ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳව ජනතාව බලාපොරොත්තු නොවන ආකාරයේ 'දේශපාලන බෝම්බයක්' පත්තු කිරීමට බැසිල් රාජපක්ෂ මහතා සහ එක්සත් ජාත...
ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳව ජනතාව බලාපොරොත්තු නොවන ආකාරයේ 'දේශපාලන බෝම්බයක්' පත්තු කිරීමට බැසිල් රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමක් අතර රහස් සාකච්ජාවක් පවත්වා ඇතැයි රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25) මුදල් අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ඒ පිළිබඳව සියලු තොරතුරු ඉදිරියේදී අනාවරණය කරන බවත්, බැසිල් රාජපක්ෂ මහතා තමාගේ මෙම ප්‍රකාශය පිළිබඳව අභියෝග කරන්නේ නම් පැය 24ක් ඇතුළත සියල්ල හෙළිදරව් කිරීමට තමා සුදානම් බවත් කියාසිටියේය.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ මෙහෙයුමේ බැසිල් රාජපක්ෂ මහතා සිටින හෙයින් ඔහුට අවශ්‍ය පරිදි පළාත් පාලන මැතිවරණයේ යම් වෙනස්කම් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම පොරොන්දු වී ඇති බවද අමාත්‍යවරයා හෙළි කළේය.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන එස්.බී දිසානායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයන් කණ්ඩායමක්ද සහභාගී වී සිටියහ.
වීඩියෝව පහතින්.
COMMENTS