තලවතුගොඩ ප්‍රදේශයේදී දියවන්නා ඔයට පෙරළුණු BMW වර්ගයේ මෝටර් රථයේ හිමිකරු ඇප මත නිදහස් කර තිබේ. ඒ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝ...
තලවතුගොඩ ප්‍රදේශයේදී දියවන්නා ඔයට පෙරළුණු BMW වර්ගයේ මෝටර් රථයේ හිමිකරු ඇප මත නිදහස් කර තිබේ.
ඒ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයකට අනුවය.
පසුගිය 17 වනදා එම සැකකරු පොලීසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට පත්විය.
අනතුරින් සුපිරි මෝටර් රථයට මෙන්ම එහි ගැටුනු අනෙක් රථ 2කටද හානි සිදුවුවත් කිසිදු අයෙකුට හානියක් සිදුව නොතිබිණි.
කෙසේවෙතත් අනතුර සිදුවීමට පෙර තලවතුගොඩ මංසන්ධිය ආසන්නයේ පිහිටි සමාජ ශාලාවක රථ ගාලක නවතා තිබු මෙම සුපිරි මෝටර් රථය පෙරේදා උදෑසන 5.53 ට පමණ අධික වේගයෙන් ඉන් පිටත්ව යන ආකාරය ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබිණි.
මෝටර් රථය පිටත්වයනවත් සමඟම එම රථ ගාලේ රැදි සිටි පුදගලයින් කිහිපදෙනෙක්ද එක්වරම ප්‍රධාන මාර්ගය දෙසට දිව යන ආකාරයද ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබිණි.
COMMENTS