දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

‘‘කැලිෆෝර්නියාව, ග්ලයිෆොසේට් පිළිකා කාරකයක් වශයෙන් නම් කිරීමට යයි’’- (ප‍්‍රතිචාරයක්) ආචාර්ය පරාක‍්‍රම වෛද්‍යනාථ

ඇත්ත වශයෙන්ම, වඩාත් නිවැරදිව කිව යුතුව තිබුණේ, ‘‘බාගෙ විට පිළිකා කාරක’’ යනුවෙනි. 2015 දී ‘පිළිකා පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර ආයතනය’ එය නම්...

‘‘කැලිෆෝර්නියාව, ග්ලයිෆොසේට් පිළිකා කාරකයක් වශයෙන් නම් කිරීමට යයි’’- (ප‍්‍රතිචාරයක්) ආචාර්ය පරාක‍්‍රම වෛද්‍යනාථ
ඇත්ත වශයෙන්ම, වඩාත් නිවැරදිව කිව
යුතුව තිබුණේ, ‘‘බාගෙ විට පිළිකා කාරක’’ යනුවෙනි. 2015 දී ‘පිළිකා පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර ආයතනය’
එය නම් කොට ඇත්තේ එසේ ය. පිළිකා කාරක මූල ධාතු වර්ගීකරණය තුළ 3 වැනි පංතියේ සිට එම ආයතනය
එය 2-ඒ පංතියට වෙනස් කොට තිබුණි. කෙසේ වෙතත් මතක තබා ගත යුතු දෙයක් තිබේ. එනම්, සමහර විට
කැනඩාවේදී දිනපතාම පාහේ ඔබ ආහාරයට ගන්නා හැම්, බේකන් සහ කෘත‍්‍රීමව පිළ ියෙල කළ මස් වර්ග මෙන්ම,
ටොරොන්ටෝ නගරයේ ඔබ ආශ්වාස කරන ගැලූම් ගණන් වාහන විස දුම්, ඉහත කී වර්ගීකරණය අනුව අයත්
වන්නේ 1 වැනි පංතියට බවයි. එසේ වෙතත් ඉහත සඳහන් ආකාරයේ ලේබලයක් ඒවාට ඇලවෙන්නේ නැත.
එසේම ඔබ පාවිච්චි කරන ජංගම දුරකථනය සහ රාත‍්‍රී සේවා මුරයේ යෙදීමත් පිළිකා කාරක විය හැකි බව මතක
තබා ගන්න.
එසේම, ‘පිළිකා පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර ආයතනය’ ග්ලයිෆොසේට් සම්බන්ධයන් වන ස්වකීය විනිශ්චය
දීමෙන් පසු ඊළඟ වසරේ දී, ඒ හා සමානම බලාධිකාරී ආයතනයක් වන ‘ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය’
සහ ‘ලෝක සෞඛ්‍ය සංවිධානය’ ඒකාබද්ධව, කෘමිනාශක ශේෂ පිළිබඳව පැවැත්වූ ජාත්‍යන්තර සමුළුවේදී
ප‍්‍රකාශයට පත්කළ පරිදි, ග්ලයිෆොසේට් පිළිකා කාරක බවට හෝ ජාන-විෂ කාරක බවට සාක්ෂි නැති බව ප‍්‍රකාශ
කළ බවත් අමතක නොකළ යුතුය. එසේම, ඉහත කී ‘පිළිකා පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර ආයතනය’ සිය
වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු, ග්ලයිෆොසේට් භාවිතය සඳහා වන බලපත‍්‍ර දීර්ඝ කිරීම ගැන යුරෝපයේ විවිධ
සිවිල් සමාජ ක‍්‍රියාකාරීත්වයන් සිය කණස්සල්ල පළ කළ අතර, අනිත් පැත්තෙන්, එම වාර්තාවේ ප‍්‍රතිඵලයක්
වශයෙන් ඇති විය හැකි ග්ලයිෆොසේට් තහනමකට එරෙහිව දසලක්ෂ ගණන් ගොවියො ් විරො ්ධය පෑහ. කෙසේ
වෙතත්, දීර්ඝ සාකච්ඡුා සහ සංවාදවලින් අනතුරුව, ග්ලයිෆොසේට් භාවිත කිරීම, නිෂ්පාදනය කිරීම සහ අලෙවිකරණය සඳහා වන අවසරය තව අවුරුදු අටකින් දීර්ඝ කිරීමට යුරෝපා සංගමය මෑතකදී පියවර ගත්තේය. එංගලන්තයේ ‘රාජකීය සංගමය’ වැනි විවිධ ජාත්‍යන්තර විද්‍යාත්මක ආයතන සහ නොබෙල් ත්‍යාගලාභී විසි
දෙනෙකු පමණ ග්ලයිෆොසේට් භාවිතය ආරක්ෂාකාරී බවට සහතික කොට තිබේ. වඩාත් මෑතකදී ඕස ්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය වැනි රටවල් කෘෂිකර්මය සඳහා ග්ලයිෆොසේට් භාවිතය ආරක්ෂාකාරී බවට නිගමනය කොට
ඇත.
කෙසේ වෙතත්, බහුලව සහ නිරන්තරයෙන් භාවිත කිරීමේදී යම් ආකාරයක අවදානමක් බලාපොරොත්තු විය
යුතුව තිබේ. උදාහරණයක් වශයෙන් ජානමය වශයෙන් වෙනසකට ලක්කළ සෝයා සහ ඉරිඟු වැනි වගාවන්ට
ග්ලයිෆොසේට් සෘජුව ගසනු ලැබේ. එසේම එක කන්නයකදී තුන් හතර වතාවක් ගසනු ලැබේ. එයින් අඩු
වශයෙන් දෙවතාවක්වත් ගසනු ලබන්නේ, සෘජුවමයි. එසේ කරන්නේ, වල් පැළ විනාශ කිරීමටත්, ඒකාකාර
පැසීමකුත් සඳහා ය. එවැනි අවස්ථාවක කෘමිනාශකය ආහාරය තුළට කාවැදීමට ඇති ඉඩකඩ වැඩියි.
යුරෝපීයයන්ගෙන් සියයට 40 ක් වන ජනතාවකගේ මූත‍්‍ර තුළ ග්ලයිෆොසේට් මංඩි ඇති බවට සොයාගෙන තිබේ.
මෝල ්ටාවේ ජනතාව සම්බන්ධයෙන් ගත් විට මේ ප‍්‍රතිශතය සියයට 90 කි. මේ සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයන
කිහිපයක ්, ග්ලයිෆොසේට් සහ නොන් හොජ්කින් ලිම්ෆෝමා නැමැති පිළිකා රො ්ගය අතර සම්බන්ධයක් තිබිය
හැකි බවට යො ්ජනා කොට ඇතැයි කියැවේ. කෙසේ වෙතත්, සම්බන්ධය සහ හේතුකාරකය නිතරම සහසම්බන්ධී
නැත. කිසි කෘමිනාශකයක ්, කිසි බෙහෙතක් මුළුමණින් ආරක්ෂාකාරී නැත.
මෙහිදී අදාළ ප‍්‍රශ්නය පවතින්නේ, ග්ලයිෆොසේට් භාවිත කරන ප‍්‍රමාණයේත්, භාවිත කරන ආකාරයේත් ය.
විශේෂයෙන් තුන්වැනි ලෝකයේ රටවල ගොවියන්ට කියා දිය යුත්තේ නිසි පදමට සහ පරිස්සම්කාරීව මේවා
භාවිත කළ යුතු බවයි. ඒ අරුතින් ගත් විට, ‘වෙස්වලා ගත් ආශීර්වාදයක්’ යන්න මේවායේ ඇලවිය හැකි
අවවාදයකි. ග්ලයිෆොසේට්වල ප‍්‍රතිලාභ, එහි අඩංගු අවදානමට වඩා වැඩි බව අවිවාදිත ය. වැදගත් වන්නේ එයයි.
සුළු පරිමාණ සහ මහ පරිමාණ කෘෂිකර්මයේ යෙදෙන අපේ ගොවියන් මෙය තහනම් කිරීම නිසා බලවත් පීඩාවට
පත්ව ඇත. ඊටත් වඩා, ශ‍්‍රී ලංකාවේ ග්ලයිෆොසේට් තහනම් කොට ඇත්තේ පිළිකා අවදානමක් නිසා නොව,
වකුගඩු රෝගයට එය හේතුවකැයි යන වැරදි විශ්වාසයක් නිසා ය.
එසේම මතක තබා ගත යුතු තවත් කාරණයක් තිබේ. එනම්, ලංකාවේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ විද්‍යාඥයන්ගෙන්
බහුතරය මේ තහනමට එකඟ නැති බවයි. හේතුව, එය විද්‍යාත්මක සාක්ෂි සහ තර්ක මත පදනම්ව නොතිබීමයි.
ලංකාවේ විද්‍යාඥ පරාසය තුළ දෙපාර්ශ්වයේම අන්තවාදියො ් සිටිති. ඔවුන්ගෙන් ඇතැමෙකුට තමන්ගේම වන
පුද්ගල අවශ්‍යතාවන් ද මේ අස්සේ තිබිය හැකිය. එහෙත් බහුතරයක් විද්‍යාඥයන්ගේ අවශ්‍යතාව වන්නේ දුප්පත්
ගොවියාගේ සුභසිද්ධිය සැලසීමයි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ විශ‍්‍රාමික වෘත්තිකයන්ගේ සංවිධානය මීට මාස
කිහිපයකට කලින් භාෂා තුනේම පුවත්පත්වල සම්පූර්ණ පිටුවක නිවේදනයක ් නිකුත් කෙළේය. වෙනත්
කරුණුවලට අමතරව, ග්ලයිෆොසේට් තහනම ඉවත් කරන්නැයි ඒ මගින් ඔවුන් ඉල්ලා සිටි බව ඔබ සමහර විට
නොදන්නවා ඇති.
ලංකාවේ අප මුහුණදෙන ප‍්‍රශ්නය වන්නේ විද්‍යාත්මක තීන්දු ගනු ලබන්නේ අවිද්‍යාත්මක දේශපාලඥයන් විසින්
වීමයි. 28 වැනි දා ‘අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ ඔබගේ ලිපිය ගැන සළකන විට, එවැනි දේශපාලඥයන් විසින්
ඔබට ‘වසවිස නැති ගොවි’ ව්‍යාපෘතියේ උපදේශක තනතුරක් පිළිගැන්වීමටත් බැරි නැත. එසේ වෙතොත්, ඔබ
ආපසු ඔබේ මව්රටට යාමට කැමති ද? එසේ නම් ඔබට ඉතා හොඳ ජීවිතයක් එහි ගත කිරීමට හැකි වනු ඇත.
මන්ද යත්, ඒ තරමට දිනපතා යම් විනෝදාංශයක් එහිදී සැපයෙන බැවිනි.

2017 ජුනි 29 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ "California to List Glyphosate as Cancer Causing"- A Response

නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29539,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘‘කැලිෆෝර්නියාව, ග්ලයිෆොසේට් පිළිකා කාරකයක් වශයෙන් නම් කිරීමට යයි’’- (ප‍්‍රතිචාරයක්) ආචාර්ය පරාක‍්‍රම වෛද්‍යනාථ
‘‘කැලිෆෝර්නියාව, ග්ලයිෆොසේට් පිළිකා කාරකයක් වශයෙන් නම් කිරීමට යයි’’- (ප‍්‍රතිචාරයක්) ආචාර්ය පරාක‍්‍රම වෛද්‍යනාථ
http://ift.tt/2sirSm2
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_12.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_12.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy