ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඥානානන්ද හිමියෝ මේ බව ප්‍රකාශ කළහ. වත්මන් ආණ්ඩුව නිදහ...
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඥානානන්ද හිමියෝ මේ බව ප්‍රකාශ කළහ.
වත්මන් ආණ්ඩුව නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයත් බුල්ඩෝසර් කරමින් සමාගම්වල අවශ්‍යතා අනුව කටයුතු කරන නිසා රටේ නම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාගම්වාදී ජනරජය යනුවෙන් වෙනස් කරගත යුතු බව ද රැකියා විරහිත උපාධිධාරී සංගමය පෙන්වා දෙයි.
සියලු විශ්වවිද්‍යාලවල පුරප්පාඩු විශාල ප්‍රමාණයක් තිබුණද ඒ සඳහා බඳවාගැනීම් සිදුකිරීමට ආණ්ඩුවට වැඩපිළිවෙලක් නොමැති බවත් අලුතින් ආරම්භ කරන බව පැවසූ සබරගමුව සහ වයඹ වෛද්‍ය පීඨ ආරම්භ කිරීමට තවමත් ආණ්ඩුවට වැඩපිළිවෙලක් නොමැති බවත් තැන්නේ ඥානානන්ද හිමි පවසයි.
සංජීව මලවිආරච්චි
COMMENTS