දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අගමැතිවරයාට සුපිරි බලයක් හිමිවන පනත ගැන හෙළිදරව්වක්!
Homeප්‍රවෘත්ති

අගමැතිවරයාට සුපිරි බලයක් හිමිවන පනත ගැන හෙළිදරව්වක්!

PropellerAds

විධායක ජනාධිපති ධුරය ද අබිබවා යන සුපිරි බලයක් අගමැතිවරයාට ලබා දීමේ අරමුණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති සංවර්ධන(විශේෂ විධිවිධාන) පනත ශ්‍...

ඇමතිවරු ඇතුළු දේශපාලකයින් 39ක් ගොනු කර තිබූ මැයි 09 නඩුව ඉල්ලා අස්කර ගනී!
ජෙරම් ප‍්‍රනාන්දු හෙට එනවා.. ඊට පසුබිම සකසන්න සමාව අරන්!
අරගල නායකයෙකුගේ ගණිකා නිවාසයක් අල්ලයි!
අගමැතිවරයාට සුපිරි බලයක් හිමිවන පනත ගැන හෙළිදරව්වක්!

විධායක ජනාධිපති ධුරය ද අබිබවා යන සුපිරි බලයක් අගමැතිවරයාට ලබා දීමේ අරමුණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති සංවර්ධන(විශේෂ විධිවිධාන) පනත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ පසුගියදා පිටකෝට්ටේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර මහතා මෙසේ ද සඳහන් කළේය.

“රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා 2002-2004 සිය පාලන කාලයේදී ‘යළි පුබුදමු ශ්‍රී ලංකා’(Re-gaining Sri Lanka) නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කළ බව ඔබට මතක ඇති. මෙමගින් ගෝලීය ධනවාදයට අවශ්‍ය පරිදි අපේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම ව්‍යුහාත්මක වෙනසකට ලක් කිරීමට උත්සාහ කළා. අපේ රටේ ආර්ථික මර්මස්ථාන පමණක් නොවෙයි, සීගිරිය වැනි ශිෂ්ටාචාරගත උරුමයන්, ගහකොළ, සතාසීපාවා වැනි සියල්ල ගෝලීය ධනවාදයට සූරාකෑමට හැකි වාතාවරණයක් එමගින් සකස් කරනු ලැබුවා. පනත් 32ක් සංශෝධනය කරමින් එදා මේ වැඩසටහන සාර්ථකකර ගන්න රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ කළා. පරිපාලන, තාක්ෂණ අඩුලුහුඬුකම් නිසාත් 2004 මාර්තුවේදී තම පාලනය බිඳවැටුණු නිසාත් ඔහුට තම අරමුණ සාක්ෂාත්කර ගැනීමට නොහැකි වුණා.

“එදා බැරි වුණ දේ රනිල් අද කරයිද?”

නමුත් එදා බැරි වුණ දේ අද අංශුමාත්‍රයක හෝ වෙනසක් නැතිව ක්‍රියාත්මක කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා සූදානම් වෙනවා. තමන්ගේ ගෝලීය ධනවාදී හාම්පුතුන්ට මේ රටේ ආර්ථිකය මුළුමනින්ම සූරාකෑමට හැකිවන පරිදි ‘යළි පුබුදුමු ශ්‍රී ලංකා‘ වැඩසටහන ක්‍රියාත්මක කරන්න මේ වතාවේ ඔහු පාර්ලිමේන්තුවට ‘අරුම පුදුම පනත් කෙටුම්පතක්‘ ගෙනවිත් තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මේ පනත් කෙටුම්පත, සංවර්ධන(විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ලෙසයි නම්කොට ඇත්තේ. මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් මුළුමහත් රාජ්‍ය සේවයම තමන්ගේ අතට ගැනීමේ බලය අග්‍රාමාත්‍යවරයාට ලැබෙනවා. ආයෝජන මණ්ඩලය, වරාය අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය යන ආයතනවලට පාර්ලිමේන්තු පනත් මගින් ලැබී ඇති නීතිමය බලය මෙන්ම වනජිවී හා වනසංරක්ෂණ නීති අබිබවා යෑමේ සුපිරි බලයක් මෙම නව පනත මගින් අග්‍රාමාත්‍ය මෙන්ම ආර්ථික කටයුතු හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරය දරන රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙනවා. එපමණක් නොවෙයි, නාගරික සංවර්ධන අධිකාරිය පිළිබඳ පනත මගින් එයට ලැබී ඇති බලය අත්හිටුවා එම බලතල තමන්ට පවරා ගැනීමටත් මෙමගින් ඔහුට හැකියාව ලැබෙනවා. ඒ වගේම පළාත් මහ ඇමතිවරුන්ට සහ අමාත්‍යවරුන්ට ලැබී ඇති බලතල සියතට ගැනීමට මේ පනත මගින් අගමැතිවරයා ඉඩකඩ හදාගෙන තිබෙනවා.

