බාල පොප්ලින් රෙදිත් වර්ණවත් ඇදුමකට පෙරලපු ගවුම් පොඩියක් අන්දවා අඩම්බරෙන් හිනැහුණ් අම්මා අදත් එහෙමයි දරැ මුණුපුරොත් සරසපු....... ...
බාල පොප්ලින් රෙදිත්
වර්ණවත් ඇදුමකට පෙරලපු
ගවුම් පොඩියක් අන්දවා
අඩම්බරෙන් හිනැහුණ්
අම්මා අදත් එහෙමයි
දරැ මුණුපුරොත් සරසපු.......
තෙල් ඇබින්දක් දමා
කෙහෙ අවුල් ගැට පීරපු
කරල් දෙකකට ගොතා
මල් කට්ටකින් සරසපු
අම්මා අදත් එහෙමයි
හිසම පිරිමැද සනසපු..........
අල්මාරියේ අස්සක
කාටත් හොරෙන් හංගපු
රැපියල් පහක් දහයක්
මගෙ අතේ මිට මොලවපු
අම්මා අදත් එහෙමයි
පිළිවෙත් තවම නොකඩපු.......
ආදරේ අස්වනු බර
අම්මෙක් අතින් වපුරපු
දරැ ලදින් හදුනාගෙන
තව තවත් බැතිබරවුනු
දරැවෙක් හිදියි ඔබවම
මතු මතුත්අම්මා වනු පැතු...........
COMMENTS