සාමාන්‍ය දුරකතන ඇමතුම්වලින් බැහැරවී අන්තර්ජාලය හරහා ඇමතීමට ජනතාව යොමුවීම අන්තර්ජාල බදු වැඩිකිරීමට හේතුවූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පව...
සාමාන්‍ය දුරකතන ඇමතුම්වලින් බැහැරවී අන්තර්ජාලය හරහා ඇමතීමට ජනතාව යොමුවීම අන්තර්ජාල බදු වැඩිකිරීමට හේතුවූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ ඊයේ (24) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.
එහෙත් එය එතරම් විශාල වැඩිවීමක් නොවන බවත් මෙමගින් ආණ්ඩුවට ආදායමක් අපේක්ෂා කරන බවත් ඒ අතර දුරකතන සමාගම්වලට ද ආදායමක් හිමිවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
“දුරකථන ආයතන අපිත් එක්ක කතා කරනකොට කිව්වා වොයිස් කෝල් වෙනුවට හුගක් වයිබර්, වට්සප් වගේ ඒවා භාවිතා වෙනවා කියලා, ඒක නිසා ආදායම අඩුවෙනවා කියලා, ඒ වෙනස වෙනින් රටවල තියෙනවා වගේ සම මට්ටම ගේන්න තමයි මේක කළේ“ යැයි අමාත්‍යවරයා පැවසීය.
නව බදු වැඩිවීමට අනුව සෑම රුපියල් 100ක දත්ත භාවිතය වෙනුවෙන් රුපියල් 50ක් වැනි මුදලක් ගෙවීමට සිදුවනවා නේදැයි මාධ්‍යවේදීන් විමසූවිට අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය වූයේ මීට පෙර ද ඊට ආසන්න මුදලක් බදු ලෙස අය කරගෙන තිබූ බවය.
රටේ සෑම ප්‍රදේශයක ම වෙසෙන අයට දැරිය හැකි මිලකට ආරක්ෂිත අන්තර්ජාල පහසුකම් සැපයීම අරමුණ බව මීට මසකට පෙර ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ඩිජිටල් ආර්ථිකයක් කරා රට ගෙන යාම සිය අරමුණ බව පෙන්වා දෙමිනි. එහෙත් අන්තර්ජාල බදු වැඩිකිරීම අගමැතිවරයාගේ ප්‍රතිපත්තියට බාධාවක් නොවේදැයි විමසූවිට මුදල් අමාත්‍යවරයා පැවසුවේ එම කරුණු දෙක අතර සම්බන්ධයක් නැති බවය.
නොමිලේ වයිෆයි සැපයීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මකවන බවත් සමාජ ජාලයන්හි සැරිසරන්නන්ට පමණක් නොව අධ්‍යපනය ලබන ශිෂ්‍යයින්ට ද ඉදිරියේදී අන්තර්ජාලය සහනදායී ලෙස සැපයීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
එම වීඩියෝව පහතින් නරඹන්න
COMMENTS