“සර්වබලධාරී පනතක්”

ජනාධිපතිවරයා සතු බලතල තමන් අතට ගැනීමේ සර්වබලධාරී පනතක් ලෙසයි අගමැතිවරයා මේ පනත ගෙන එන්නේ. පවතින ව්‍යවස්ථාව අනුව තමන් සිදු කරනු ලබන කර්තව්‍යයන් සම්බන්ධයෙන් නඩු නොපැවරීමේ බලය(මුක්තිය) ලැබී ඇත්තේ ජනාධිපතිවරයාට පමණයි. නමුත් මේ පනත මගින් අග්‍රාමාත්‍යවරයාට පමණක් නොවෙයි, ඔහුගේ ගෝලබාලයින්ටත් ජනාධිපතිවරයාට ලැබී ඇති නඩු පැවරීමට නොහැකි නීතියේ මුක්තියේ බලය ලැබෙනවා. පාස්කරලිංගම්ලා, චරිත රත්වත්තේලා හා අර්ජුන මහේන්ද්‍රන්ලා වැනි රනිල් වික්‍රමසිංහගේ ගජමිතුරු රැලටත් මේ පනතින් නඩු පැවරීමට නොහැකි නීතියේ මුක්තියේ බලය ලබා ගැනීමේ ඉඩකඩ ලැබේවි.

“මුක්තිය ලැබෙන ආකාරය"

මේ පනත් කෙටුම්පත බැරිවෙලාවත් සම්මත වුණොත් ජනාධිපතිවරයා රූකඩයක් බවට පත් වෙනවා. කැබිනට් ඇමතිවරු, මහ ඇමතිවරු පඹයන් බවට පත් වෙනවා. අගමැතිවරයා මේ සංවර්ධන(විශේෂ විධිවිධාන) පනතින් ඒ විදිහේ අරුමපුදුම බලයක් ලබා ගන්නයි හදන්නේ. මේ පනතේ 51(1) වගන්තිය මගින් රනිල්ට හා ගෝලයන්ට මුක්තිය ලැබෙන ආකාරය දක්වා තිබෙනවා.

‘51(1) කිසිදු සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක්- 

(අ) මේ පනත යටතේ, නියෝජිතායතනයක්, මණ්ඩලයක් හෝ වෙනත් ආයතනයක් විසින් සද්භාවයෙන් සිදු කරනු ලබන, සිදු කිරීමට අරමුණු කරන යම් ක්‍රියාවක් වෙනුවෙන් එකී නියෝජිතායතනයට, මණ්ඩලයට හෝ වෙනත් ආයතනයකට එරෙහිව; හෝ

(ආ) අවස්ථාවෝචිත පරිදි, මෙම පනත යටතේ හෝ එය මගින් හෝ ඒ යටතේ පිහිටුවනු ලබන යම් නියෝජිතායතනයක, මණ්ඩලයක හෝ වෙනත් ආයතනයක විධානයක් මත එකී නියෝජිතායතනයේ, මණ්ඩලයේ හෝ වෙනත් ආයතනයක සාමාජිකයකු, නිලධරයකු හෝ සේවකයකු හෝ අනුයෝජිතයකු සද්භාවයෙන් සිදු කරනු ලබන හෝ සිදු කිරීමට අරමුණු කරනු ලබන යම් ක්‍රියාවක් වෙනුවෙන් එකී නියෝජිතායතනයේ, මණ්ඩලයේ හෝ වෙනත් ආයතනයේ එකී සාමාජිකයාට, නිලධරයාට, සේවකයකුට හෝ අනුයෝජිතයකුට එරෙහිව, පවරනු නොලැබිය යුතු ය.’ 

යනුවෙන් එහි සඳහන්. රනිල්, තමනුත් නීතියේ මුක්තිය අතට ගන්න ගමන්, මේ පනත යටතේ හදන ප්‍රතිපත්ති කමිටුවට, සංවර්ධන නියෝජිතායතනයට, ග්‍රාමීය නවීකරණ මණ්ඩලයට හා කලාප මණ්ඩල 05ට ඇතුළත් කරන තම ගෝලයින්ටත් ඉහත ආකාරයට නඩු නොපැවරීමේ බලය ලබා දෙනවා.

“වසර තුනෙන් රටම ඉවරයි”

මේ පනත 2017,2018 හා 2019 යන වසර 03ට අදාළවයි ගෙන එන්නේ. 2020ට පළමුව තමන්ට 2002-2004 මාර්තු කාලය තුළ සපුරා ගන්න බැරි වුණු ‘යළි පුබුදමු ශ්‍රී ලංකා“ ඉලක්කය සපුරා ගන්නයි මේ හදන්නේ. තමන්ට බලයට එන්න උදව් කරපු බටහිර හම්පුතුන්ට මේ රටේ සම්පත් සිත් සේ කොල්ල කෑමට ඉඩ හදා දීමටයි, ජනපතිගේ බලතලත් අබිබවා යන බලයක් තමන් අතට ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වෙන්නේ. තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදයක් දෙන්න, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ආපු ආණ්ඩුවක් මේ වගේ ඒකාධිපති බලයක් සහිත අමාත්‍ය ධුරයක් හදා ගැනීම මොන තරම් විකාරරූපී ද?

“හෙට රටේ සුපිරි බලය ලැබෙන්නේ බටලන්දේ වදකයාටයි”

අනෙක් පැත්තෙන් ‘මේ සුපිරි බලය ලැබෙන්නේ කාටද?’ කියා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාව කල්පනාකර බැලිය යුතුයි. පරපීඩක කාමයෙන් යුතු, බටලන්දේ වදකාගාරයේ කාමරයක සිට, එහි වද වේදනා වින්ඳ පිරිසගේ අඳෝනාවන් අසා සිත් සේ සතුටු වුණු අයකුටයි මේ සුපිරි බලය ලැබෙන්නේ. තමන්ගේ රට, ජාතිය, ශිෂ්ටාචාරගත උරුමයන් ගැන කිසිදු හැඟීමක් නැති අයකු බව ඔප්පු කළ කෙනෙකුටයි මේ සුපිරි බලය ලැබෙන්නේ.

මෙවැනි සුපිරි බලයක් සහිත පාලකයකු ප්‍රජාතන්ත්‍රවාදී රටක දැක ගැනීමට ලැබෙන්නේ නැහැ. හමුදා කුමන්ත්‍රණයකින් බලයට පැමිණි ජුන්ටාවක්, තම බලය රැක ගැනීමට එම රටේ එතෙක් පැවැති සියලු නීති තමන්ට පවරා ගන්නවා වගෙයි මෙතැනදී රනිල් වික්‍රමසිංහ කටයුතුකර ඇත්තේ. මේ කටයුත්තට එරෙහිව ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යෑමට අපි ජාතික නිදහස් පෙරමුණ ලෙස කටයුතු කරනවා.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගමැතිවරයාට සුපිරි බලයක් හිමිවන පනත ගැන හෙළිදරව්වක්!
අගමැතිවරයාට සුපිරි බලයක් හිමිවන පනත ගැන හෙළිදරව්වක්!
http://ift.tt/2gH0X1A
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_725.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_725.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy