඒ සිදුවීම් අතීතය බව සිහිපත් කළ ඔහු, අප දැන් බලන්නේ අනාගතය දෙස පමණක් බවද කියා සිටියේය.

මේ බල හුවමාරුව පුද්ගලයෙකුට හෝ පක්ෂයකට ලැබුණු හුවමාරුවක් නොවන බව පැවසූ ට්‍රම්ප්, මේ බල හුවමාරුව ඇමෙරිකානු සුක්කානම යළි ජනතාව අතට පත්වූ අවස්ථාවක් බව කියා සිටියේය.

ඇමෙරිකාව යළිත් ජයග්‍රාහී මාවතට පිවිස ඇති බවත්, පෙර නොවූවිරූ ජයග්‍රහණ ඇමෙරිකාව ලබනු ඇති බවත් ට්‍රම්ප් සිය කතාවේදී අවධාරණය කළේය.

ඉදිරියේදී අභියෝග පැවතියත්, අසීරුතාවන්ට මුහුණදීමට සිදුවුවත්, රටක් ලෙස අපේ කාර්ය ඉටුකරන බව ඔහු සපථ කළේය.

තම වචනයේ නාමයෙන්, ඔබව තවදුරටත් නොසලකා නොහරින බවත්, එක්ව ඇමෙරිකාව යළිත් ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත්කළ හැකි බවත් ට්‍රම්ප් අවධාරණය කළේය.

එමෙන්ම, ඇමෙරිකාව යළිත් ධනවත්, ආඩම්බර ඒ වගේම, ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත්කළ හැකි බව ඔහු යළි යළිත් අවධාරණය කරමින්, ඇමෙරිකාවට දෙවි පිහිටයි කියා කියමින් සිය කතාව අවසන් කළේය.

වචන 1,453කට සීමා වූ ට්‍රම්ප්ගේ කතාව වර්ෂ 1977 දී ජීමී කාටර් ජනාධිපතිවරයාගෙන් පසුව අභිනව ජනාධිපතිවරයෙකු ඉදිරිපත් කළ කෙටිම දේශනය වුවත්, එය වඩාත් ශක්ති සම්පන්න දේශනයක් බව විචාරකයෝ පැවසූහ.

ට්‍රම්ප් ජාතිය අමතා සිදුකළ ප්‍රථම කතාවෙන් අනතුරුව පූජ්‍ය පක්ෂය විසින් කෙටි දේශන කිහිපයක් පැවැත්වීය. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉස්ලාම් අන්තවාදය අතුගා දමනවා ට්‍රම්ප් දිවුරුම් දෙමින් කියයි
ඉස්ලාම් අන්තවාදය අතුගා දමනවා ට්‍රම්ප් දිවුරුම් දෙමින් කියයි
http://ift.tt/2jXhjB0
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_684.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_684.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy