2009 වසරේ කොළඹ පැවැති නිදහස් උත්සවයේ දී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේක...
2009 වසරේ කොළඹ පැවැති නිදහස් උත්සවයේ දී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා යන අය ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලබා සිටි විත්තිකරුවන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද(27) නියෝග කළේය.
කනගරත්නම් ආදිත්‍යන් සහ කන්දවනම් ගොකුලනාත් යන හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් දෙදෙනෙකු මෙලෙස නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා නියෝග කර ඇත.
ඔවුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් 2011 වසරේ දී චෝදනා තුනක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අද එහි තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණය විනිසුරුවරයා කියා සිටියේ ඝාතන සිදුකිරීම සඳහා කුමන්ත්‍රණය කළ බවට විත්තිකරුවන්ට එල්ල කර ඇති චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවයි.
ඒ අනුව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බව මහාධිකරණ විනිසුරුවරයා දැනුම් දී තිබේ.
COMMENTS