සාධාරණ සමාජයක් සඳහා වු ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු, අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ...
සාධාරණ සමාජයක් සඳහා වු ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු, අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය අවසන් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කර තිබේ.
ඒ අද (07) කොළඹ ජාතික රෝහල් අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා ඇතුළු 06 දෙනකුගෙන් යුත් කමිටුව පරීක්ෂණයේ වාර්තාව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුවය.
පොල්හේන්ගොඩ ඇලන්මැතිනියාරාමාධිපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකට අනුව මෙම පරික්ෂණ ඇරම්භ කරන ලදී.
COMMENTS