දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කුලසිරි බුදවත්ත සොයුරු නර්තන ශිල්පී තිලකසිරි බුදවත්ත අභිරහස් ලෙස මියයයි
Homeගොසිප්

කුලසිරි බුදවත්ත සොයුරු නර්තන ශිල්පී තිලකසිරි බුදවත්ත අභිරහස් ලෙස මියයයි

PropellerAds

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ උතුවන්කන්ද වලකඩයාව ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ කාර් රථයක රියැදුරුවරයකු හදිසියේ හෘදයාබාධයක් සෑදී එම කාර් රථය...

කොළඹට පොහොට්ටුවෙන් නගරාධිපතිලා නෑ?
කැලි‍ෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරවේද පාසලක් ගම්පහට.
උ.පෙ සමතුන්ගේ උසස් අධ්‍යාපනයට රජයෙන් ණය.
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ උතුවන්කන්ද වලකඩයාව ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ කාර් රථයක රියැදුරුවරයකු හදිසියේ හෘදයාබාධයක් සෑදී එම කාර් රථයේම මරණයට පත්වී පසුව කාර් රථය මාර්ගය අසල නතර කර දමා තිබූ කාර් රථයක ගැටී ඇතැයි කෑගල්ල පොලිසිය කියයි.

මෙලෙස ධාවනය වෙමින් තිබූ කාර් රථයේ මියගොස් සිටියේ ප්‍රවීණ නර්තන ශිල්පියකු වන කුලසිරි බුදවත්ත මහතාගේ බාල සහෝදරයා වන 'සුනීල' ගැවිලිපිටිය, අරණායක පදිංචිව සිටි නර්තන ශිල්පියකු මෙන්ම කලා භූෂණ සම්මානලාභියකු වූ බුදවත්ත යද්දෙස්සලාගේ ජයන්ත තිලකසිරි බුදවත්ත නමැති 61 හැවිරිදි තිදරු පියෙකි.

මියගොස් ඇති නර්තන ශිල්පියා අරණායක, දිප්පිටිය රාජගිරි මහා විද්‍යාලයෙන් සිය නර්තන ගුරු දිවිය අරඹා ඇති අතර පසුව රහල බටහිර විද්‍යාලයේ වසර දෙකක් විදුහල්පතිවරයා ලෙස සේවය කොට 2014 වර්ෂයේ විශ්‍රාම ලබාගෙන ඇත. ගැවිලිපිටිය නිවෙසේ බුදවත්ත කලා ආයතනයේ

අධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිට ඇති ඒ මහතා විවාහ මංගල්‍ය උත්සවවල නැටුම් කණ්ඩායම්, ජයමංගල ගී, පෝරුවේ චාරිත්‍ර සපයමින් සිට ඇත.

පසුගියදා (31දා) අරණායක, මාවනැල්ල මාර්ගයේ ලෝල්ලේගොඩ ප්‍රදේශයේ පැවැති විවාහ මංගල්‍ය උත්සවයකට ඔහු නර්තන කණ්ඩායමක් ලබා දෙන බවට පොරොන්දු වී සිට ඇති බවත් අදාළ වේලාවට නර්තන කණ්ඩායම උත්සව ශාලාවට නොපැමිණ සිටි නිසා නර්තන ශිල්පීන් සොයා සිය කාර් රථයෙන් කෑගල්ල බලා පැමිණ ඇති බව පොලිසිය කියයි.

උතුවන්කන්ද පසුකර වලකඩයාව ප්‍රදේශයේදී හෘදයාබාධයක් සෑදී ඇති අතර පසුව ධාවනය වෙමින් තිබූ කාර් රථයේම නර්තන ශිල්පියා මියගොස් කාර් රථය මාර්ගය අසල නවතා තිබූ කාර් රථයක ගැටී නතර වී ඇත. පසුව එම ස්ථානයේ සිටි කෑගල්ල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනකුගේ මැදිහත්වීමෙන් මංගල උත්සවයට පැමිණ සිටි පුද්ගලයකුගේ කාර් රථයෙන් නර්තන ශිල්පියා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.

කෑගල්ල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ පොලිස් සැරයන් යූ. ඒ. එස්. ගාමිණී (19388), පොලිස් කොස්තාපල් ඊ. එම්. කුමාරසිංහ (44181) වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කුලසිරි බුදවත්ත සොයුරු නර්තන ශිල්පී තිලකසිරි බුදවත්ත අභිරහස් ලෙස මියයයි
කුලසිරි බුදවත්ත සොයුරු නර්තන ශිල්පී තිලකසිරි බුදවත්ත අභිරහස් ලෙස මියයයි
http://ift.tt/2j2b0Pd
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_59.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_59.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy