රතන හිමි මේ බව ප්‍රකාශ කළේ කාබනික පොහොර භාවිතයෙන් වී වගාකළ ගොවීන්ගේ අස්වනු නෙළීමේ උත්සවයකට සහභාගි වෙමිනි. උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කළේ ...
රතන හිමි මේ බව ප්‍රකාශ කළේ කාබනික පොහොර භාවිතයෙන් වී වගාකළ ගොවීන්ගේ අස්වනු නෙළීමේ උත්සවයකට සහභාගි වෙමිනි. උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කළේ කාබනික පොහාර භාවිතය හේතුවෙන් වසරකට රුපියල් බිලියනයකට ආසන්න මුදල් ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි බවයි.
පකිස්ථානය, බංග්ලාදේශය වැනි රටවල් කෘෂිකාර්මික කටයුතු සඳහා ඔවුන්ගේ දේශීය ක්‍රමවේද හා කාබනික පොහොර භාවිතා කරන බවත් එවැනි දේශීය ක්‍රමවේද හඳුනා ගැනීමට අප ද සමත් වියයුතු බවත් උන්වහන්සේ පෙන්වා දෙනවා. ඒ සඳහා අවශ්‍ය මානව සම්පත් අවශ්‍ය ප්‍රමාණයට ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යංශය ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළයුතු බවත් රතන හිමි පවසයි.
මේ අතර රතන හිමි පාර්ලිමේන්තුවට තේරීපත්වූයේ ජාතික හෙළ උරුමයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් නිසා එම මන්ත්‍රීධූරයේ අයිතිය ජාතික හෙළ උරුමයට තිබෙන බැවින් රතන හිමි මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී එය පක්ෂයට ලබාදිය යුතු බව ජාතික හෙළ උරුමය පසුගියදා ප්‍රකාශ කළේය. එහෙත රතන හිමි පවසන්නේ තමන් රජයට සහයෝගය දක්වන බැවින් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.
COMMENTS