උසස් පෙළ විභාගය අවසන් වී නිවසට යමින් සිටි පාසැල් සිසුවියක් අම්පාර අධ්‍යාපන කාර්යාලය අසලදී පැහැරගෙන යෑමට උත්සහ කල පුද්ගලයෙක් එම අවස්ථාවේම ...
උසස් පෙළ විභාගය අවසන් වී නිවසට යමින් සිටි පාසැල් සිසුවියක් අම්පාර අධ්‍යාපන කාර්යාලය අසලදී පැහැරගෙන යෑමට උත්සහ කල පුද්ගලයෙක් එම අවස්ථාවේම අල්ලා ගැනීමට අම්පාර පොලිස් නිළධාරීන් සහ මාර්ගයේ ගමන්ගත් පුද්ගලයින් සමත්වී තිබේ.
ඊයේ (03) විභාගය නිමා කර අම්පාර බණ්ඩාරනායක බාලිකා විදුහල් විභාග ශාලාවෙන් පිටව නිවසට යෑම සදහා මෙම සිසුවිය ගමන් කරමින් සිටියදී ත්‍රී රෝද රථයකින් පැමිණි පිරිසක් ඇයව එක් වරම එම ත්‍රී රෝද රථයට දමාගෙන ඇත.
ඉන්පසු එම සිසුවිය ත්‍රී රෝද රථයෙන් බිමට පැන ඇති අතර එම අවස්ථාවේ මාර්ගයේ ගමන්ගත් පිරිසක් සහ අධ්‍යාපන කාර්යාලය අසල ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් එක්ව පාසැල් සිසුවිය බේරාගෙන පැහැර ගැනීමට පැමිණි පුද්ගලයා ද අල්ලා ගෙන තිබේ.
එම පොලිස් නිළධාරීන් විසින් සැකකරුව අම්පාර අපරාධ විමර්ශන ඒකකයට භාර දී ඇති අතර එහිදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු පැමිණි ත්‍රී රෝද රථය තුල තිබී ඇදූම් බෑගයක්, මදූරුවන්ට විදීමට ගන්නා දියර බෝතලයක්, කිණිස්සක්, කැමරා දූරකතන කිහිපයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ත්‍රී රෝද රථය පැදවු පුද්ගලයා සිද්ධිය සිදුවූ අවස්ථාවේ පලා ගොස් සිටි අතර පසුව අම්පාර, මිහිදූපුර ප්‍රදේශයේදී ඔහු ද අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුද මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින පුද්ගලයෙක් බව පොලීසිය සඳහන් කරයි.
පැහැර ගැනීමට සම්බන්ධ පුද්ගලයා සහ අදාළ සිසුවිය අතර ප්‍රේම සම්බන්ධතාවක් තිබී ඇති අතර එය අත්හැරිම නිසා මෙම සිසුවිය පැහැර ගැනිමට උත්සහ කල බව අත්අඩංගුවටගත් සැකකරු පොලිසියට පවසා තිබේ.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අම්පාර පොලීසිය විසින් සිදුකරයි.
අම්පාර - වසන්ත චන්ද්‍රපාල
COMMENTS