දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මහින්ද නැවත ප්‍රාදූර්භූතවීම ගැන වගකියන්න ඕනෙ අගමැතිගෙ මිත්‍රයෝ !

කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී හෙවත් කු'පා.ම. මේ වන විට පිට පිටම ඡන්ද දෙකක් පැරදී ඇති නිසා මාස 18කට කලින් මෙන් බලය ඇල්ලීමේ දොළක් ඔහුට...

මහින්ද නැවත ප්‍රාදූර්භූතවීම ගැන වගකියන්න ඕනෙ අගමැතිගෙ මිත්‍රයෝ !
කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී හෙවත් කු'පා.ම. මේ වන විට පිට පිටම ඡන්ද දෙකක් පැරදී ඇති නිසා මාස 18කට කලින් මෙන් බලය ඇල්ලීමේ දොළක් ඔහුට දැන් නැත. හිටපු ජනපති විශාල ආතතියකින් පසුවන ආකාරය පසුගිය වසරේ දැකගත හැකි වූ අතර, බොහෝ විට මිනිසුන්ගෙන් දුරස් වී කල්ගත කරන අන්දම ද දැකගත හැකි විය.
 
එයින් මාස 18කට පසු ඔහුව හැම මගුලකදීම දැකගත හැකි වේ. හැම අවමගුලකදීම ද දැකගත හැකි වේ. එහිදී ඔහු ජනතාව අමතා කතා පවත්වන ආකාරයත් ජනයා පිරිවරා ගෙන සිටින අන්දමත් දැකගත හැකි වේ. පසුගිය දිනෙක හම්බන්තොට පැවති අගමැතිවරයාගේ රැස්වීමකදී ඔහු විකාරයක් කර විහිළුවක් බවට පත්වුණේය. ඔහු තමන්ගේ නැති වුණු බල සම්පත්තිය නැවත අත්පත්කර ගැනීමේ මෙහෙයුමේ යෙදී සිටින අයෙකි. ඔහු වටා සිටි සියලු දුරාචාර මිතුරන් මේ වන විට මහජනයාගේ ඇසින් මිදී ආණ්ඩුවේ උවමනා එපාකම් සඳහා ඔහු වෙතින් ලිස්සාගොස් ඇත.
 
පිටරටවල ඩොලර් බිලියන 18 ක් සඟවා ඇතැයි මංගල සමරවීර කළ ප්‍රකාශය හිටපු ජනාධිපතිවරයා අපකීර්තියට පත් කිරීම සඳහා ගෙතූ විසාල බොරුවක් වශයෙන් ඉක්මනින්ම පෙනී යනු ඇත. රාජපක්ෂලාට එරෙහිව එල්ල වූ සියලුම ඝාතන චෝදනා සහ බලය අයුතු ලෙස යොදාගැනීම පිළිබඳ චෝදනා අමතක වනු ඇත . යූඑන්පී යේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව 2004 වසරේ සිදුවූ අන්දමින්ම ඉතාම පහළ අඩියකට වැටී තිබේ.
   
චන්ද්‍රිකා කුමාරතුංග විසින් තමන්ගේ දෙපා යට තිබෙන පලස අදින බව තේරුම්ගැනීමට තරම් දැනීමක් අගමැතිවරයාට නැත. චන්ද්‍රිකා කුමාරතුංග ඉතාම රහසිගත ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කළවිට ඔහුගේ මිතුරා වන මලික් සමරවික්‍රම මනෝ තිත්තවැල්ල සමග ඒ ගැන සාකච්ඡා කරමින් සිටියේය.
 
ඉතිහාසයේ සිදුවූ දේ නැවත වතාවක් සිදුවෙන්නට යයි.
 
ඔහුව එදා වැට්ටවූ කණ්ඩායම වන මලික් සමරවික්‍රම, චරිත රත්වත්තේ, ආර්පා.ස්කරලිංගම්, ආනන්ද අතුකෝරාළ, සාගල රත්නායක සහ අර්ජුන් මහේන්ද්‍රන් ඔහුගේ මිනීවළ කැපීම සඳහා නැවතත් පැමිණ තිබේ.
සමරවික්‍රම හැරුණු විට පෙර කී කිසිවෙක් ගැන වසර 10කටත් වඩා වැඩි කාලයක් ගත වන තෙක් අසන්නට හෝ දකින්නට හෝ ලැබුණේ නැත. දුක්බර කාරණය වන්නේ අවසාන පරාජිතයන් වන්නේ වසර 10කටත් වඩා වැඩි කාලයක් ඉබාගාතේ ඇවිදපු එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් වීමයි. 
 
ඩීල් දැමීමේදී ඥාති සංග්‍රහය සිදුකරන බවට ඔහුගේ මිතුරන්ට නැගෙන චෝදනා බොහොමයකි. අජිත් ඩයස් සහ රත්වත්තේගේ සහෝදරයා ශ්‍රී ලංකන් එයා ලයින්ස් ගුවන්සේවය සම්පූර්ණයෙන්ම වැරදි ලෙස කළමනාකරණය කළේ ආණ්ඩුව තවදුරටත් අපකීර්තියට පත් කරමිනි. තමන්ගේ ක්‍රියාවන් අගමැතිවරයාට දැනගත නොහැකි වන පරිදි ඔවුන් විසින් අගමැතිවරයා වටා තාප්පයක් ඉදිකර තිබේ.
 
යෝජිත සංවර්ධන පනත් කෙටුම්පත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ට අනුව කිසිදා සම්මත නොවනු ඇත. ගතවූ මාස 18 ක කාලය තුළ කළ කී දෑ අනුව,  මලික් සමරවික්‍රමට අමතර බලයක් ලබාදෙන්නට කිසිම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකුට අවශ්‍ය නැත. අග්‍රාමාත්‍යවරා වටා සිටින කණ්ඩායමට උවමනා වී තිබෙන්නේ කඩාගෙන තමන්ගේ ගමන යාමට ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර පවතින ගැටුම, මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට ඉදිරියට එනු ඇත.
 
එම අදියරේදීම එම කණ්ඩායම ම අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනු ඇත්තේ තමන්ගේ ම ආණ්ඩුවක් පිහිටුවන ලෙසට ය. මේ උත්සාහය පල දැරුවහොත් අගමැතිවරයා ට ඉතිහාසයේ හිමි තැන නැතිව යන්නේ එය එසේ සිදුවනු ඇතැයි බලාපොරොත්තුවෙන් තමන්ට වාසි ගැනීම සඳහා තුන් දෙනෙකුටත් වඩා වැඩි සංඛ්‍යාවක් පසුබිමේ සිට මානාගෙන සිටින නිසා ය.
 
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පවසන්නේ අගමැතිගේ මිතුරන් විසින් ඔහුව ඇඳුම් නැතිව සිටින අධිරාජ්‍යයා මෙන් පෙනෙන්නට සිද්ධ කරන බවයි. එසේම මේ වතාවේ ආණ්ඩුව පෙරලුණහොත් මේ අයට 2004 වසරේ ගියා මෙන් පහසුවෙන් මාරුවෙන්නට ඉඩ ලැබෙන එකක් නැත. එයට හේතුව අපේ අනාගතය විනාශ කිරීමේ වගකීම ඔවුන් විසින් දැරිය යුතු වන අතර, අප ඔවුන්ගේ ගෙවල් ඉදිරිපිට උද්ඝෝෂණය කළ යුතුව තිබෙන්නේ අප සීරුවෙන් බලා නොසිටියහොත් එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන මැතිවරණයේදී ලෙහෙසියෙන්ම අංක 3 බවට පත්වන්නට පුළුවන් කම තිබෙන නිසා ය.
 
මෙය එක්සත් ජාතික පක්ෂයේ පාලන තන්ත්‍රයේ අවසානය යැයි එක් එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙක් පැවසුවේය. අඩුම ගණනේ නව වසරේවත් අග්‍රාමාත්‍යවරයා විසින් මේ පිළිබඳ විමර්ශනය සිදුකර  මිතුරන්ගේ මුවාවෙන් සිටින සියලු දේශපාලන හොර තක්කඩීන් ට දඬුවම් ලබාදිය යුතුය. 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29548,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්ද නැවත ප්‍රාදූර්භූතවීම ගැන වගකියන්න ඕනෙ අගමැතිගෙ මිත්‍රයෝ !
මහින්ද නැවත ප්‍රාදූර්භූතවීම ගැන වගකියන්න ඕනෙ අගමැතිගෙ මිත්‍රයෝ !
http://ift.tt/2izyB9F
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_21.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_21.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy