එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් මෑතකදී නිකුත් කරන ලද වාර්තාවේ නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධ කර තිබෙන ප්‍රකාශය පිළිබඳව ...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් මෑතකදී නිකුත් කරන ලද වාර්තාවේ නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධ කර තිබෙන ප්‍රකාශය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ හමුවූ නීතිපති පාරින්ද රණසිංහ සිය අප්‍රසාදය පළ කර තිබේ.
මෙම සතියේ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජතයා සමඟ පැවති සාකච්ඡාවකදී නීතිපතිවරයා වාර්තාවේ අන්තර්ගතය ප්‍රතික්ෂේප කර ඇත. එම වාර්තාවේ ඉදිරිපත් කර ඇති කරණා සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ගත් ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රතිචාරයක් ලබන සතියේ ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 60 වන සැසිවාරයේදී ඉදිරිපත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයට යොමු කර ඇතැයි නීතිපතිවරයා නේවාසික නියෝජිතවරයාට දන්වා තිබේ.
එය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වොල්කර් ටර්ක්ගේ වාර්තාවේ අඩංගු නිරීක්ෂණ සඳහා සමස්ත රජයේ ප්‍රතිචාරයේ කොටසක් වනු ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
මේ අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව ස්වාධීන නඩු පවරන කාර්යාලයක් පිහිටුවීම සඳහා රජයට ඇති කැපවීම අනුගමනය කිරීමට දිරිගන්වන බවත් රටේ අධිකරණ පද්ධතිය මුහුණ දෙන අඛණ්ඩ අභියෝග වාර්තාවේ සටහන් කර ඇති නමුත් නීතිපති (AG) පිළිබඳව කිසිදු මතයක් ඉදිරිපත් කර නැති බවත් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ සන්ඩේ ටයිම්ස් වෙත පවසා තිබේ.
මානව හිමිකම් කොමසාරිස් වොල්කර් ටර්ක් මේ වසරේ ජුනි මාසයේ ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී නීතිපති පාරින්ද රණසිංහ හමුවිය.
-lankasara
COMMENTS