සිය සැමියා නිවස අසල කාන්තාවක් සමඟ රහසිගතව සම්බන්ධතාවක් පවත්වාගෙන යෑමෙන් උරණ වූ වැලිගම ප්‍රදේශයේ කාන්තාවක් සිය 38 හැවිරිදි ස්වාමි පුරුෂයාගේ ...
බරපතළ පිලිස්සුම් තුවාල සිදු කිරීම
එම සැකකාරිය වැලිගම ප්‍රදේශයේ විද්‍යාලයක ගුරුවරියක් වන අතර සිය සැමියා නිවෙස අසල තවත් කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවට තහවුරු කර ගැනීමෙන් පසුව අවස්ථා කිහිපයකදී සිය සැමියාට අනියම් සම්බන්ධතාව නතර කරන ලෙස අවවාද කර ඇති අතර එම අවවාද පිළිනොගැනීම හේතුවෙන් උරණ වූ බිරිය විසින් සැමියාගේ රහස් ප්‍රදේශයට උණු වතුර වත් කර තුවාල සිදු කර ඇතැයි පැවැසේ. ස්වාමිපුරුෂයා කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. වැලිගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරයි.
මාතර - දර්ශන කොඩිතුවක්කු
COMMENTS