දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

සිරියන් යුද්ධයේ තවත් පැත්තක් - 3

ටියුනීසියාව  බටහිර හිතවාදී රටක් වන අතර එහි ඒකාධිපති නායකයා වූ බෙන් අසි ට බටහිරින් ප්‍රශ්නයක් තිබුනේ නැත. බටහිර සංචාරකයන් බොහොමයක් ටියුනිස...

සිරියන් යුද්ධයේ තවත් පැත්තක් - 3
ටියුනීසියාව  බටහිර හිතවාදී රටක් වන අතර එහි ඒකාධිපති නායකයා වූ බෙන් අසි ට බටහිරින් ප්‍රශ්නයක් තිබුනේ නැත. බටහිර සංචාරකයන් බොහොමයක් ටියුනිසියාවට ඇදී ආහ. නමුත් ඉස්ලාමික සහෝදරත්වය මෙන්ම වෙනත් රජයට එරෙහි සංවිධානද සටනට එළඹුණි. මෙහිදී ටියුනිසියානු හමුදා ඉතා වැදගත් තීරණයක් ගත්හ. ඒකාධිපති බෙන් අලි ට රටේ ජනතවගේ සහයෝගය නැති බවට තීරණය කල ඔවුන් විරෝධතාකරුවන්ට වෙඩි තැබීම ප්‍රතික්ෂේප කළහ. බෙන් අලි පලා ගියේය.
 
අවසානයේදී හමුදාව තාවකාලික ආණ්ඩුවකට රටේ පාලනය භාර දුන් අතර දශක දෙකකට පසු නිදහස් මැතිවරණයක් පැවැත්වුණි. වාසනාවකට අන්තවාදී මුස්ලිම් සංවිධාන පරාජය වුනි. ටියුනිසියාවේ විප්ලවය සුභ වාදීව අවසන් වුනි. බටහිර මැදිහත්වීමක් කියා දෙයක් මෙහි සිදුවූයේ නැත.
 
නමුත් butterfly effect හෙවත් එක සිදුවීමකින් හටගන්නා තවත් සිදුවීමක් වශයෙන් වන සිදුවීම් පෙළක් වැනිව මුළු මැද  පෙරදිගම ජනතාව  තම රජයන්ට එරෙහිව පාරට බැස්සහ.    ඕමානය , යේමනය, ඊජිප්තුව, සිරියාව හා මොරොක්කෝව  මුල් තැනක් ගති.
 
කලකට ඉහත ඇමෙරිකන් විදුලි බල සමාගමක් වූ ඒඊ එස්  (AES) එංගලන්තයේ කෙන්ට් හි මෙඩ්වේ විදුලි බලාගාරය කළමනාකරණය කළේය. (ඔවුන්ට 25% අයත්ය). ඔවුන්ට 1996 දී පමණ කසක්ස්ථානයේ එකිබස්තුස් බලාගාරය මිලදී ගැනීමට අවශ්‍ය විය. රුසියානු භාෂාව දන්නා නිසා විදුලි ඉංජිනේරු පරිවර්තකයෙකු ලෙස එංගලන්තයෙන් ගිය කණ්ඩායම සමග මටද යාමට අවස්ථාවක්   උදවිය. මේ කාර්යය facilitate හෙවත් අතර මැදි  වශයෙන් කටයුතු කළේ ඊශ්‍රායල  කොම්නිපැයකි. එහි අයිතිකරු එම දිගු  ගමන තුලදී   මා සමග මිතුරු වුනු අතර ඔහු කී කතාවක්  මට හොඳට මතකය. (ඊශ්‍රායල පලස්තීන ප්‍රශ්නය  ගැනද අපි සාකච්ඡා කළෙමු.)
 
ඔහු කීවේ ඊශ්‍රායල රජයේ හා සියොන්වාදී සංවිධානය තුල ප්‍රධාන අදහසක් වන්නේ මැද පෙරදිග කිසිම බලවත් රටකට පැවැත්මට ඉඩක්  නොතැබීමයි. ඔවුන් එකිනෙකා සමග සටන් කර ගන්නා තරමට වාසිය ඊශ්‍රායලයට බවයි. ඔවුන්ගේ යුද්ධ පවතින තුරු ඊශ්‍රායලයට නිදහසේ ජිවත් විය හැකි බවයි. ඒ සඳහා කටයුතු කලයුතු බවයි.
 
එය වැරදි අසාධාරණ නැත්දැයි මා  ඇසූ  විට අර මා  මුලින් කී  ප්‍රථම  හා දෙවන අරාබි ඊශ්‍රායල යුද්ධ මතක් කරමින් ඔහු පැවසුවේ ඔවුන් සමගි වුවහොත් මුලින්ම  පහර දෙන්නේ ඊශ්‍රායලයට නිසා අරාබින්  එකිනෙකා   මරා ගනිමින් සිටීමට මොසාඩ් සංවිධානය ඕනෑම උදව්වක් කරන බවයි. රුසියාවේ සිටියදී අරාබින් ගේ ආඩම්බරකම් නිසා ඔවුන් සමග එතරම් හොඳින් නොසිටි මා  මේ ගැන සතුටු වූ බව මතකය.
 
ඇල්ජීරියාවේ අරාබි වසන්තය එලියට ආවේ මුස්ලිම් සහෝදරත්වය (අන්තවාදී සංවිධානයකි) හරහාය. මුස්ලිම් අන්තවාදයට විරුද්ධ ඇල්ජිරියානු හමුදා ලක්ෂයක පමණ පිරිසක් මරා බලය රැක  ගත්හ. ඇල්ජීරියාවේ හමුදාවේ මානව හිමිකම්  කඩ කිරීම් වලට වැඩි විරුද්ධත්වයක් බටහිර පැන නැගුනේ නැත.
 
 ඊජිප්තුවේ මුබාරක් රජය ඊශ්‍රායලය සමග ඇයි හොඳයිකම් පැවැත්විය. නමුත් මුබාරක්ට විරුද්ධව පැන  නැගුනු විරෝධතා බලවත් වූ අතර ඔහුද බලයෙන් පහවිය.  බලයට පත්වූයේ ඉස්ලාමික සහෝදරත්වයේ ඉත්තෙකු වූ මොර්සිය.
 
වසරකට පසු මොර්සිට විරුද්ධව සමාජ ජාලා  ආශ්‍රයෙන් මෙන්ම පාරේද විරෝධතා ඇරඹුණු අතර ඔහු බලයෙන් පහ කර බලය පැහැර  ගත්තේ සිසිය.  අබ්දෙල් එල් සිසි හිටපු හමුදා නායකයාය. එංගලන්තයේ හා ඇමෙරිකාවේ යුද විදුහල්වලින් පුහුණුව ලැබූ ඔහු ඊජිප්තු රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂකය. ඊශ්‍රායලයේ හිතවතෙකි.
 
බහරේන් ආදී බටහිරට සහයෝගය දුන් රටවල විරෝධතා දරුණු ලෙස මැඩ පවත්වන අතර  ඒවායේ මානුෂික අයිතීන් කඩ කිරීම් ගැන හඬක් නැගුවේ බටහිර වාමාංශික පුවත්පත්  කිහිපයක් පමණි.
 
වසර 2011 දී බටහිර හා ඊශ්‍රායලයේ සහයෝගයද ඇතිව ලිබියාවේ ගඩාෆි බලයෙන් පහ කෙරිණි. මෙහිදී ඇමෙරිකන් හමුදා උපදේශක වරු හා බ්‍රිතාන්‍ය , ප්‍රංශ කොමාන්ඩෝ භටයන් ද සිටියහ. වෙනත් අරාබි මුදල් ක්‍රමයක් ආරම්භ කිරීමට උත්සහ කිරීම නිසා ඇමෙරිකාව සිටියේ ගඩාෆි ට විරුද්ධවය. චීනය විසින්  අප්‍රිකාවේ මිනිසුන් එහි ඔවුන්ගේ පෞද්ගලික ට්‍රාන්ස් නැෂනල් කොම්පැනි වලට වහල් වැඩට ගන්නේ යයිද අප්‍රිකාවේ ඉඩම් මිලදී ගැනීමද විවේචනය කිරීම නිසා ගඩාෆි ට චීනයේ සහයෝගය හිමිව නොතිබුණි. බ්ලෙයාර් හමුවීමට එංගලන්තයට යාම නිසා රුසියාවේ සහයෝගයද අහිමිව තිබුණි.
 
සිරියාවේ විරෝධතාද පටන් ගත්තේ මේ කාලයේය. සිරියාව ලෙබනනයේ කරන ක්‍රියාදාමයන් නිසා ඊශ්‍රායලයට  සතුරු රටක් වශයෙන් ඔවුන් විසින් සලකන ලදී.  මා පෙර ලිපියේ සඳහන් කල ගෝලාන්  ප්‍රශ්නයද බල පෑවේය. ගෝලාන්  ප්‍රශ්නයේදී බටහිර වැසියන්ගේ හොඳ හිතද තිබුනේ සිරියාව සමගය.  මේ කාලයේදී මට මතක් වුයේ අර ඊශ්‍රායල් ජාතිකයා කී  කරුණය. ඊශ්‍රායලය දිනමින් සිටි.
 
සිරියාවේ විරෝධතා එක්වරම වගේ කැරලි බවට පත් විය. මුල්ම කැරැල්ල ආවේ අසාද් ගේ පියා දශකයකට ඉහත සංහාරයක් කල හෝම්ස් නගරයේය. "නිදහස් සිරියන් හමුදාව" එහි මුලිකත්වය ගත්තේය.  අසාද් කළේ බෝම්බ දැමීමය. මින්  සිවිල් වැසියන් 250 කට අධික සංඛ්‍යාවක් මිය ගියහ. කාරිමික හා සශ්‍රික වූ අලෙප්පෝ නගරයේද සටන් පැන නැගුණි. "නිදහස් සිරියන් හමුදාව" ලංකාවේ  එල්ටීටීඊ  සංවිධානයේ මෙන් එක උපක්‍රමයක් ක්‍රියාත්මක කළේය. ඒ ජනගහනය රැස්  වී ඇති තැන්  වල සිට සිරියන් රජයේ හමුදා වලට පහර දීමයි.  අසාද් ගේ හමුදා ඒ තැන වලට බෝම්බ දැමීමෙන් වැඩි හරියක් මියගියේ  සිවිල් වැසියන්ය. මින් බටහිර ජන මතය අසාද් ට විරුද්ධව තදින් ඇවිස්සුනි. (ශ්‍රී ලංකාවට විරුද්ධව බටහිර ජන මතය ඇවිස්සුනේද මේවා නිසාය - උදා  යාපනය කෝවිල් සංහාරය )
 
අසාද් ට විරුද්ධව බටහිර මෙන්ම මැද පෙරදිගද ජනතාව ඇවිස්සුනේ  මින් පසුවය. අසාද් බලයෙන් ඉවත්ව යාම සාකච්චා කිරීමටද චන්ද පැවැත්වීමටද හදිසියේ එකඟ විය.  නිදහස් සිරියන් හමුදාව (Free Syrian Army) මුලදී කැරලි කරුවන් කණ්ඩායම් කිහිපයක් ගේ එකමුතුවකි.  ඔවුන්ට ඇමෙරිකා  උප ජනාධිපති ජෝ බයිඩන් ගේ මුලිකත්වයෙන් ආධාර ලැබුණු බව විකිලීක්ස් හෙළි කළේය. එසේම මුලින් සිටි ඉස්ලාමික සහෝදරත්වයේ කණ්ඩායමට ඊශ්‍රයලය සහයෝගය දුන් අතර අල් කයිඩා , අයිසිස් කණ්ඩායම් වලට තුර්කිය හා සවුදි අරාබියාව උදව් කළේය. ඇමෙරිකන් හමුදා ඉරාකයේ තබා ගිය ආයුධ බොහොමයක් අල්ලා ගත්තේ අයිසිස් ය.
 
නමුත් මේ හැමෝම අමතක කල කරුණක් විය. ඒ 1971 සිට අසාද් ගේ පියාගේ බාත් සමාජවාදී පක්ෂ රජය සමග සෝවියට් දේශය අත්සන් කල ගිවිසුමයි. මේ අනුව සිරියාවට ආරක්ෂාව සැපයීමට සෝවියට්  යුධ මධ්‍යස්ථානයක් ටර්ටුස් නගරයේ ඉදි විනි. එම නගරයට සෝවියට් දේශයට ඇති වැදගත් කම නම් එහි ඇති වරායයි . සෝවියට් යුද නෞකා  එහි රැඳවුනි . මැද  පෙරදිගට හා එහි මධ්‍යධරණී මුහුදට සෝවියට් බලපෑම් එල්ල කිරීමට අවශ්‍ය තැනක් සකස් වුනි.
 
සෝවියට් දේශය 1991 බිඳ වැටෙන විට එහි ණය ගිවිසුම් , යුධ මධ්‍යස්ථාන  හා අනිකුත් ගිවිසුම් භාර ගත්තේ රුසියන් සමුහාණ්ඩුවයි. මෙනිසා නිත්‍යානුකුලව සිරියානු යුද්ධයට අත පෙවීමට තවත් රටක් හෙවත් - තවත් අයෙක් ඉදිරිපත් විය. ඒ රුසියාව හා රුසියන් ජනාධිපති ව්ලැඩිමීර්  පුටින්ය. ඇෆ්ඝනිස්ථානයේ සිදුවූ දෙයෙහිම   අනිත් පැත්ත වන්නට පටන් ගත්තේ ඉන්පසුවය.
 
 - මතු සම්බන්ධයි
 
 
 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29548,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිරියන් යුද්ධයේ තවත් පැත්තක් - 3
සිරියන් යුද්ධයේ තවත් පැත්තක් - 3
http://ift.tt/2izzS05
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/3.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/3.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy